වාහන අනතුරු අවම කර ගැනීමට උපක්‍රම

time
මිනිත්තු 3 කියවීම
feature image

හැම කාලෙම අඩුවක් නැතුව ඇහෙන දෙයක් තමයි රථ වාහන අනතුරු. පොදුවේ ගත් විට, අපේ නොසැලකිල්ල, බීමත්ව රිය ධාවනය, වාහනය නුසුදුසු තත්වයේදීත් එය ධාවනය වැනි කරුණු හින්දා තමයි, වාහන අනතුරු බොහොමයක් සිද්ධ වෙන්නෙ. ඉතින් වාහන අනතුරු අවම කර ගන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලයි අද අපි MotorGuide තුළින් කතා කරන්න ලෑස්ති වෙන්නෙ.

Phone භාවිතා කරන්න එපා.

මේ නරක පුරුද්ද නම්, ඔබ ගාවත් තියෙනවා. ඒ තමයි drive කරනකොට phone එකෙන් කතා කරන එක. මේ කියන්නෙ, වාහනේ ඇතුළෙ phone තියාගන්න එපා කියලා නෙවෙයි. Drive කරනකොට හදිසි phone call එකක් ආවොත් වාහනේ පාර අයිනට කරලා call එක answer කරන්න. මොකද මේ නිසා සමහර වෙලාවට ඔබට නොදැනිම ඔබ අතින් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්.

නිවැරදි Attitude එක හදාගන්න.

කාට නැතත් ඔබ, ඔබේ වාහනයට driver කෙනෙක්. ඒ නිසා drive කිරීම පිළිබඳ නිවැරදි attitude එකක් ඔබට තියෙන්න ඕනෙ. ඒ වගේම ඔබ ඒ දේවල් develop කරගන්න ඕනෙ. වෙන තරමක් accident, යොවුන් වියේ අයගෙ අතින් වෙන්නෙත් attitude එකේ ප්‍රතිඵලයක් මිස, skill නිසාවත් knowledge එක නිසාවත් නෙවෙයි. Drive කිරීම සම්බන්ධයෙන් වගකීම් සහගත attitude එකක් practice කිරීමට ඔබ වෙනුවෙන්, ආදරණීයන් වෙනුවෙන් කැප වෙන්න. මොකද ඔබ මේ මහ පාරෙ control කරන්නෙ, ලොකු යකඩ ගොඩක්.

සුපරික්ෂාකාරී වෙන්න.

හැකි තරම් සුපරික්ෂාකාරීව drive කරන්න. ඔබ drive කරන්න practice කරනකොටත්, දෙමව්පියන්ගේ ක්‍රියාකාරී භූමිකාව ගන්න. ඔවුන් සමඟ schedule එකක් හදලා ඒක දිගටම ක්‍රියාත්මක කරන්න. License ගැනීම සඳහා test එක කරන තෙක්ම ඒක ඒ විදියටම තබා ගන්න.

Seat belt පළඳින්න.

සාමාන්‍යයෙන් drivers ලා නම් drive කරනකොට, seat belt දානවා. හැබැයි ඒක seat belt පළඳින්න පුළුවන් වාහන වල යන මගීන් නම් අනුගමනය කරන්නෙ නැති තරම්. ඉතින් වාහනේක යනකොට seat belt තියෙනවා නම් ඔබ driver වුණත්, මගියෙක් වුණත් seat belt එක පළඳින්න පුරුදු වෙන්න.

බීමතින් drive කරන්න එපා.

මත්පැන් පානය කරන එක නම් වයස් භේදයක් නැතුව, බොහෝ දෙනා පුරුද්දක් කරගෙනනෙ ඉන්නෙ. හැබැයි ඒ පුරුද්ද drive කරනකොට නම් තියාගන්න එපා. Don't drink & drive කියලා ඔබ අහලා තියෙනවනෙ. මොකද බොහෝ accident වලට හේතුවක් තමයි බීමතින් drive කිරීම. ඒ මඟින් සමහර විට, ඔබට license එක අහිමි වෙන්න පුළුවන්, නැත්නම් තවත් ජීවිතයක් අහිමි වෙන්න පුළුවන්.

