වාහනය drive කරනකොට නිදිමත එනවා නම් මේ දේවල් try කරන්න

time
මිනිත්තු 4 කියවීම
feature image

කොච්චර නිදාගත්තත් නිදිමතද? ඇත්තටම නිදිමත කියන්නේ සාමාන්‍ය දෙයක්. මොකද අපි වෙහෙස මහන්සි වෙලා වැඩ කරනකොට, සිරුරට අවශ්‍ය කරන විවේකය ලැබුණේ නැති වුණාම ඒක නිදිමත විදිහට තමයි එළියට පිට වෙන්නේ. හැබැයි වාහනයක් drive කරනකොටත් ඔයාට නිතරම නිදිමත එනවා නම් ඒක ටිකක් භයානක දෙයක්. මොකද ඒ එන නිදිමත ඔයාට වගේම පාරේ ගමන් කරන පුද්ගලයින්ටත් ගොඩක් අනතුරුදායකයි. ඇත්තටම මාර්ග අනතුරු ඇතිවීම සඳහා මූලිකවම බලපාන්නේ මේ විදිහට ස්වභාවිකව ඇතිවන සාමාන්‍ය නිදිමත නෙවෙයි ක්ෂනිකව ඇතිවන ක්ෂුද්‍ර නිදිමත, එහෙමත් නැත්නම් කෙටි නිදිමතයි. (Micro - Sleepiness)

පර්යේෂණ වලට අනුව ලොව සිදුවන සෑම මාරක රිය අනතුරු 4 කින්ම එකක් සිදුවන්නේ නිදිමත නිසා. ඉතින් ඒ නිසා MotorGuide අපි අද හිතුවා වාහනය drive කරනකොට නිදිමත එනවා නම්, ඒ නිදිමත නැති කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ඔයාට කියලා දෙන්න.

අනතුර සිදු වෙන්නේ කොහොමද?

කෙටි නිදිමත කියන්නේ දවසේ ඕනෑම වේලාවක, ඕනෑම තැනකදී තත්පරයකින් කොටසක කාලයක සිට තත්පර 30ක උපරිම කාල සීමාවක් සඳහා ක්ෂණිකව ඇති විය හැකි ඉතා අනතුරුදායක තත්ත්වයක්. ඒකට හේතුව තමයි මේ කෙටි කාලය තුළ අපගේ සංවේදන ප්‍රතිග්‍රාහක මගින් සංවේදන ලබාගැනීමත්, මොළය මගින් එම තොරතුරු නිසිආකාරව සම්බන්ධීකරණය කිරීමත් මන්දගාමී වීම නිසා අවසානයේ එකවර ගැස්සීමකින් යුක්තව සහ සිහිමඳ ගතියකින් මෙන් (Unconscious stage) ක්ෂණිකව ප්‍රකෘති තත්ත්වයට පත් වීම සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට වාහනය පාලනය කිරීම සුළු කාලසීමාවක් සඳහා රියැදුරුගෙන් ගිලිහෙන අතරම අවසානයේ ක්ෂණිකව ප්‍රකෘති තත්ත්වයට පත්වීමත් සමඟම (Dizziness) කලබලයට පත්වීම හේතුවෙන් වාහන අනතුරු සිදු වෙන්න පුළුවන්.

ක්ෂණික නිදිමත ඇතිවීමට හේතු

ජෛවවිද්‍යාත්මක බලපෑම

ක්ෂණික නිදිමත ඇතිවීමට ප්‍රධාන හේතුවක් තමයි ජෛවවිද්‍යාත්මකව සිරුරෙන් ඇති කරන බලපෑම. මේ සඳහා මෙලටොනින්, සෙරටොනීන් වැනි හෝමෝන ක්‍රියාකාරිත්වය බලපානවා. මෙලටොනීන් හෝමෝනය රාත්‍රී කාලයේදී බහුලව ශ්‍රාවය වන අතර එමගින් නිදිමත ඇතිවීම උත්තේජනය කරනවා.

