වාහනයක තියෙන safety package මොනවද?

time
මිනිත්තු 3 කියවීම
feature image
අපි වාහනයක් ගන්නකොට මුලින්ම බලන්නේ ඒකෙ පිටත පෙනුම ගැන. ඊටපස්සේ මිල ගැන. ගොඩක් අය අමතකරන දෙයක් තමයි safety එක කියන්නේ. හැබැයි safety එකත් අපි අනිවාර්යෙන් බලන්න ඕනේ දෙයක්. මොකද තමන්ගෙම කියලා වාහනයක යද්දී අනිවාර්යෙන් ආරක්ෂාව ගොඩක් වැදගත් වෙනවා. ඉතින් වාහනයක් drive කරන ඔයා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ දෙයක් තමයි safety packages කියන්නේ. ඉතින් ඔයත් ඔයාගේ වාහනයේ තියෙන safety packages ගැන දැනුවත්ද? ඒ නිසා අද MotorGuide අපි කියන්නේ වාහනයක තියෙන safety packages මොනවද කියලා.

වාහනයක තියෙන safety packages වර්ග

වාහනයක safety packages වර්ග දෙකක් තියෙනවා. 1. Active safety package 2. Passive safety package

Passive safety

Passive safety කියන්නේ අපි වාහනයේ ගමන් කරනකොට අනතුරක් වුණාට පසුව නැත්නම් අනතුරක් සිදු වෙන වෙලාවක අපිට සිදු කරන්න පුළුවන් පියවර වලටයි. Passive safety මඟින් අපිට හදිසි අනතුරකදී තුවාල වීමේ අවදානම අවම කිරීම හෝ වැළැක්වීම සිදු කරන්න පුළුවන්. වාහනයක තියෙන passive safety තමයි seat belt හා air bag කියන්නේ.

Active safety

Active safety කියන්නේ අනතුරක් සිදු වෙන්න කලින් අපිට ගන්න පුළුවන් ආරක්ෂාකාරී පියවර වලටයි. මෙහිදී අපිට සිදු වෙන අනතුරු වළක්වා ගන්න පුළුවන්. වාහනයක active safety වලට අදාළ දේවල් කිහිපයක්ම තියෙනවා. ඒ අනුව - Windscreen - Brake - Rear view camera වගේ දේවල් active safety වලට අදාළ වෙනවා.

වාහනයක තියෙන safety sense

වාහනයක safety sense system 3ක් තියෙනවා.ඒ තමයි, - වාහනයේ ඉදිරිපස අනතුරක් වැළැක්වීම - වාහනය මංතීරු මාරු කිරීම - Auto head light

වාහනයේ ඉදිරිපස අනතුරක් වැළැක්වීම

මෙහිදී වාහනයේ windscreen එකේ laser සහ camera එකක් තියෙනවා. මේ system වාහන brand වලට අනුව වෙනස් වෙනවා. මේ system එක මඟින් ඔයාට හදිසි අවස්ථාවකදී වාහනය නවත්වා ගන්න බැරි වුණොත් වාහනය නැවැත්වීමට මේ system එක උදව් කරනවා.

වාහනය මංතීරු මාරු කිරීම

ඔයා වාහනය මාර්ගයේ drive කරනකොට signal දාන්නේ නැතුව ඔයාගේ අවධානයෙන් නැතිව වාහනය යම් තරමක් හැරවුණොත් steering wheel එක මගින් වාහනය හරි මංතීරුවට යොමු කරනවා. මේ system එක සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ වාහනය පැයට 40km ක පමණ වේගයකින් යනකොට විතරයි.

Auto head light

අපි රාත්‍රියේ වාහනයක් drive කරනකොට අපිට පැහැදිලිව මාර්ගය නිරීක්ෂණය කරන්න head light උදව් වෙනවා. නමුත් මේක අපිට පහසු වුණත් අපිට ඉදිරියෙන් එන වාහනයේ ගමන් කරන අයට මේ head light ගොඩක් අපහසුයි. ඉතින් මේ auto head light system එක මගින් සිදු වෙන්නේ රාත්‍රියේ වාහනයේ ගමන් කරනකොට ඉදිරියෙන් පැමිණෙන වාහන වලට අපහසුතාවයක් නොවෙන විදිහට head light පාලනය කරනවා. ඒ අනුව වාහනය ඉදිරියෙන් වාහනයක් පැමිණෙන විට head light එකේ එළිය අඩු කරලා වාහන නොමැති අවස්ථාවක head light එක නැවතත් තිබුණ තත්වයට පත්වෙනවා. මෙන්ම මේ දේවල් තමයි වාහනයක තියෙන safety package. මේ safety package ගැන දැනගෙන හිටියොත් ඔයාට සිදු වෙන අනතුරු අවම කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා අලුතින් වාහනයක් ගන්නවා නම් ඒ වාහනයේ තියෙන safety package ගැනත් අවධානය යොමු කරන්න.
Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!