රියදුරු පාසලකින් නොලැබෙන අතිශය වැදගත් Driving Tips

time
මිනිත්තු 3 කියවීම
feature image

ගැහැණු පිරිමි භේදයක් නැතුව අපි හැමෝගෙම හීනයක් තමයි අවුරුදු 18 සම්පූර්ණ වුණ ගමන් ලයිසන් එක ගන්න එක. ලයිසන් එක ගන්න ගොඩක් දෙනෙක් ලර්නස් යනවා. හැබැයි learners එකකින් කියලා දෙන්නේ මාර්ග නීති වලට අනුව හරියට වාහනයක් drive කරන විදිය ගැන විතරයි. ඔවුන් ඔවුන්ට අදාළ පරාසය පමණයි ඉගැන්වීම් කරන්නේ. අද MotorGuide තුළින් අපි කතා කරන්නේ කොහොමද නිත්‍යානුකුලව වගේම පහසුවෙන් හරියටම වාහනයක් drive කරන්නේ කියලා. කෙටියෙන්ම කිව්වොත් රියදුරු පාසලකින් නොලැබෙන අතිශය වැදගත් driving tips ගැන තමයි අපි කියන්න හදන්නේ.

හරියට ඉඳගන්න

වාහනයක් හරියට drive කරන්න නම් අපි මුලින්ම comfortable විදියට ඉඳගන්න ඕනේ. ගොඩක් අයට හිතෙන්න පුලුවන් driving skill එක තියෙනවා නම් වෙන මුකුත් ඕනේ නැහැ කියලා. ඇත්තටම ඒක වැරදියි. මොකද ඔයාට පහසු ඉරියව්වකින් ඉඳගත්තේ නැත්නම් ටික වෙලාවක් drive කරද්දී හිරි වැටීම්, රිදීම් වගේ දේවල් ඇති වෙන්න පුලුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම වාහනයක් drive කරද්දී ඔයාට පහසු විදියට seat එකේ ඉඳගන්න.

දනිස්ස සහ ඉණ

දැන් කියන්න හදන්නේ driving කරන ගොඩක් දෙනා දන්නේ නැති tip එකක් ගැන. ඒ තමයි දනිස්ස සහ ඉණ එකම level එකක තබා ගැනීම. ආරක්ෂාකාරී සහ පහසු ගමනකට මේ ඉරියව්ව ගොඩක් වැදගත් වෙනවා. ඔයා seat එකේ ඉඳගත්තම දණහිස ඉණ මට්ටමට එන්නේ නැත්නම් seat එකේ height එක වෙනස් කරලා level එක හදාගන්න. එහෙමත් නැත්නම් ඔයා ටිකක් මිටි කෙනෙක් නම් seat එක උඩින් පොඩි කුෂන් එකක් තියාගෙන level එක හදාගන්න.

හරි විදියට steering wheel එක අල්ලන්න

 width=

දැන් අපි බලමු කොහොමද steering wheel එක අල්ලන්නේ කියලා. ගොඩක් දෙනෙක් steering wheel එක තනි කෙලින් අත් දෙක සම්පූර්ණයෙන්ම දිග ඇරලා අල්ලනවා. මේක ඇත්තටම එච්චර සුදුසු ක්‍රමයක් නම් නෙමෙයි වාහනයක් drive කරන්න. මොකද මේ විදියට තනි කෙලින් අත දිග ඇරගෙන drive කළොත් අනතුරක් සිදු වුණාම අපිට වෙන්න තියෙන හානිය ගොඩක් වැඩියි. ඒ නිසා අත නමලා පොඩි angle එකකින් steering wheel එක අල්ලන්න පුරුදු වෙන්න.

තනි අතින් එපා

අපි ගොඩක් දෙනෙක් නිදහසේ වාහනය drive කරනකොට කරන දෙයක් තමයි steering wheel එක තනි අතින් අල්ලන්න එක. ඔයා driving වලට expert කෙනෙක් වෙන්න පුලුවන් හැබැයි තනි අතින් drive කරන එක ඔයාට වගේම මාර්ගයේ ගමන් කරන අනිත් අයටත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ විදියට තනි අතින් drive කරන එක අනතුරු ඇති වෙන්න වගේම drive කරන ඔයාගේ සෞඛ්‍ය තත්වයට හානි වෙන්නත් ලොකු හේතුවක් වෙන්න පුලුවන්.

Seat Belt එක

 width=

වාහනයක් drive කරනකොට අනිවාර්යෙන්ම අපි seat belt එක හරියටම දාන්න ඕනේ. මොකද ගොඩක් අනතුරු වලින් ජිවිතය ආරක්ෂා කරන්න seat belt එකට පුලුවන්. Seat belt එකක් දානකොට top strap එක අපේ පපුව හරහා තමයි යන්න ඕනේ. ඒ වගේම තමයි lower strap එක ඉන හරහා යන්න ඕනේ. මේ විදියට තමයි ආරක්‍ෂිත ගමනකට seat belt එක දාන්න ඕනේ.

මේ තමයි රියදුරු පාසලකින් නොලැබෙන අතිශය වැදගත් driving tips කීපයක්. මේ දේවල් සමහර කෙනෙක්ට පොඩි දෙයක් වෙන්න පුලුවන්. හැබැයි අලුතෙන් වාහනයක් drive කරන කෙනෙක්ට එහෙමත් නැත්නම් වාහනයක් drive කරන්න ඉන්න කෙනෙක්ට ගොඩක් වැදගත් tips තමයි අද අපි කියල දුන්නේ. එහෙනම් ඔයත් අදින් පස්සේ වාහනය drive කරද්දී මේ tips follow කරන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    Stop start system එක off කරන එක හොදයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

  • Toyota RAV4 2.5L Petrol 2026

    SUV

    රු 48M - 50M

  • Toyota RAV4 2.5 Hybrid AWD 2026

    Compact SUV

    රු 420M - 50M

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!