වාහනයක් overtake කිරීම සහ මංතීරු වෙනස් කිරීම හරියටම කරමු

time
මිනිත්තු 2 කියවීම
feature image
පාරේ වාහනයක් drive කරද්දී ඉදිරියෙන් එන වාහනයක් overtake කරනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. නමුත් වාහනයක් හරියට overtake කළේ නැත්නම් ඔයාට වගේම පාරේ ගමන් කරන අනෙක් වාහන වලටත් අනතුරු සිදු වෙනවා. අපි වාහනයක් drive කරද්දී overtake කිරීම සහ මංතීරු වෙනස් කිරීම හරියට කරන්න ඕනේ. ඉතින් අද MotorGuide තුළින් අපි කියන්නේ වාහනයක් overtake කිරීම සහ මංතීරු වෙනස් කිරීම හරියටම කරන්නේ කොහොමද කියලා.

වාහනයක් overtake කිරීම යනු කුමක්ද?

වාහනයක් overtake කරනවා කියන්නේ ඔයාගේ වාහනයට ඉදිරියෙන් ඔයා යන දිශාවටම ගමන් කරන වාහනයක් පසුකර යාමයි. අපි වාහනයක් overtake කරද්දී එය සිදු කළ යුත්තේ නිවැරදි මංතීරුවෙන්. නැත්නම් අපට නීතිමය වශයෙන් දඬුවම් ලැබෙනවා.

මංතීරු වෙනස් කිරීම යනු කුමක්ද?

මංතීරු වෙනස් කරනවා කියන්නේ වාහනයක් ගමන් කරන දිශාවටම තියෙන මංතීරුවකට වාහනය මාරු කිරීමයි. සාමාන්‍යයෙන් මෙය සිදු කරන්නේ තමන් ගමන් කරන මංතීරුවේ වාහන තදබදයක් තිබූ අවස්ථාවකයි. මංතීරු වෙනස් කිරීමට උදාහරණයක් ලෙස, වාහනයක් මංතීරුවක ගමන් ගමන් කරන විට එහිදී එකම දිශාවටම මංතීරු 2ක් තියෙනවා නම් අනෙක් මංතීරු වලට වාහනයක් මාරු කිරීමයි.

වාහනයක් overtake කිරීමේදී සහ මංතීරු වෙනස් වෙනස් කිරීමේදී ඔබ අතින් සිදු වන වැරදි

- Side mirror පරීක්ෂා නොකිරීම - Signal භාවිතා නොකිරීම - වංගුවකදී overtake කිරීම - එකවර වාහන කීපයක් overtake කිරීම - මාර්ගයේ නිවැරදි පැත්තෙන් overtake නොකිරීම - මංතීරු වෙනස් කිරීමට පෙර වේගය අඩු නොකිරීම

හරියට වාහනයක් overtake කරන්නේ කොහොමද?

වාහනයක් overtake කරද්දී අනිවාර්යෙන්ම කරන්න ඕනේ දේ තමයි side mirror මගින් පසුපස මාර්ගය නිරීක්ෂණය කිරීම. පිටිපසින් පැමිණෙන වාහන ඔයාගේ වාහනයට වඩා ආසන්න නම් ඔයා තව වාහනයක් overtake කරන යන්න එපා. එහෙම කළොත් ලොකු අනතුරක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා කොයිම වෙලාවකවත් overtake කරන්න යන වාහනය සමීපයට යන්න එපා. ඔයාගේ වාහනයට පිටිපසින් එන වාහනය යම් දුරක නම් සිටින්නේ ඔයා signal light දල්වා ඔයාගේ පසුපසින් එන වාහන වලටත් ඉදිරියෙන් යන වාහන වලටත් overtake කරන බව දැනුම් දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා ක්‍රමානුකුලව වාහනය overtake කරන්න.

හරියටම මංතීරු වෙනස් කරන්නේ කොහොමද?

හරියට වාහනයක් මංතීරු වෙනස් කරද්දී මුලින්ම සිදු කරන්න ඕනේ signal light ක්‍රියාත්මක කිරීමයි. ඊට පස්සේ වාහනයේ side mirror මගින් පසුපස මාර්ගය නිරීක්ෂණය කරන්න. පසුපස මාර්ගයේ වාහන නැත්නම් ඔයා වහනය මංතීරු වෙනස් කරන්න. මංතීරු වෙනස් කළාට පස්සෙත් ඔයා කළ යුතු දෙයක් තියෙනවා. ඔයා වාහනයේ signal light අක්‍රිය කරන්න ඕනේ. වාහනයක් overtake කරද්දී නැත්නම් මංතීරු වෙනස් කරද්දී මාර්ග නීති උල්ලංඝනය කලොත් ඔයාට එරෙහිව නීතිමය වශයෙන් ක්‍රියා මාර්ග ගන්නවා. එහිදී ඔයාට දඩ මුදල් වගේම ඔයාව උසාවියටත් ඉදිරිපත් කරනවා. ඒ නිසා අපි කියපු විදිහට සැළකිලිමත් වෙලා වාහනයක් overtake කිරීම සහ මංතීරු වෙනස් කිරීම සිදු කරන්න අමතක කරන්න එපා.
Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!