ජීවිතය බේරන child lock ගැන දැනගමු

time
මිනිත්තු 2 කියවීම
feature image

අපි වාහනයක් ගන්නේ අපේ වැඩකටයුතු පහසු කරගන්න. හැබැයි මෙතනදී පහසුව වගේම ආරක්ෂාව ගැනත් අපි හිතන්නම ඕනේ. අද වෙනකොට කාන්තා පිරිමි භේදයක් නැතුව හැමෝම වාහන drive කරනවා. ඉතින් ගොඩක් අවස්ථා වලදී වැඩිහිටියන් car එකේ ඉස්සරහ යනකොට, පොඩි ළමයි තනියම වාහනයේ පිටුපස තමයි ගමන් කරන්නේ. සමහර අවස්ථා වලදී මේක ගොඩක් අනතුරුදායක වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි වාහන වලට child lock කියලා system එකක් ඇවිත් තියෙන්නේ. මේක ගැන දැනුවත් වුණත් ගොඩක් දෙනා මේ ගැන ලොකු අවධානයක් දෙන්නේ නැහැ. ඉතින් MotorGuide අපි හිතුවා ජීවිතය බේරන child lock ගැන ඔබව දැනුවත් කරන්න.

Child lock කියන්නේ මොකක්ද?

ඔබ අලුත උපන් දරුවෙකු රැකබලා ගන්නා දෙමාපියන් නම්, ඔබට තවමත් ඔබේ මෝටර් රථයේ child lock එක භාවිත කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔබේ දරුවා ටිකෙන් ටික වයසින් වැඩෙන විට child lock එකේ අවශ්‍යතාවය හොඳින් දැනෙන්න පටන් ගන්නවා.

මොකද කුඩා ළමුන් හරිම ක්‍රියාශීලියි. විශේෂයෙන් ඔවුන් මෝටර් රථයක වාඩි වී සිටින විට, අවට වටපිටාව ගවේෂණය කිරීමට ලොකු කැමැත්තක් දක්වනවා. ඒ වගේම පුංචි ළමයි හැම දෙයක්ම ස්පර්ශ කරලා බලන්න කැමතියි.

ඒ වගේ අවස්ථාවක වාහනයේ දොර වැරදීමකින් විවිර වුණොත් ලොකු අනතුරක් සිදු වෙන්න පුළුවන්. ඒ අනතුරු වළක්වන්න තමයි child lock තියෙන්නේ. මේ child lock සක්‍රිය කර ඇති විට, පසුපස ආසන මගීන්ට ඇතුළත සිට දොරවල් විවෘත කිරීමේ හැකියාවක් නැහැ.

මෝටර් රථවල child lock එක වැඩ කරන්නේ කොහොමද?

Child lock එක සක්‍රිය කරන ආකාරය ඔබේ මෝටර් රථයේ නිෂ්පාදනය සහ ආකෘතිය අනුව තරමක් වෙනස් වෙනවා. නමුත් සාමාන්‍යයෙන්, එය වාහනයේ පසුපස දොරවල් විවෘත කර දොරේ edge එකේ පොඩි switch එකක් විදිහට අපිට බලාගන්න පුළුවන්. ගොඩක් models වල මේ lock එක switch එකකින් operate කරන්න පුළුවන් වුණත් සමහර models වල විතරක් මේකට යතුරක් අවශ්‍ය වෙනවා.

අලුත්ම වාහන models වල child lock එක ඉලෙක්ට්‍රොනිකව සක්‍රිය කරන්න පුළුවන්. මෙම switch එක door control එකේ, dashboard එකේ හෝ steering wheel එකේ තියෙන්න පුළුවන්. ඔබේ මෝටර් රථයේ child lock එක activate කරන්නේ කොහොමද කියලා හරියටම දැනගන්න owners manual එකෙන් පුළුවන්.

Child lock භාවිතා නොකිරීම නීති විරෝධීද?

තවමත් මේ වන විට මෝටර් රථවල child lock දැමීම සම්බන්ධයෙන් නීති නොමැත. මෝටර් රථවල child lock තිබීම අනිවාර්ය බවවත්, ඒවා භාවිතා කළ යුතු යැයි නීතියෙන් සඳහන් කර නැහැ. නමුත් දරුවාගේ ආරක්ෂාවට සහ නිදහස් මනසින් වාහනය drive කිරීමට ඔබට child look එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

ඉතින් මේක තමයි child lock එකේ කතාව. ඔබටත් කුඩා දරුවෙක් ඉන්නවද? දරුවාව මින් පසු තනිවම car එකේ පිටුපස අසුනේ රැගෙන යනවා නම් child lock එක භාවිතා කරන්න අමතක කරන්න එපා. ඒක ඔබට වගේම දරුවාගේ ආරක්ෂාවටත් හොඳ දෙයක්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!