මංසන්ධි මත ඇති සළකුණු සහ ඒවායේ නීති මොනවද

time
මිනිත්තු 4 කියවීම
feature image

හතරමං හන්දියක අතරමං නොවී යන්න ඔබ දන්නවද? හතරමං හන්දියක විතරක් නෙවෙයි, වාහනයක් drive කරනවා නම්, තුන්මං හන්දියක වුණත් හරියටම යන්නෙ කොහොමද කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේ. මේ කියන්න හදන්නේ, මංසන්ධියක් මත තියෙන සළකුණු ගැන. මේ දේවල් ගැන දැනුවත් නැති වුණාම තමයි, විවිධ අනතුරු වලට මුහුණු දෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා MotorGuide අපි අද ඔබට කියන්නම්, මංසන්ධි මත තියෙන සළකුණු සහ ඒවායේ නීති මොනවද කියලා.

හතරමං හන්දි, තුන්මං හන්දි කියන්නේ මොනවද?

අපිට මංසන්ධියක් මත තියෙන සලකුණු සහ හැරවීම පිළිබඳ නීති මූලික කොටස් දෙකක් යටතේ හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි, එකිනෙක හරහා යන මාර්ග. අහලා තියෙනවා නේද හතරමං හන්දි ගැන. ඒ තමයි එකිනෙක හරහා යන මාර්ග. දෙවෙනි එක තමයි, මාර්ග තුනක් හමුවන මංසන්ධිය. ඒවට තමයි තුන්මං හන්දි කියන්නේ.

හතරමං හන්දියක ඇති සලකුණු සහ නීති මොනවද?

මේ මංසන්ධිය මැද වටරවුමක් නැති වුණත් ඊට වලංගු වුණු නීති තියෙනවා.

  • මංසන්ධියෙන් පිට වෙන්න, පැහැදිලි මාර්ගයක් නැත්නම්, එතනදි ඉඩ ලබා දෙන ඉරට කලින් නතර වෙන්න ඕනේ.
  • හැබැයි ඔබට මංසන්ධියට ඇතුල් වෙලා වාහනය නතර කරගෙන ඉන්න බැහැ. මොකද ඒක තහනම්.
  • පදිකයින්ට ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕන සංඥා තියෙනවා නම්, ඒ පිළිබඳව සැළකිලිමත් වෙන්න ඕනේ.

හතරමං හන්දියක වම්පසට හරවන්නේ කොහොමද?

  • මංතීරු එකකට වැඩි අවස්ථාවකදී වම්පසින් ඇති තීරුවේ පැමිණීම අනිවාර්යයි.
  • මාර්ගයේ වම්පසින් තනි ආලෝක පුවරුවක් තියෙනවා නම්, ඒ පුවරුවේ සංඥා අනුව තමයි ගමන් කරන්න ඕනේ.
  • වම්පසින් ආලෝක සංඥා පුවරුවක් නැතුව මාර්ගයට ඉහළින් ද්විත්ව ආලෝක සංඥා පුවරු සවි කරලා තියෙනවා නම්, ඒකෙ ඉදිරියට යන්න තියෙන සංඥාවෙන් වම්පසට හරවන්නත් ඉඩ ලබා දෙනවා.
  • හැබැයි ආලෝක සංඥා පුවරු නැත්නම්, දකුණු පසින් එන වාහන වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් ආරක්ෂාකාරීව වම්පසට හරවන්න පුළුවන්.

හතරමං හන්දියකදී කෙළින්ම ඉදිරියට යන්නේ කොහොමද?

  • මංතීරු දෙකක් විතරක් තියෙනවා නම්, වම්පස තීරුවේත්, මංතීරු දෙකකට වැඩියි නම්, මැදින් තියෙන නැත්නම් මාර්ගය මත තියෙන සලකුණු කරපු තීරුවේත් පැමිණීම අනිවාර්යයි.
  • මාර්ගයට ඉහළින් ද්විත්ව ආලෝක සංඥා පුවරු නැත්නම් සහ මාර්ගයේ වම්පසින් තනි ආලෝක සංඥා පුවරුවක් තියෙනවා නම්, ඒ පුවරුවේ සංඥා අනුව තමයි ඔබ drive කරන්න ඕනේ.
  • සමහර විට වම්පසින් පුවරුවක් නැතුව මාර්ගයට ඉහළින් ද්විත්ව ආලෝක සංඥා පුවරු සවි කරලා තියෙන්න පුළුවන්. එහෙනම් ඒකෙ ඉදිරියට යන්න තියෙන සංඥාවෙන් විතරක් ඉදිරියට ගමන් කරන්න ඕනේ.
  • හිතන්නකො ආලෝක සංඥා පුවරු නෑ කියලා. එහෙනම් දකුණු පසින් එන වාහන සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් ආරක්ෂාකාරීව ඉදිරියට drive කරන්න ඕනේ.

හතරමං හන්දියකදී දකුණු පසට හරවන්නේ කොහොමද?

