High Speed යන ඔබ මතක තබා ගත යුතු දේවල්

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔබ high speed යන්න කැමති කෙනෙක්ද? එහෙනම් අනිවාර්යයෙන්ම ආරක්ෂාව කියන දේ ඔබේ ගමන පුරාවටම තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ, ආවට ගියාට high speed යන්න බැහැ. මොකද ඒක ගොඩාක් අනතුරුදායකයි. ඒ නිසා high speed යන ඔබ අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු දේවල් කිහිපයක් ගැන MotorGuide අපි අද කියන්න හිතුවා.

Stress වෙලාවට drive කරන්න එපා

Stress වී සිටින අවස්ථාවකදී හෝ තෙහෙට්ටු වී සිටින අවස්ථාවකදී high speed යන විට, අනතුරට පත් වීමේ chance එක වැඩි කරනවා. මේකට හේතුව තමයි, drive කරන විට, හමු වන දේවල් කෙරෙහි, සිදු වන දේවල් කෙරෙහි අවධානය යොමු කරන්න, stress එක ඔබට අවස්ථාවක් ලබා නොදීම. ඒ වගේම drinks ගැනීමෙන් පසුව drive කිරීමත් නොකළ යුතු දෙයක්.

වැස්සෙදී speed එක අඩු කරන්න

තදින් වහින වෙලාවකදි නම්, තෙත මාර්ගයේ ලේසියෙන්ම ටයර් ලිස්සා යාම සිදු වෙනවා. ඒ නිසා වාහනයේ ටයර් හොඳින් මාර්ගය සමඟ ස්පර්ශ වීමට හැකි වන පරිදි traction එකට focus එක දෙන්න. අනිත් දේ තමයි, කිසිම මොහොතකදි වැස්ස ඉක්මවා යන්න try කරන්න එපා.

නිසි ටයර් පීඩනයක් තියා ගන්න

High speed යන විට, ඒක ටයර් වලට තදින්ම දැනෙන නිසා, ටයර් වල නිවැරදි පීඩනය පවත්වා ගැනීම ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා ටයර් වල හුළං ප්‍රමාණය නිසි ප්‍රමාණයෙන් තියෙන්න ඕනෙ. එවිට, ටයර් පිපිරීම වළක්වා ගන්න පුළුවන්.

නිවැරදි වාහනය තෝරා ගන්න

සෑම වාහනයක්ම high speed යන්න සුදුසු තත්වයේ නැහැ. ඉතින් ඒ වගේ වාහන වලින් high speed යන විට, එන්ජිම වැඩිපුර වැඩ කරන නිසා, engine failure එකක් ඇති වෙනවා වගේම වාහනයේ control එක අඩු වෙන්නත් පුළුවන්. ඒ නිසා high speed යන්න හිතන ඔබ, ඊට ගැළපෙන වාහනය තෝරා ගන්න ඕනෙ. වාහනය විතරක් නෙවෙයි, වාහනයේ ටයර් වර්ගය ගැනත් සැළකිලිමත් වෙන්න ඕනෙ. මොකද සෑම ටයරයක්ම high speed එකට ඔරොත්තු දෙන්නෙ නැහැ.

හරිම track එකද බලන්න

High speed යාමට, ඔබ නිවැරදි track එක තෝරා ගන්න ඕනෙ. කිසිම මොහොතක පොදු හෝ අධික ලෙස මිනිසුන් ගැවසෙන තැන් වල high speed යන්න එපා. අතහැර දැමූ හිස් මාර්ග පමණක් high speed යාමට තෝරා ගන්න. නැත්නම්, race track එකක් වුණත් ඔබට ඒ සඳහා යොදා ගන්න පුළුවන්.

නිවැරදිව තිරිංග යොදන්න

Normal speed එකෙන් drive කරන විට, brake කිරීමට වඩා high speed drive කරන විට, brake කිරීමට තරමක් සංකීර්ණයි. නිවැරදිව brake කිරීමට නම්, gear කිහිපයක් පහළට මාරු කරන්න ඕනෙ. Speed එක අඩු කිරීමට සහ ආරක්‍ෂිත gear මාරු කිරීමට, තිරිංග භාවිතා කරනවා. මේ විදියට තිරිංග යොදන්නේ, වාහනය තවත් වාහනයක් සමඟ ගැටීම වළක්වා ගැනීමටයි.

ඉදිරිය හොඳින් බලන්න

මාර්ගයේ ඉදිරිය සහ වටපිටාව හොඳින් පෙනෙන විදියට driving seat එක adjust කර ගන්න. මෙය high speed යන ඔබ සෑම විටම කළ යුතු දෙයක්. ඒ වගේම ඔබට යාමට අවශ්‍ය තැන ගැන නිතරම අවධානයෙන් ඉන්න. කිසිම මොහොතක flat නොවන මාර්ග වල යන්න try කරන්න එපා.

බාධා ඉවත් කරන්න

High speed යන විට, අමතක නොකර ඒ මොහොතේ phone එක use කිරීමෙන් වළකින්න. ඒ වගේම blinking lights, loud music සහ ආහාර ද්‍රව්‍ය වැනි ඔබට බාධා වන සියලුම දේ ඉවත් කරන්න.

ඉතින් මේ තමයි, ඔබ high speed යනවා නම්, යන්න ඕන හරිම විදිහ. මේ දේවල් try කළොත් ඔබට, වාහනේට වගේම ඔබේ මාර්ගයේ යන අනිත් වාහන වලටත් අනතුරක් නොකර high speed යන්න පුළුවන්. ඒ නිසා මේ කරුණු ගැන ඔබ අනිවාර්යයෙන්ම සැළකිලිමත් වෙන්න ඕනෙ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!