Auto gear වාහනයක් පදිනවා නම් මේ වැරදි කරන්න එපා

time
මිනිත්තු 4 කියවීම
feature image

"අපේ රටේ කාලයක් auto gear වාහන වලට වැඩි කැමැත්තක් තිබුනේ නැහැ. අලුතින්ම වාහනයක් drive කරන කෙනෙකුට පුරුදු වෙන්න auto gear වාහනය ගොඩක් පහසු වුණත් පළපුරුදු අයට drive කරන්න තියෙන කැමැත්ත auto gear වාහන නිසා නැති වෙලා ගියා. ඒ වගේම auto gear වාහන ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ කාන්තාවන් අතර මොකද manual වාහනයකට වඩා auto gear වාහනයක් drive කරන එක ගොඩක් පහසු නිසා. ඒත් අද වෙද්දී පිරිමි අයත් වැඩි වශයෙන් auto gear වාහන drive කරන්න යොමු වෙලා තියෙනවා. හැබැයි auto gear වාහනයක් තියෙන ඔයා කිසිම දවසක කරන්න හොඳ නැති දේවල් තියෙනවා. ඒ දේවල් වලින් auto gear පද්ධතිය damage වෙන්න පුළුවන්. ඒ නිසාම Motorguide අපි හිතුවා auto gear වාහනයක් drive කරන ඔයා කරන්න හොඳ නැති වැරදි මොනවද කියලා කියන්න.

වාහනය නිතරම neutral එකට දැමීම

Auto gear වාහනයක gear පද්ධතියේ සැකැස්ම වෙනස්. ඒ නිසා නිතරම ඔයා neutral කරනවා නම් වාහනයේ කොටස් ඉක්මනටම ගෙවිලා යන්න බලනවා. ඒ වගේම auto gear වාහනයක නිතරම gear මාරු වීමක් නොවෙන නිසා ඔයාට අමතක වෙලා neutral එකේ race වෙන්න තියෙන ඉඩකඩත් වැඩියි. Auto gear වාහනයක් neutral එකේ race කළොත් engine එකේ වේගය අඩු වෙන්න ගත වෙන කාලයත් වැඩියි. ඒ නිසා auto gear වාහනයක් drive කරනකොට වාහනය drive එකේම තියාගන්න පුරුදු වෙන්න. Hand brake අදින්න තරම් වෙලාවක් වාහනය නතර කරන් ඉන්න වුණොත් විතරක් neutral එකට දාන්න මතක තියාගන්න.

Transmission oil check කරන්න අමතක කිරීම

ඕනෑම auto gear වාහනයක transmission oil ප්‍රමාණය බලන්න deep stick එකක් හම්බෙනවා. Manual වාහනයක නම් gear පද්ධතියේ ගැටලු oil change කරද්දී තේරුණත් auto gear වාහනයක ගැටලුවක් ඇති වෙනකම් එය පිටතින් අඳුනගන්න අපහසුයි. ඒ නිසා වාහනයේ අනිත් oil වර්ග වගේම transmission oil check කරන්නත් පුරුදු වෙන්න. Engine එක නතර කරලා තියෙද්දී වගේම start කරලා තියෙද්දීත් oil ප්‍රමාණය check කරන්න ඕනේ කියලා මතක තියාගන්න.

මොකද transmission oil අඩු වීමෙන් සිදු 되는 හානිය නිසා වාහනය repair කරන්න ලොකු මුදලක් වියදම් වෙන්න පුළුවන්. ඒ නිසා මතක ඇතුව transmission oil බලන්නත් පුරුදු වෙන්න.

Brake පාගගෙන වාහනය race කිරීම

සමහර අය වාහනයෙන් වැඩි බලයක් ලබා ගැනීම සඳහා brake එක පාගගෙන ඉන්න අතරම වාහනය race කිරීමත් සිදු කරනවා. Brake සහ accelerator pedal දෙක එකම අවස්ථාවේ පාගන එක වාහනයට හොඳ නැහැ. ඒ නිසා engine එකෙන් gear එක මත වැඩි බලයක් යෙදවීම නිසා gear පද්ධතිය ඉක්මනින්ම ගෙවිලා යන්න බලනවා. මේ හේතුව නිසා වර්තමානයේ වාහන වල brake pedal එක පෑගු විට accelerator එක auto ම අක්‍රීය 되는වා. Accelerator එක පාගන්න කලින් brake pedal එකෙන් කකුල ඉවතට ගන්න ඕනේ. මේ නිසා gear පද්ධතියට හානියක් වෙන්නේ නැතුව වාහනය drive කරන්න පුළුවන් 되는වා.