ඒ වගේම ප්‍රමාණවත් නින්දක් නොලැබීම, ඇතැම් ඖෂධ භාවිතය කායික හෝ මානසික ලෙඩ රෝගද මෙයට හේතු වෙනවා.

ආහාර පුරුදු සහ ආහාර රටාවන්

ක්ෂණික නිදිමත ඇතිවීමට තවත් හේතුවක් තමයි ආහාර පුරුදු සහ ආහාර රටාවන්. වාර්තා වලට අනුව වඩාත් සුලබව මාරක රිය අනතුරු වාර්තා වන්නේ දිවා ආහාරයෙන් පසු, එනම් පස්වරු 1ත් 4ත් අතර කාලයේයි. වැඩි කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් සහිත විශාල ආහාර ප්‍රමාණයක් ලබාගැනීමට රියැදුරන් පුරුදුවීම නිසා එම කාලය තුළ ආහාර ජීරණ ක්‍රියාවලියට ප්‍රමුඛ ස්ථානය දෙමින් සිරුරේ ක්‍රියාවලි සිදුවීමේන් මෙම බලපෑම ඇතිවන බව නිගමනය කරන්න පුළුවන්.

එසේම අන්නාසි, කෙසෙල්, දොඩම් වැනි පලතුරු වර්ග ආහාරයට ගැනීමෙන් මෙලටොනීන් නිපදවීම උත්තේජනය වන නිසා එවැනි ආහාර පරිභෝජනයද වාහනයක් පැදවීමේදී සිදු නොකළ යුතුයි.

පාරසරික තත්වය

ඒ වගේම ආලෝකය, ශබ්දය, උෂ්ණත්වය, කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය, වාහන තුළ පවතින ඉහළ වාෂ්පශීලී ගුණ ඇති කාබනික සංයෝග (Volatile Organic Compounds) වැනි පාරිසරික සාධක හේතුවෙන් කෙටි නිදිමත ඇතිවීම උත්ප්‍රේරණය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වාහන තුළ උෂ්ණත්වය ඉහළ යනවිට සහ වැඩි කාලයක් ගමන් කරන විට කාබන්ඩයොක්සයිඩ් අගය විශාල වශයෙන් ඉහළ යෑම මෙලෙස නිදිමත ඇතිවීමට හේතුවක් ලෙස පර්යේෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

ඒ විතරක් නෙවෙයි වාහනය ඇතුළේ රතු ආලෝකය භාවිතයද සුදුසු වෙන්නේ නැහැ.

ක්ෂණික නිදිමත වළක්වා ගන්නා ක්‍රම

සාමාන්‍ය ආහාර වේලක් ලබා ගන්න

දිගු වේලාවක් වාහන පැදවීමට බලාපොරොත්තු වන්නේ නම් සාමාන්‍ය ආහාර වේලක් ලබාගැනීම වඩාත් උචිත වෙනවා. එම ආහාර වේල අඩු කැලරි අගයකින් සමන්විත වෙන්න ඕනේ. විශේෂයෙන්ම අන්නාසි, කෙසෙල්, දොඩම් වැනි පලතුරු වර්ග ආහාරයට ගැනීමෙන් මෙලටොනීන් නිපදවීම උත්තේජනය වන නිසා එවැනි ආහාර පරිභෝජනය සිදු නොකළ යුතුයි.

අවට වටපිටාව ගැන හිතන්න

වාහන තුළ සහ පිටත විවිධ වර්ගයේ වර්ණ නිපදවෙන විදුලි බුබුළු සහ සැරසිලි ශ්‍රී ලංකාවේ ඉතාම ජනප්‍රිය අංගයක් බවට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. ඒ අතරින් මගී ප්‍රවාහන බස් රථ තුළ ඇති අධික ශබ්ද නිපදවන ශබ්දවාහිනී සහ විදුලි බුබුළු මගීන්ට මෙන්ම රියැදුරාගේ කාර්යක්ෂමතාව කෙරෙහිද විශාල බලපෑමක් ඇති කරනවා.

