වාහනයක් නිවැරදිව overtake කරන්නේ කොහොමද?

පාරේ වාහනයක් drive කරනකොට අපිට එකම වේගයෙන් එකම විදියට වාහනය drive කරන්න නම් ටිකක් අමාරුයි. විශේෂයෙන්ම නගරාසන්න මාර්ග වලදී. අපිට ඉදිරියෙන් යන වාහනය ගොඩක් හිමින් යනවා නම් එහෙමත් නැත්නම් අපිට ටිකක් හදිසි ගමනක් යන්න තියෙනවා නම් overtake කිරීමක් සිදු කරන්න වෙනවා. ඉතින් MotorGuide තුළින් අපි ඔබට කියන්නේ කොහොමද වාහනයක් හරියටම overtake කරන්නේ කියලා.
ක්‍රියාමාර්ග තුනක්
සාමාන්‍යයෙන් අපි වාහනයක් overtake කරනකොට නීතිගරුක රියදුරෙක් වශයෙන් අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ග තුනක් තියෙනවා.
- නිරීක්ෂණය
- තීරණය
- ක්‍රියා කිරීම
මේ ක්‍රියාමාර්ග තුන නිවැරදිව සිදු කරනවා නම් අපිට රිය අනතුරු වලින් තොරව overtake කරන්න හැකියාව තියෙනවා.
හරියට overtake කරමු
මුලින්ම අපි හොඳ නිරීක්ෂණයක් එහෙමත් නැත්නම් පැහැදිලි දර්ශනයක් ලබා ගන්න ඕනේ. එතකොට අපිට හරියටම තීරණය කරන්න පුලුවන් වාහනය overtake කරන්න සුදුසු ස්ථානයක්ද අපි ඉන්නේ කියලා. වාහනයක් overtake කිරීමේදී අපි වාහනය දකුණු පසට ගන්න ඕනේ. එහිදී මුලින්ම දකුණු පස කණ්ණාඩියෙන් පිටුපස වාහන වලින් තොරයිද කියල බලන්න ඕනේ. ඊට පස්සේ පිටුපසින් එන වාහන දැනුවත් කිරීම සඳහා දකුණු පස signal එක දාන්න ඕනේ. දැන් අපිට පුලුවන් වැඩි වේගයකින් අදාළ වාහනය overtake කරන්න පුලුවන්. Overtake කළාට පස්සේ නැවත වරක් signal දාලා තමයි වාහනය තමන් පෙර සිටි වම් පස තීරුවට ගන්න ඕනේ.
Overtake කළ නොහැකි අවස්ථා
- කඳු මුදුනකදී
- බෑවුම් සහිත ප්‍රදේශයකදී
- වංගු සහිත මාර්ගයකදී
- ඉදිරියෙන් කහ ඉර ඇති විට
- සුදු ඉර සහ ඩබල් ඉර ඇති විට
- පටු පාරවල් වලදී
- පාලම් වලදී
මේ විදියට තමයි අනතුරු අවම වන විදියට වාහනයක් නිවැරදිව overtake කරන්නේ. ඔබත් වාහනයක් overtake කරන කොට MotorGuide අපි කිව්ව පියවර අනුගමනය කරනවා නම් ආරක්ෂාකාරී ලෙස ඔබගේ ගමනාන්තය කරා ලඟා වෙන්න පුලුවන්.







































