Drive කරනකොට නොදැනුවත්වම ඔබ අතින් සිදු වෙන වැරදි

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක් drive කරනවා කියන එක හිතන තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි. මොකද අද ලෝකයේ දියුණුවත් එක්ක බොහෝ දෙනා වාහන භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසා මහා මාර්ගයේ අධික වාහන සංඛ්‍යාවක් දැක ගන්න පුලුවන්. ඉතින් මේ විදිහට වාහන අධික වීම නිසා අපේ අතින් වෙන පුංචි වැරද්දකින් වුණත් ලොකු අනතුරක් සිදු වෙන්න පුලුවන්. මේ අනතුරට හේතුව සමහර විට ඔබේ අතින්, ඔබ නොදැනුවත්වම සිදු වෙන වැරද්දක් වෙන්න පුලුවන්. ඒ නිසා අද MotorGuide අපි ඔබට කියන්නේ අනතුරු වලට හේතු වෙන්න පුලුවන්, Drive කරනකොට නොදැනුවත්වම ඔබ අතින් සිදු වෙන වැරදි කිහිපයක් ගැන.

Speed එක control කිරීමට අසමත් වීම

ඔබ නියමිත speed limit එකක් යටතේ වාහනය drive කළත් නිසි පරිදි speed එක control කරගන්න බැරි නම් අනතුරක් වෙන්න තියෙන ඉඩ වැඩියි. විශේෂයෙන්ම කන්දක් නැගීම, කන්දක් බැසීම, වැසි වෙලාවක වාහනය පැද වීම, මීදුම් අවස්ථාවක වාහනය පැදවීම හඳුන්වන්න පුලුවන්. ඒ නිසා ඔබ නියමිත වේගයක් පවත්වාගෙන ගියත් හැම වෙලාවේම speed එක control කරගන්න පුරුදු වෙන්න.

තෙහෙට්ටුවෙන් drive කිරීම

Drive කරනකොට ගොඩක් තෙහෙට්ටුවෙන් සිටීමත් රිය අනතුරු වලට හේතු වෙනවා. මොකද drive කරනකොට ඇස් විවෘතව තබා ගැනීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔබට අවදියෙන්, අවධානයෙන්, පැහැදිලිව සිතීමට හැකි වෙන්නත් ඕනේ. හැබැයි තෙහෙට්ටුවෙන් සිටීම ඔබේ මේ හැකියාවන් සීමා කරනවා.

රියදුරුගේ නොසැලකිල්ල

Drive කරනකොට ඔබ පිළිපදින්න ඕනේ අනිවාර්යය කරුණු 3ක් තියෙනවා. ඒ තමයි ඔබේ දෑත් steering wheel එක මත තබා ගැනීම, පාර දෙසට හොඳ අවධානයක් දීම සහ ඔබේ මනස රිය පැදවීම සඳහාම යෙදවීම.

මේ කරුණු තුන පිළිපදින්නේ නැතුව වාහනයක් drive කරන විට ඔබේ අවධානය වෙන පැත්තකට යොමු වුණොත් ලොකු අනතුරක් සිදු වෙන්න තියෙන ඉඩ වැඩියි. විශේෂයෙන්ම ඔබේ අවධානය වෙන පැත්තකට යොමු වීම අනතුරු වළක්වා ගැනීමට ගත වෙන කාලය අඩු කිරීමටත් හේතු වෙනවා.

තනි මංතීරුවක ධාවනය කිරීමට අපොහොසත් වීම

නිවැරදිව මංතීරුවක ගමන් කිරීමට නොහැකි වීමත් අනතුරු ඇති වෙන්න ලොකු හේතුවක් වෙනවා. විශේෂයෙන්ම drive කරන විට වාහනයේ පිහිටීම ගැන හරිහැටි අවබෝධයක් නැති වීම, මාර්ග සලකුණු පිළිබඳ දැනුමක් නොමැති වීම සහ මංතීරු හැරවීමේදී හෝ වෙනස් කිරීමේදී හරිහැටි පුහුණුවක් නොමැති වීම නිසාත් අනතුරු සිදු වෙන්න පුලුවන්. ඉතින් ඒ නිසා මංතීරු වෙනස් කරන විට හැර, ඔබේ මංතීරුව තුළ සම්පූර්ණයෙන්ම රැඳී සිටීමට උත්සාහ කරන්න.

අනාරක්ෂිතව මංතීරු වෙනස් කිරීම

ආරක්ෂිතව මංතීරු වෙනස් කිරීම සඳහා ඔබ පියවර කිහිපයක් අනුගමනය කරන්න ඕනේ. නිවැරදිව turn signal යෙදීම, පිටුපසින් පැමිණෙන වෙනත් වාහන ගැන සැළකිලිමත් වීම, වාහන අතර හොඳ gap එකක් තබා ගැනීම, speed එක පාලනය කර ගැනීම සහ මංතීරුවට අවතීර්ණ වීම එම පියවරයන් වෙනවා.

වාහන අතර අඩු පරතරයක් තබා ගැනීම

ගොඩක් අය පාරේ වාහන drive කරන විට වාහන අතර අඩු පරතරයක් තමයි තබා ගන්නේ. මේ හැසිරීම tailgating ලෙසයි හඳුන්වන්නේ. පැයට සැතපුම් 30 ක වේගයෙන් ගමන් කිරීමේදී ඔබ වාහන දෙකක් අතර පරතරය අඩි 80ක් පමණ තබා ගන්න ඕනේ. ඒ වගේම ඔබ පැයට සැතපුම් 65ක වේගයකදී අවම වශයෙන් වාහන දෙකක් අතර පරතරය අඩි 285ක්වත් පවත්වා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට ආරක්ෂිත දුරක් පවත්වා ගැනීමට ඇති හොඳම ක්‍රමය තමයි ඔබට ඉදිරියෙන් තියෙන මෝටර් රථයේ වේගයට සාපේක්ෂව ඔබේ මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීම.

ඉතා සෙමින් රිය පැදවීම

ඉතාම සෙමින් රිය පැදවීමත් අනතුරු වලට හේතුවක් වෙනවා. ඒ විතරක් නෙමෙයි අනවශ්‍ය ලෙස සෙමින් රිය පැදවීමත් නීති විරෝධී ක්‍රියාවක්. පුවරු වල දක්වා ඇති වේග සීමාවට වඩා අඩුවෙන් drive කිරීම මාර්ගයේ තද බදයක් ඇති කිරීමටත් හේතු වෙනවා.

අධික වේගයෙන් රිය පැදවීම

Drive කරනකොට නියමිත වේගයක් පවත්වා ගැනීම අපේ වගකීමක්. විශේෂයෙන්ම මඟ දෙපස සඳහන් කරලා තියෙන වේග සීමා පුවරු වලට අපි අවනත වෙන්න ඕනේ. එහෙම නැතුව අධික වේගයෙන් ගමන් කිරීම අනෙක් වාහන වල ගමනාගමනයට බාධා ඇති කරනවා. ඒ නිසා කිසිම අවස්ථාවක වේග සීමාව ඉක්මවා ධාවනය කරන්න එපා.

මේ දේවල් තමයි drive කරනකොට ඔබ නොදැනුවත්වම ඔබේ අතින් සිදු වෙන වැරදි. ආරක්ෂාකාරීව, නිවැරදිව රිය පදවන්න ඕනේ නම් අද MotorGuide අපි කිව්ව කරුණු ගැන අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!