  • මංතීරු එකකට වැඩි අවස්ථාවකදී දකුණු පසින් ඇති තීරුවේ drive කිරීම අනිවාර්යයි.
  • මාර්ගයේ දකුණු පසින් තනි ආලෝක පුවරුවක් තියෙනවා නම්, ඒ පුවරුවේ සංඥා අනුව තමයි ගමන් කරන්න ඕනේ.
  • සමහර විට දකුණු පසින් පුවරුවක් නැතුව මාර්ගයට ඉහළින් ද්විත්ව ආලෝක සංඥා පුවරු සවි කරලා තියෙන්න පුළුවන්. ඒ වෙලාවට ඒකෙ දකුණට හරවන්න තියෙන සංඥාවෙන් දකුණු පසට හරවන්න ඉඩ ලබා දෙනවා.
  • ආලෝක සංඥා පුවරු නැත්නම් දකුණු පසින් එන වාහන සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් ආරක්ෂාකාරීව දකුණු පසට හරවන්න පුළුවන්.

තුන්මං හන්දියක ඇති සලකුණු සහ නීති මොනවද?

මේ මංසන්ධිය T හැඩයට අමතරව වෙනත් හැඩයන් වලිනුත් පවතින්න පුළුවන්. ඒ වගේම මේ නීති හැම අවස්ථාවකදීම වලංගු වෙනවා.

  • මංසන්ධියෙන් පිට වෙන්න, පැහැදිලි මාර්ගයක් නැත්නම්, එතනදි ඉඩ ලබා දෙන ඉරට කලින් නතර වෙන්න ඕනේ.
  • හැබැයි ඔබට මංසන්ධියට ඇතුල් වෙලා වාහනය නතර කරගෙන ඉන්න බැහැ. මොකද ඒක තහනම්.
  • පදිකයින්ට ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕන සංඥා තියෙනවා නම්, ඒ පිළිබඳව සැළකිලිමත් වෙන්න ඕනේ.

තුන්මං හන්දියකදී වම්පසට හරවන්නේ කොහොමද?

  • මංතීරු එකකට වැඩි අවස්ථාවකදී වම්පසින් ඇති තීරුවේ පැමිණීම අනිවාර්යයි.
  • මාර්ගයේ වම්පසින් තනි ආලෝක සංඥා පුවරුවක් තියෙනවා නම්, ඒ පුවරුවේ සංඥා අනුව drive කරන්න ඕනේ.
  • වම්පසින් ආලෝක සංඥා පුවරුවක් නැතුව මාර්ගයට ඉහළින් හෝ මාර්ගයේ අනෙක් පසින් ඒ කියන්නේ ඉදිරියෙන් ද්විත්ව ආලෝක සංඥා පුවරු සවි කරලා තියෙන අවස්ථාවක් ගැන හිතන්නකො.එහෙනම් එහි වම්පසින් තියෙන පුවරුවේ ඇති සංඥාවෙන් වම්පසට හරවන්න ඉඩ ලබා දෙනවා.
  • ආලෝක සංඥා පුවරු නැත්නම්, දකුණු පසින් එන වාහන වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් ආරක්ෂාකාරීව වම්පසට හරවන්න පුළුවන්.
  • උප මාර්ගයක්, ප්‍රධාන මාර්ගයකට සම්බන්ධ වෙනවා නම්, ප්‍රධාන මාර්ගයට තමයි ඔබ හැම වෙලාවෙම ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕනේ.

තුන්මං හන්දියකදී දකුණු පසට හරවන්නේ කොහොමද?

  • මංතීරු එකකට වැඩි අවස්ථාවකදී දකුණු පසින් ඇති තීරුවේ පැමිණීම අනිවාර්යයි.
  • මාර්ගයේ දකුණු පසින් තනි ආලෝක සංඥා පුවරුවක් තියෙනවා නම්, ඒ පුවරුවේ සංඥා අනුව ගමන් කරන්න ඕනේ.
  • දැන් දකුණු පසින් ආලෝක සංඥා පුවරුවක් නැතුව මාර්ගයට ඉහළින් හෝ මාර්ගයේ අනෙක් පසින් ඒ කියන්නේ ඉදිරියෙන් ද්විත්ව ආලෝක සංඥා පුවරු සවි කරලා තියෙන අවස්ථාවක් ගැන හිතන්නකො. ඒ වගේ අවස්ථාවකදී එහි දකුණු පසින් තියෙන පුවරුවේ ඇති සංඥාවෙන් මාර්ගය හරහා ගිහින් දකුණු පසට හරවන්න ඉඩ ලබා දෙනවා.
  • ආලෝක සංඥා පුවරු නැත්නම් දකුණු පසින් එන වාහන වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් ආරක්ෂාකාරීව මාර්ගය හරහා ගිහින් දකුණු පසට හරවන්න පුළුවන්.
  • අනිත් දේ තමයි උප මාර්ගයක්, ප්‍රධාන මාර්ගයකට සම්බන්ධ වෙනවා නම්, ඔබ ප්‍රධාන මාර්ගයට තමයි හැම වෙලාවෙම ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕනේ.

දැන් ඉතින් ඔබට කිසිම බයක් නැතුව, හතරමං හන්දි වල, තුන්මං හන්දි වල වාහනය drive කරන්න පුළුවන්. හැබැයි ඒකට අපි අද කියපු දේවල් හොඳින් මතක තියාගන්න ඕනේ. එතකොට තමයි ඔබට වගේම පාරෙ යන එන අනිත් අයටත් ආරක්ෂාව ගැන සහතික වෙන්න පුළුවන් වෙන්නේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!