වාහනයේ ඉන්ධන පිරිමැස්මට tips

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක් තියෙන හැමෝටම වැදගත් වෙන දෙයක් තමයි Motorguide අපි අද කියන්න යන්නේ. ඒ තමයි කොහොමද වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාවය පවත්වා ගන්නේ කියලා. ඉතින් ඔයා දන්නවා ලංකාවේ මේ වෙනකොට පවතින අධික ඉන්ධන මිල ගැන. ඒ නිසා අද Motorguide අපි කියන්න හදන ඉන්ධන කාර්යක්ෂමතාවය සඳහා tips ඔයාට ගොඩක් වැදගත් වෙයි. ඉතින් අපි බලමු ඔයාගේ වාහනයේ ඉන්ධන පිරිමැස්මට මොනවද කරන්න ඕනේ කියලා.

ස්ථාවර වේගය පවත්වා ගන්න

සාමාන්‍යයෙන් වාහන වලට ගැළපෙන වැඩිම වේගය විදිහට පැයට කිලෝමීටර් 60 හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයා මේ සාමාන්‍ය වේගයෙන් වාහනය drive කරනවා නම් ඔයාගේ ඉන්ධන ඉතුරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අඩු ඉන්ධන ප්‍රමාණයකින් වැඩි කිලෝමීටර් ගානක් දුවන්න පුළුවන් වෙනවා. ඔයා වැඩි වේගයෙන් වාහනය drive කරනවා නම් නිතරම වගේ වාහනය brake කරන්න වෙනවා. එතකොට වෙන්නේ engine එකෙන් නිපදවෙන ශක්තිය අපතේ යන එක. ඒ නිසා තමයි වාහනය drive කරද්දී ස්ථාවර වේගයක් පවත්වා ගන්න ඕනේ.

Gear හරියට මාරු කරන්න

ඔයාට තියෙන්නේ manual gear වාහනයක් නම් ප්‍රෙටල් වල කාර්යක්ෂමතාවය වැඩි කරගන්න ඉහළ gear වලට මාරු කරගන්න බලන්න. වාහනයේ gear මාරු වෙන කාලය සාමාන්‍යයෙන් වේගය, engine එක සහ gear එක මත වෙනස් වුණත් හැමවෙලාවෙම වාහනය drive කරන කොට දෙවෙනි gear එකට පැයට කිලෝමීටර් 25 කින් විතර මාරු කරන්න. ඒ වගේම ඊළඟ ඉහළ gear වලට පැයට කිලෝමීටර් 48 කින් හෝ කිලෝමීටර් 55 කියන වේග සීමාවන් වලදී මාරු වෙන්න පුළුවන්.

AC පද්ධතිය ගැන බලන්න

රස්නේ කාලෙටනම් අපිට AC එක නැතුවම බැරි දෙයක්. හැබැයි වාහනයේ AC පද්ධතිය වැඩ කරනකොට ඔයාගේ වාහනයේ ඉන්ධන වැඩි වශයෙන් දහනය වෙනවා. ඉතින් ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න වාහනයේ වීදුරු tint කරන්න නැත්නම් portable AC පාවිච්චි කරන්න ඔයාට පුළුවන්.

ටයර් වල වායු පීඩනය බලන්න

වාහනය පොළවේ එකදිගටම ගැටෙන්නේ ටයර් එක්ක. ඉතින් ටයර් ඉන්ධන පාවිච්චි වෙන විදිහට බලපානවා. ටයර් වල ඝර්ෂණය වැඩි වුණාම යොදන්න ඕනේ බලය වැඩි වෙනවා. ඒ වගේම මාර්ගයේ හා රෝද අතර ඝර්ෂණය අඩු කලාම දහනයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම තමයි වාහනයේ model එක, වාහනයට දාන්න ඕනේ ටයර් වල ජාතිය, හරිම ප්‍රමාණයට ටයර් වලට හුළං ගහන එක ඉන්ධන කාර්යක්ෂමතාවයට ගොඩක් වැදගත්.

නිසි කලට service කරන්න

වාහනය නිසි කලට service එකට දාන්න මතක තියාගන්න. වාහනයේ ලෙඩක් නැහැ වගේ කියලා පේන්න තිබ්බත් ඔයා වාහනය service කරගන්න ඕනේ. වාහනයේ air filter එක, oil filters, brake පද්ධතියේ parts හොඳම තත්ත්වයෙන් තියාගන්න. මොකද ඔයා වාහනය නිසි කලට service කරන එකත් ඔයාගේ වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාවයට බලපානවා.

වාහනයේ අරන් යන බර අඩු කරන්න

ඔයා වාහනයට වැඩි බරක් දෙනකොට ඉන්ධන වැඩි වශයෙන් වැය වෙනවා. ඔයා ගෙනියන බර අඩු වෙනකොට දහනය වෙන ඉන්ධන ප්‍රමාණයත් අඩු වෙනවා.ඒ නිසා ඔයා වාහනයේ මොනවහරි බඩු අරන් යනකොට ඕනෑවට වැඩි බරක් දෙන්න එපා.

පෙට්‍රල් tank එක fill කරන නිසි වෙලාව

ඔයා උදේම පෙට්‍රල් fill කරන එකෙන් හවස් වරුවේ පෙට්‍රල් fill කරනවට වඩා ඉන්ධන වැඩිපුර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේකට විද්‍යාත්මක හේතුවක් තියෙනවා. ඒ තමයි පෙට්‍රෝලියම් වල තියෙන ප්‍රසාරණ ගුණය නිසා. මේකෙදි වෙන්නේ දවල් කාලයේ තියෙන අධික රස්නය නිසා පෙට්‍රල් shed වල භූගත තෙල් ටැංකි වල තෙල් ප්‍රසාරණය වෙනවා. උෂ්ණත්වය අඩු වෙනකොට තෙල් වල ප්‍රසාරණය අඩු වෙනවා. ඉතින් ඒ නිසා ඔයා වාහනයට පෙට්‍රල් fill කරද්දී පුලුවන් තරම් උදේ පෙට්‍රල් fill කරන්න බලන්න.

ඉතින් මෙන්න මේ ක්‍රම වලට ඔයාලා වාහනය ධාවනය කරනවා නම් අඩු වියදමකින් වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!