රතු වර්ණය එපා

නිල් සහ සුදු වැනි වර්ණ මගින් මෙලටොනීන් ශ්‍රාවය මන්දනය කරන නමුත් රතු ආශ්‍රිත වර්ණ මහින් මෙලටොනින් ස්‍රාවය වීම කෙරෙහි උත්තේජනයන් සැපයීම හේතුවෙන් රතු වර්ණ සහ රතු ආලෝකය රියැදුරාට නිදිමත ඇතිවීම කෙරෙහි බලපෑම් ඇතිකරනවා. ඒ නිසා එවැනි වර්ණ හෝ බල්බ භාවිතය සුදුසු වෙන්නේ නැහැ.

වීදුරු විවෘත කරන්න

වාහන තුළ කාබන්ඩයොක්සයිඩ් හෝ වාෂ්පශීලී කාබනික සංයෝග එක්රැස් වීම මගින් වන බලපෑම අවම කිරීම සඳහා වාහන අධික ලෙස රත්වී ඇතිවිට වීදුරු විවෘත කර තබා තරමක් සිසිල් වූ පසුව වායු සමීකරණය භාවිතය සහ දුර ගමන් වලදී පිරිසිදු වාතය ඇති ස්ථානවල වාතය පිටතින් ගන්නා ආකාරයට වායුසමීකරණය භාවිතා කරන්න.

කෙටි නින්දක් ලබා ගන්න

වාහන පදවන අතරතුර කිහිපවිටක් ක්ෂණික නිදිමත ඇතිවෙමින් පවතින අවස්ථා වල, එනම් ක්ෂණිකව ඇස් පියවී අවධානයෙන් තොර වී හිස පහළට යොමු වී නැවත ක්ෂණිකව පියවි සිහියට එලඹීම තව දුරටත් අඛණ්ඩව රිය ධාවනය අනතුරුදායක බැවින් වහාම කෙටි නින්දක් ලබා ගන්න.

වෛද්‍ය උපදෙස් ගන්න

ඔයාට අධික ලෙස විඩාව පවතී නම් හෝ ඖෂධ භාවිතා කරයි නම් වෛද්‍යවරයාගෙන් ඒ පිළිබඳව විමසීමෙන් නිදිමත ඇතිවීම කෙරෙහි බලපෑමක් නොමැති බව තහවුරු කරගැනීමෙන් පසුව වාහන ධාවනයට යොමුවීමෙන් මගින් මෙම අනතුරු වළක්වා ගන්න පුළුවන්.

මේ දේවල් කරන්න එපා

  • නින්දට යාමට පෙර ජංගම දුරකථන, රූපවාහිනී වැනි දෑ නැරඹීම
  • නිල් පැහැ විදුලි අලෝකය භාවිත කිරීම
  • රිය පැදවීමට පෙර මත්ද්‍රව්‍ය පානය කිරීම
  • විෂ මත්ද්‍රව්‍ය භාවිතය
  • ශබ්දවාහිනී යන්ත්‍ර භාවිතය
  • විවිධ වර්ණ සහිත ආලෝකය භාවිතය
  • බුලත් විට, ජලය, කෝපි හෝ තේ වැනි ආහාර අධික භාවිතය

ඉතින් මේ විදිහට තමයි වාහනයක් drive කරන විට එන නිදිමත වළක්වා ගන්නේ. ඔයා මතක තියාගන්න ඕනේ දෙයක් තමයි කිසිම අවස්ථාවක නිදිමත තිබෙනවා නම් වාහනය drive නොකර ඉන්න එක. මොකද ඒක ඔයාට වගේම පාරේ ගමන් කරන පුද්ගලයන්ගේ ආරක්ෂාවටත් ගොඩක් හොඳයි.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!