නිවැරදිව මාර්ගය හරහා යන්න ඉගෙනගමු

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක් නිවැරදිව drive කරන්න දන්නේ නැති අයත් මේ කාලේ වාහන drive කරනවා. මේ හේතුව නිසා දිනපතා මාර්ග අනතුරු සුලභ වශයෙන් සිදු වෙනවා. ඔයා නිවැරදිව මාර්ගය හරහා වාහනයක් drive කරන්න දන්නවද? අද MotorGuide තුළින් අපි කියන්නේ නිවැරදිව මාර්ගය හරහා වාහනයක් drive කරන්නේ කොහොමද කියලා.

වාහනයක් පාරට දාන්න කලින් දැනගන්න ඕනේ දේවල්

අපි වාහනයක් පාරට දාන්න කලින් වාහනය පරික්ෂා කරන්න ඕනේ. වාහනය ගැන සැළකිලිමත් වෙන්නේ නැතුව වාහනයක් drive කළොත් මාර්ග අනතුරු වැඩි වශයෙන් සිදු වෙනවා. එහෙම නැතුව වාහනය පරික්ෂා කරලා වාහනය drive කළොත් මාර්ග අනතුරු අඩු කරගන්න අපිට පුළුවන්.

ඒ අනුව ඔයා වාහන පාරට දාන්න කළින්,

  • වාහනයේ ටයර් පරීක්ෂා කරන්න
  • වාහනයේ oil පරික්ෂා කරන්න
  • වාහනයේ සියලුම ආලෝකයන් සහ සංඥා ක්‍රියා කරන බව පරික්ෂා කරන්න
  • වාහනයේ බැටරිය පරීක්ෂා කරන්න

අමතක කරන්න එපා.

අතුරු මාර්ගයෙන් ප්‍රධාන මාර්ගයට

ඔයත් අතුරු මාර්ගයක වාහනය drive කරලා ප්‍රධාන මාර්ගයට වාහනය එකපාරටම දානවද? මේ දේ නම් කරන්න එපා. මොකද වාහනයක් අතුරු මාර්ගයේ ඉදලා ප්‍රධාන මාර්ගයට දාද්දී අනුගමනය කරන්න ඕනේ පියවරක් තියෙනවා. අපි දැන් බලමු ඒ මොනවද කියලා.

අතුරු මාර්ගයක සිට දකුණු පැත්තට

අතුරු මාර්ගය ආරම්භක ස්ථානයේ ඇති "නවතිනු රේඛාව" ළඟින් අපි වාහනය නවතා ගන්න ඕනේ. දකුණු පැත්ත signal light දාලා ඔයා වාහනය දකුණු පැත්තට හරවන බව අනෙක් රියදුරන්ට දන්වන්න ඕනේ. ඊට පස්සේ අපි දකුණු පැත්ත, වම් පැත්ත වගේම side mirror වලින් බලලා වාහන නැති වෙලාවට වාහනය පාරට දාන්න ඕනේ. අපි වාහනය වම් මංතීරුවට දාන්නේ නැහැ. අපි දකුණු පැත්තටයි වාහනය දාන්න ඕනේ. අපි එහෙම කරන්න ඕනේ පාරේ එන වාහන වලට ඉඩ ලබා දෙන්න ඕනේ නිසයි.

අතුරු මාර්ගයක සිට වම් පැත්තට

අපි දැන් බලමු අතුරු මාර්ගයක සිට වාහනයක් ප්‍රධාන මාර්ගයට දාන්නේ කොහොමද කියලා. මුලින්ම කරන්න ඕනේ වම් පැත්තේ signal light දාන එක. ඊට පස්සේ වාහනය නවතිනු රේඛාව ළඟ නවත්වන්න ඕනේ. ප්‍රධාන මාර්ගයේ වාහන නැති නම් අපි ක්‍රමානුකුලව වාහනය ප්‍රධාන මාර්ගයට දාන්න ඕනේ. ඔයා අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට වාහනය දානවා නම් මුලින්ම දාන්න ඕනේ පාරේ වම් පැත්තටයි.

මේ දේවල් කරන්න එපා

ඔයා වාහනයක් drive කරද්දී කරන්න හොද නැති වැරදි තියෙනවා. අපි දැන් බලමු සමහරු drive කරද්දී සිදු කරන වැරදි මොනවාද කියලා.

  • බීමතින් රිය පැදවීම
  • Drive කරන විට ජංගම දුරකථන භාවිතය
  • වේග සිමා වලට අවනත නොවීම
  • වාහනයේ signal light නිසි පරිදි භාවිතා නොකිරීම
  • මාර්ග නීති වලට අවනත නොවීම

මේ වැරදි සිදු කිරීම මගින් ඔයාගේ ජීවිතය වගේම පාරේ ගමන් කරන අනෙක් අයගෙත් ජිවිත අනතුරට පත් වෙනවා.

මේ විදිහට තමයි, නිවැරදිව මාර්ගය හරහා වාහනයක් drive කරන්න ඕනේ. දැන් ඔබටත් පුළුවන් MotorGuide අපි අද කියපු දේවල් හොඳින් වටහාගෙන නිවැරදිව මාර්ගය හරහා වාහනයක් drive කරන්න. ඉතින් මතක ඇතුව අපි අද කියපු steps අනිවාර්යයෙන්ම follow කරන්න. එහෙම වුණොත් ඔයාට රිය අනතුරු අඩු කරගන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!