Manual වාහනයක් හරියටම drive කරන රහස

time
මිනිත්තු 4 කියවීම
feature image

අපි හැමෝගෙම හීනයක් තමයි වාහනයක් කියන්නේ. මේක car එකක්, van එකක් එහෙමත් නැත්නම් cab එකක් වගේ දෙයක් වෙන්නත් පුලුවන්. කොහොම හරි වාහන හීනය සැබෑ කරගත්තත් අපි නිසියාකරව, නිවැරදිව වාහනයක් drive කරන විදිහ දැනගෙන ඉන්න ඕනේ. වාහනයක් ගන්නකොට අපිට auto vehicle එකක් හෝ manual vehicle එකක් තෝරගන්න පුලුවන්. අද කාලේ නම් ගොඩක් වාහන auto ආකාරයට තමයි බලා ගන්න පුලුවන් වෙන්නේ. හැබැයි සමහර වාහන manual option එකෙනුත් වෙළඳපොළට එනවා. අද MotorGuide අපි හිතුවා manual වාහනයක් හරියටම drive කරන්නේ කොහොමද කියලා ඔබව දැනුවත් කරන්න.

Manual වාහනයක අංග

අපි මුලින්ම බලමු clutch paddle එක ගැන. වාහනයේ floor එකේ වම් පසින් තමයි අපිට clutch paddle එක බලා ගන්න ලැබෙන්නේ. සාමාන්‍යයෙන් අපි clutch paddle එක gear මාරු කරනකොට engine එක සහ රෝද අතර සම්බන්ධතාවයට උපකාරී වෙනවා. එයට දකුණු පසින් අපිට brake paddle එක බලා ගන්න පුලුවන්. එමඟින් අපිට වාහනය නතර කිරීමට සහ වේගය පාලනය කරන්න පුලුවන්. Brake paddle එකට දකුණු පසින් අපිට accelerator එක දැක ගන්න පුලුවන්. එමඟින් අපිට වේගය වැඩි කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට handbrake එක ගැන ගැන කතා කළොත් වාහනය park කිරීමේදී තමයි මෙය අපි භාවිතා කරන්නේ. වාහනයක් ඉදිරියට ගමන් කිරීමේදී ක්‍රමක්‍රමයෙන් වැඩි වේගයක් ලබා ගැනීමට අපිට gear lever එක භාවිතා කිරීමට සිදු වෙනවා.

Paddles භාවිතා කරන ආකාරය

වාහනයක් නැවැත්විමේදී handbrake එක ක්‍රියාත්මක කිරීම අනිවාර්යය දෙයක්. ඒ වගේම වාහනය පණ ගැන්වීමට අවශ්‍ය නම් handbrake එක අක්‍රිය කරන්න ඕනේ. එය handbrake එකේ ඉදිරියේ ඇති කුඩා button එක එබීමේන් සිදු කරන්න පුලුවන්.

ඊට පස්සේ clutch එක පාගමින් පළවෙනි ගියර් එක දැමීම සිදු කරන්න ඕනේ. මෙතනදී ඔබ clutch එක පාගන්නේ නැතුව gear දැමීම නොකළ යුතුයි. ඒ වගේම clutch එක පෑගීම සඳහා භාවිතා කරන්න ඕනේ වම් කකුල පමණයි. වම් කකුලට හොඳ බරක් දීලා clutch එක යටටම පෑගීම සිදු කරන්න ඕනේ. Brake paddle එක සහ accelerator එක එක භාවිතා කිරීම සඳහා අපි භාවිතා කරන්න ඕනේ දකුණු කකුලයි. නමුත් මේ paddle දෙක කිසිම අවස්ථාවක එකවර භාවිතා කිරීම සිදු වන්නේ නැහැ.

