Manual වාහනයක් පදිනවා නම් මේ වැරදි කරන්න එපා

time
මිනිත්තු 3 කියවීම
feature image

"අද කාලේ ගොඩක් අය පාවිච්චි කරන්නේ automatic transmission වාහන වුණත් manual වාහන වලට කැමති ගොඩක් අයත් ඉන්නවා. ඉතින් ඔයා drive කරන්නේ manual වාහනයක් නම් auto gear වාහනයක් drive කරනවට වඩා සැළකිලිමත් වෙන්න ඕනේ. ඔයා ඒ දේවල් ගැන සැළකිලිමත් නොවුණොත් ඔයාගේ වාහනය අනතුරකට පත් වීමේ හැකියාව වැඩි වෙනවා වගේම වාහනයේ කල් පැවැත්මටත් ඒක බලපානවා. අද Motorguide තුළින් අපි කියන්නේ manual වාහනයක් drive කරන ඔයා කරන්න හොඳ නැති වැරදි මොනවද කියලා.

සෑමවිටම clutch එක මත කකුල තබා ගෙන යෑම

Manual වාහන drive කරන ගොඩක් අය තමන්ගේ වම් කකුල clutch එක මතම තියාගෙන වාහනය drive කරන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි මේක නම් ඔයා කරන්න හොඳ නැති දෙයක්. මොකද ඔයා මේ විදිහට clutch එක මත කකුල තියාගෙන යනකොට ඔයා නොදැනුවත්වම clutch එක මත පීඩනයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා clutch plate මත තියෙන ඝර්ෂණය අඩු වෙන නිසා clutch plate එකට ඇතිල්ලීමක් සිදු වෙනවා. ඒ නිසා ඉක්මනටම ඔයාගේ වාහනයේ clutch plate රත් වෙලා ගෙවෙන්න පුළුවන්. ඒ වගේම මේ නිසා ඉන්ධන වල කාර්යක්ෂමතාවය අඩු වීමේ හැකියාවත් වැඩියි. ඉතින් ඔයා මේ ගැන සැළකිලිමත් නොවුණොත් ඔයාගේ මුදල් වියදම් වෙන එක තමයි වෙන්නේ.

Gear එක මත අත තබාගෙන යෑම

Manual වාහන drive කරන ගොඩක් අය කරන තව වැරද්දක් තමයි gear එක මත අත තබා ගෙන යෑම. ඔයා මේ විදිහට gear එක මත අත තියාගෙන යන එකෙන් ඒ මත අනවශ්‍ය පීඩනයක් ඇති වෙනවා. එතකොට ඒ දේ gear පද්ධතියේ අභ්‍යන්තරයටත් බලපානවා. ඉතින් මේ නිසා ඔයාගේ වාහනයේ gear පද්ධතිය ඉක්මනින්ම damage වෙනවා වගේම gear මාරු කිරීමත් අපහසු වෙනවා. ඉතින් ඔයා gear මාරු කරන අවස්ථාවලදී හැර අනිත් අවස්ථාවලදී steering wheel මත අත් දෙක තියාගන්න පුරුදු වෙන්න.

Neutral කර නවතා තැබීම

Auto gear වහනයක් drive කරන කෙනෙක් නම් වාහනය park කිරීමේදී parking එකට දාලා hand brake දාන එක තමයි කරන්නේ. Manual gear වාහන වල parking නැති නිසා සමහර අය කරන්නේ gear එක neutral කරලා hand brake අඳින එක. ඒත් ඔයා වාහනය බැවුම් සහිත තැනක park කරනවා කියලා හිතන්නකෝ. ඒ වගේ වෙලාවක ඔයාට නිසිලෙස hand brake එක අඳින්න බැරි වුණොත් වාහනය බැවුමේ පහළට ගිහින් විශාල අනතුරක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා වාහනය park කරනකොට hand brake අඳින එකට අමතරව gear එක 1st එකට හරි reverse එකට හරි දාන්න මතක තියාගන්න.

සෑම විටම නිවැරදි gear එක භාවිතා කරන්න

ඔයා සෑම විටම වාහනය drive කරද්දී නිවැරදි gear එක භාවිතා කරන්න පුරුදු වෙන්න. ඔයා පහළ gear එකක වැඩි වේගයෙන් වාහනය drive කිරීමත් ඉහළ gear එකක අඩු වේගයෙන් වාහනය drive කිරීමත් ඔයාගේ වාහනයේ කල් පැවැත්මට අහිතකර ලෙස බලපානවා.

Colour light වල gear එකේ සිටීම

අපේ ලංකාවේ පාරවල් වල මාර්ග තදබදය කියන්නේ නම් දවසින් දවස වැඩි වෙන දෙයක්. ඉතින් colour lights වල දිගු වෙලාවක් නවතාගෙන ඉන්න වෙන එකත් සාමාන්‍යයි. මේ වගේ වෙලාවක manual වාහන drive කරන ගොඩක් දෙනා කරන්නේ පළවෙනි gear එකට දාලා pedal එක පාගගෙන ඉන්න එක. ඒ නිසා clutch plate වල bearing වල අනවශ්‍ය පීඩනයක් ඇති වෙලා ඒවා නියමිත කාලයට කලින් අලුත්වැඩියා කිරීමට සිදුවෙනවා. ඔයා මේ විදිහට වාහනය නවත්තගෙන ඉන්නවා නම් gear එක neutral කරලා brake යොදාගන්න අමතක කරන්න එපා.

පල්ලම් වල neutral කරගෙන drive කිරීම

ගොඩක් drivers ලා ඉන්ධන ඉතුරු කරගන්න හිතාගෙන පල්ලම්වල යනකොට වාහනය neutral කරගෙන වාහනය drive කරනවා. මේ විදිහට ඔයා neutral කරගෙන වාහනය drive කරනකොට brake වලින් වාහනය පාලනය කිරීමත් අපහසු වෙනවා. ඒ නිසා විශාල අනතුරක් සිදු වීමේ හැකියාව වැඩියි. ඉතින් ඔයා පල්ලම් වල වාහනය drive කරනකොට වාහනයේ වේගයට අදාළ gear දාන එක තමයි කරන්න ඕනේ.

දැන් ඔයාට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති manual වාහනයක් drive කරන ඔයා කරන්න හොඳ නැති වැරදි මොනවද කියන එක ගැන. ඉතින් ඔයා නොදැනුවත්වම මේ වැරදි වුණා නම් අද ඉදන් මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා වාහනය drive කරන්න පුරුදු වෙන්න."

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!