Neutral gear එකේදී race කරලා drive එකට දැමීම

Auto gear වාහනයක් neutral එකේදී race කරලා, drive එකට දාන්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා. ඒ දේ වාහනයට නරක විදිහට බලපානවා වගේම ඔයාගේ වාහනයේ වේගය අඩු කරන්නත් බලපානවා. ඒ වගේම engine පාලක පද්ධතියත් මේ දේ හඳුනාගෙන වාහනයට ලබා දෙන බලය අඩු කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා drive එකට දැම්මට පස්සේ ඔයාට අවශ්‍ය වේගයකින් විතරක් accelerator එක start කරන්න පුරුදු වෙන්න.

ඉන්ධන අඩුවෙන් ධාවනය

ඉන්ධන ටැංකියේ අන්තිම ඉන්ධන වලින් වාහනය drive කරන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඔයා මේ විදිහට ගොඩක් කල් වාහනය drive කරන එකෙන් වෙන්නේ වාහනයේ fuel pump එක damage 되는 එක. වාහනයක තියෙන වැදගත්ම දෙයක් තමයි fuel pump එක කියන්නේ. ඉතින් fuel pump එක නිසි ලෙස වැඩ කරන්නේ නැති 되는 එකෙන් වාහනය start කිරීම පවා අපහසු 되는වා. ඒ නිසා හැමතිස්සෙම auto gear වාහනයක tank එකේ ඉන්ධන හතරෙන් එකක් වත් ඉතුරු වෙන්න දෙන්න මතක තියාගන්න.

සම්පූර්ണ്ണයෙන්ම වාහනය නවතින්න කලින් drive සහ reverse අතර මාරු කිරීම

මේ දේ ගොඩක් වෙලාවට වෙන්නේ ඔයා හදිස්සි වේලාවකදී කුඩා තැනකින් වාහනය හරවගන්නකොට. ගොඩක් අය manual වාහනය drive කරපු පුරුද්දට තමයි auto gear වාහනයකත් මේ දේ කරන්නේ. Auto gear පද්ධතියක වාහනයත් රෝදත් අතර සම්බන්ධය clutch එකක් වගේ ක්‍රමානුකූලව වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා වාහනය නවතින්න කලින් drive හෝ reverse වලට මාරු කරන එකෙන් රෝද වල චලනය කෙලින්ම engine එකට යනවා. ඒ ගැස්සීම බලපාන්නේ transmission oil වලට සහ රෝද වලට නිසා ඒවා ඉක්මනින්ම ගෙවිලා යන්න පුළුවන් හැකියාව වැඩියි. ඉතින් ඒ නිසා හොඳම දේ brake එක යොදා ගෙන වාහනය සම්පූර්ණයෙන්ම නැවතුණාට පස්සේ gear මාරු කරන එක.

වාහනය park කිරීමේදී hand brake නොඇදීම

වාහනයක් park කරද්දී parking gear එක ක්‍රියාත්මක වීමට පෙර hand brake එක අදින්න අමතක කරන්න එපා. ඔයා වාහනය කන්දක හරි වෙනත් තැනක හරි park කරද්දී hand brake එක යෙදුවේ නැති වුණොත් වාහනයේ මුළු බරම ක්‍රියාත්මක වෙන්නේ gear පද්ධතිය මතටයි. ඒ නිසා gear පද්ධතියට damage වීමේ හැකියාව වැඩි 되는වා. ඒ වගේම තමයි ඔයා ආපහු parking gear එකේ ඉඳලා drive gear එකට දානකොට වාහනයේ දැඩි ගැස්සීමක් ඇති වීම වගේම gear එක අදින එකත් අපහසු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා වාහනය park කළාට පස්සේ hand brake සම්පූර්ණයෙන්ම ඇඳලා වාහනය parking gear එකට දාන්න මතක තියාගන්න.

මේ දේවල් තමයි auto gear වාහනයක් තියෙන ඔයා කරන්න හොඳ නැති වැරදි. ඔයා මේ දේවල් ගැන සැළකිලිමත් වුණොත් ඔයාගේ auto gear වාහනය repair කරන්න අනවශ්‍ය විදිහට මුදල් වියදම් වෙන්නේ නැහැ."

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!