රාත්‍රී කාලයේ වාහනේ drive කරනකොට සැලකිලිමත් විය යුතු කරුණු

time
මිනිත්තු 3 කියවීම
feature image

අපිට වාහනයක් drive කරන්න වෙලාවක් කලාවක් නෑනෙ. ඒත් ඔබ දන්නවද? වෙන තරමක් වාහන අනතුරු වලින් භාගයක්ම සිද්ධ වෙන්නෙ රෑට. මොකද රාත්‍රියේ drive කිරීම, දවල් කාලයේ drive කිරීමේ අවධානම වගේ තුන් ගුණයක් පමණ වෙනවා. මේ අනතුරු වලට හේතුත් අපේ ඇස් පනාපිටම පේන්න තියෙනවා. ලොකුම හේතුව තමයි, නොසැළකිලිමත් ලෙස වේගයෙන් රිය ධාවනය. ගොඩක් වෙලාවට මේක බස් රථවල දකින්න පුළුවන්. මොකද drive කරන්නෙ තරගෙටනෙ. ඒ කොහොම වුණත් ඔබට පුළුවන්, සැළකිල්ලෙන් drive කරලා, රිය අනතුරු අවම කරන්න. MotorGuide අපි අද කියන්නෙ, රාත්‍රියේදී වාහනයක් drive කරනකොට සැළකිලිමත් විය යුතු කරුණු ගැන.

වාහනය තුළ ආලෝකය අවම කරන්න

වාහනය තුළ ආලෝකය වැඩි වන තරමට රාත්‍රියේදී මාර්ගය දකින්න අපහසු වෙනවා. ඒ නිසා අමතර ආලෝකයන් නිවාදමන්න. මාර්ගයේ දමා ඇති light වලින් එන ආලෝකයෙන් සහ වෙනත් දිදුලන ආලෝක වලින් ආරක්ෂා වෙන්න රාත්‍රියේදී ඔබේ visors භාවිතා කරන්න.

Vision එක පිරිසිදු කරන්න

අපිරිසිදු හෝ damaged වුණු windshield, ආලෝකය විහිදුවන අතර ඒ දීප්තියේ බලපෑම් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම අපිරිසිදු හෝ damaged වුණු headlight මඟින් ඔබේ පෙනීම අඩු කරලා ඉදිරියෙන් එන වාහන මතට දීප්තිය ඇති කරන්න පුළුවන්. ඒ නිසා headlight සහ windshield නිතරම පිරිසිදු කරන්න, damaged වෙලා නම් නැවත හදාගන්න ඔබ වග බලාගන්න ඕනෙ. ඔබට headlight පිරිසිදු කරන්න, විශේෂ පිරිසිදු කිරීමේ කට්ටලයක් භාවිතා කරන්න පුළුවන්.

ඊට අමතරව පෙනීම දුර්වල වීම, අඩු ආලෝකය කියන දේවල් ගැනත් ඔබ හිතන්න ඕනෙ. අඩු ආලෝකය කියන දේ වයසක අයට ලොකු challenge එකක්. අවුරුදු 50 ක වැඩිහිටි කෙනෙක්ට අවුරුදු 30ක තරුණයෙක්ට වගේ දෙගුණයක ආලෝකයක් දකින්න ඕන වෙනවා. අනිත් එක තමයි සමහර වැඩිහිටි අයට ඇසේ සුද සහ අක්ෂි රෝග නිසා පෙනීම දුර්වල වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඔබේ පෙනීම දුර්වල වෙලා නම්, ඒකට treat කරන්න නම් අමතක කරන්න එපා.

මාර්ගය clear කරගන්න, High beams පාවිච්චි කරන්න

Regular headlight වලට වඩා high beams මඟින් මාර්ගයේ ඉදිරියෙන් ඇති දේවල් ආලෝකමත් කරමින් දැකීමට පහසු කරනවා. ඒ වගේම ඔබට ඉදිරියෙන් ඇති මාර්ගය පැහැදිලියි නම් සහ අසළ traffic එකක් නැත්නම් bright light on කරන්න පුළුවන්. විශේෂයෙන්ම අඩු ආලෝක සහිත ප්‍රදේශ වල මේ bright light ගොඩාක් ඵලදායී වෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේදි drive කරනකොට හැම නිතරම ආරක්‍ෂිත මාර්ගයක යන්න try කරන්න.

වේගය අඩු කරන්න

රාත්‍රී කාලයේදී accident වලින් සිදුවන මරණ වලින් 37% ක් අධික වේගයෙන් drive කිරීම නිසා තමයි සිද්ධ වෙන්නෙ. ඒ නිසා ඔබ අනිවාර්යයෙන් රෑට drive කරනකොට වේගය ගැන සැළකිලිමත් වෙන්න ඕනෙ.

හොඳට rest කරන්න

මේ මොන දේ කළත් ඕනෙම දේ තමයි rest එක. Drive කරන්න කළිං හොඳට rest කළොත්, ඔබ යන මාර්ගය කෙරෙහි වැඩි focus එකක් දෙන්න පුළුවන්. Long travel කරනකොට ඊට කළිං හොඳට නිදාගන්න try කරන්න. නිදිමතේ drive කිරීම බොහෝ විට, රෑ 12 ත් උදේ 6 ත් අතර සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා drive කරනකොට පොඩි හරි නිදිමතක් ආවොත් වාහනේ පොඩ්ඩක් නතර කරන්න. නැත්නම් රාත්‍රී කාලයේදි drive කරනකොට කැෆේන් මොනවා හරි වාහනේ ඇතුළෙ තියාගන්න. අනිත් එක තමයි සාමාන්‍යයෙන් තරුණ අයට වැඩිහිටියන්ට වඩා වැඩි නින්දක් අවශ්‍ය වෙනවා.

ඒ වගේම බීමතින් drive කිරීමත් බරපතල අවධානමක්. මේ දෙකම ඔබේ පැහැදිලිව සිතීමේ හැකියාව සහ drive කිරීමේ ක්‍රියාකාරීත්වය අඩාල කරනවා. මධ්‍යසාර දුර්වලතා සම්බන්ධ මාරාන්තික අනතුරු අනුපාතය දවල් කාලයට වඩා රෑට හතර ගුණයකින් වැඩියි.

ඉතින් ඔබත් රාත්‍රී කාලයේදි වාහනයක් drive කරනකොට, අපි කියපු points ටික missed කරන්න එපා. මොකද මේ දේවල්, ඔබට ආරක්‍ෂිත driver කෙනෙක් වෙන්න උදව් වෙනවා කියලා අපිට විශ්වාසයි.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!