Steering wheel එක භාවිතය

වාහනයක් control කරන්න නම් අනිවාර්යයෙන්ම steering wheel එකක් අවශ්‍ය වෙනවා. Steering wheel එක හරහා සිදුවන දේ තමයි පදවන වාහනයේ දිශාව පාලනය කිරීම. සරලව කිව්වොත් අපි drive කරනකොට වාහනය වමට හෝ දකුණට හැරවීමට තමයි steering wheel එක භාවිතා කරන්නේ. Drive කරනකොට නිවැරදි ලෙස ඉඳගෙන steering wheel එක අත් දෙකෙන්ම අල්ලා ගැනීම වැදගත් වෙනවා.

Drive කරන්න පටන් ගමු

  • වාහනය drive කරන්න කලින් අපි seat belt එක පැළඳ ගන්න.
  • Drive කරන්න පහසු ආකාරයට driving seat එක adjust කරගන්න.
  • හොඳ view එකක් ලැබෙන විදිහට side mirrors හදා ගන්න.
  • Gear lever එක neutral තත්වයේ තිබේ දැයි පරීක්ෂා කරන්න.
  • වාහනය start කරන්න.

ඉදිරියට යමු

වාහනය start කළාට පස්සේ ඉදිරියට යන්න නම් අනිවාර්යයෙන්ම gear යොදන්න වෙනවා. හැබැයි ඊට කලින්, වාහනය start කරපු ගමන්ම අපි දකුණු කකුල brake එක මත තබා ගන්න ඕනේ. ඊට පස්සේ clutch එක යටටම පාගා පළවෙනි gear එක දැමීම සිදු කරන්න පුලුවන්. පසුව දකුණු පස කණ්නාඩිය බලා signal දැමීම සිදු කරන්න. ඉන් පසුව brake එක දකුණු කකුලෙන් පාගාගෙන සෙමින් clutch එක බුරුල් කරන්න. Clutch එක බුරුල් කරන අවස්ථාවේදී වාහනයේ යම් දෙදරීමක් සිදුවනවා දැනෙන විට handbrake එක පහත කරන්න. ඊට පස්සේ ඒත් සමඟම brake එක නිදහස් කරන්න. ඉන්පසු හිමින් සැරේ accelerator කරන්න ඕනේ. ඔබට වේගය ලබා ගැනීමට නම් clutch එක හිමින් සැරේ සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න. ඔබට gear මාරු කිරීමට අවශ්‍ය නම් accelerator එකෙන් කකුල ඉවත් කරලා clutch එක පෑගීම අත්‍යාවශ්‍යයි. ඉන්පසු පෙර පරිදිම ඔබට ඉදිරියට යන්න පුලුවන්.

වාහනය නවත්වමු

අපි ඉදිරියට යනවිට වාහනය නැවැත්වීමට අවශ්‍ය වුවහොත් අනිවාර්යයෙන්ම පහළ gear එකකට දාලා තමයි වාහනය නවත්වන්න ඕනේ. මුලින්ම වාහනය නතර කිරීමට අවශ්‍ය නම් වම් පස කණ්ණාඩියෙන් පාර පැහැදිලිද කියා බලන්න ඕනේ. පසුව ඉදිරිය බලලා වාහනය නවත්වන්න ස්ථානයක් තීරණය කරන්න ඕනේ. පසුව වාහනයේ වේගය අඩාල කර ගැනීම සඳහා accelerator එක අතහැර brake එක මතට කකුල ගන්න. වේගය අඩාල වන විට clutch එක පාගා වාහනය දෙවනි gear එකට දමා ගන්න. පසුව වම් පසට signal දමා clutch එක පාගා break කර වාහනය නතර කරන්න පුලුවන්. පසුව handbrake ඇද, gear lever එක neutral කිරීම සිදු කරන්න.

මේ විදිහට තමයි manual වාහනයක් හරියටම drive කරන්නේ. ඔබ manual වාහනයක් drive කරන්න පටන් ගන්නේ අලුතෙන් නම් මේ ක්‍රියාවලිය ටිකක් අපහසු වෙන්න පුලුවන්. නමුත් නිතර drive කිරීම තුළින් ඔබට ඒ අපහසු ගතිය මග හරවා ගැනීමේ හැකියාව තියෙනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!