මගීන් ප්‍රමාණය සීමා කරන්න.

ඔබ bus driver කෙනෙක් නම්, මගීන් සීමා කරගන්න වගබලාගන්න. මොකද සෑම අමතර මගියෙකු සමඟම මාරාන්තික අනතුරක අවධානම වැඩි වෙනවා. ඔබ අලුත් driver කෙනෙක් නම්, ඔබේ මගීන් සංඛ්‍යාව සීමා කිරීම වඩාත් සුදුසුයි.

Night time drive කිරීම සීමා කරන්න.

දහවල් කාලයේ drive කරනවට වඩා රාත්‍රී කාලයේ drive කරනකොට සිදුවන අනතුරු ප්‍රමාණය, තුන් ගුණයකින් වැඩි වෙනවා. ඒ නිසා රාත්‍රියේ drive කිරීම පුළුවන් තරම් සීමා කරන්න.

Driving experience එක හදාගන්න.

ඔබ drive කරන්න පටන් ගන්න මුල් කාලෙ නම්, වාහනය drive කරනකොට එය ආරක්ෂිතව සහ slow එකේ තියාගන්න. වේගයෙන් ගමන් කිරීම හෝ traffic නිසා ඔබට අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. ඒ නිසා ඔබට supervised driving experience එකක් ලැබෙන තුරු ඒවායින් වළකින්න. එවිට, ඔබට highway එකේ drive කිරීමට, traffic අවස්ථා වලදී drive කිරීමට හැකියාව ලැබෙනවා.

වැස්සෙ drive කරනකොට පරිස්ස්සම් වෙන්න.

වැසි සහිත කාලගුණික තත්වයන් වලදී පරිස්සමෙන් drive කරන්න මතක තියාගන්න. මොකද වැස්ස මඟින් මාර්ගය අනතුරුදායක කරන අතර බොහෝ විට, වාහනය ඔබේ පාලනයෙන් මිදීමට හෝ brake ගැසීමේදී ලිස්සා යාමට එය හේතුවක් වෙනවා.

වලවල් මතින් යන්න එපා.

ඔබ ගමන් කරන්නෙ, කිසිම බාධකයක් නැති මාර්ගයක නෙවෙයි. එක බාධකයක් තමයි වලවල්. පොඩියට පෙනුණට මේවට පුළුවන් ලොකු අනතුරු ඇති කරන්න. වලවල් මතින් drive කිරීම, ඔබට වාහනය පාලනය කරගත නොහැකි වීම හෝ ටයරයක් පිපිරීමේ අවධානම් වලට හේතුවක් වෙනවා. ඒ නිසා drive කරනකොට, මාර්ගයේ වලක් දුටුවොත්, එය මග හැරීමට try කරන්න. එවිට ඔබට තවත් අනතුරක් වළක්වා ගන්න පුළුවන්.

අනතුරක් වෙන්න කළිං ඒක වළක්වන්න පුළුවන්කම තියෙද්දි, ඔබ කරන්න ඕනෙ ඒක වළක්වන එක. මොකද ඔබ එය නොදැක්කා වගේ හිටියොත් වෙන්නෙ පොඩි දෙයක් හිතාගන්න බැරි ලොකු අනතුරක් ඇති කරන එක. ඒ නිසා අපි කියපු විදියට මේ tricks පාවිච්චි කරලා, වාහන අනතුරු අවම කරගන්න try කරන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    මංසන්ධි මත ඇති සළකුණු සහ ඒවායේ නීති මොනවද

    time
    මිනිත්තු 4 කියවීම
  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

  • Suzuki XL6 2025

    SUV

    රු 13.5M - 15.6M

  • Audi Q2 2025

    Luxury SUV

    රු 25M - 35M

  • Audi A8 2025

    Luxury Sedan

    රු 142M - 145M

  • Mercedes-Benz G 450 d 2025

    Luxury SUV

    රු 43M - 50M

  • Hyundai Accent 2025

    Sedan

    රු 18M - 21M

  • Peugeot 2008 GT 2025

    Compact SUV

    රු 31M - 36.5M

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!