වාහනය අතරමඟ නැවතුණොත් මොකද කරන්නේ?

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔයාගේ වාහනය කවදාහරි පාරේ නැවතිලා තියෙනවද? කිසිම උදව්වක් නැතුව වාහනය පාරේ කැඩීලා ගිහින් තියෙනවද? එහෙම වුනාම ඔයා කොච්චර අපහසුතාවයකට ලක් වෙනවද කියලා ඔයා දන්නවා ඇති. සාමාන්‍යයෙන් වාහනයක් ගත්ත දවසේ ඉදන් අවම වශයෙන් වරක් හෝ දෙවරක් ගොඩක් අය මේ තත්වයට මුහුණ දෙනවා. ඉතින් අද MotorGuide තුළින් අපි ඔබට කියන්නේ වාහනය හදිසියේම අතරමග නැවතුනාම ඔයා කරන්න ඕනේ දේවල් මොනවද කියලා.

කලබල වෙන්න එපා

වාහනය නැවතුණාම අපි හැමෝම කරන්නේ මුලින්ම කලබල වෙන එක. මෙතැනදී අපි කලබල වෙන්න හොඳ නැහැ. මුලින්ම ඔයා සන්සුන් වෙන්න ඕනේ වගේම අවධානයත් නිවැරදිව තියා ගන්න ඕනේ. මේ වගේ වේලාවකදී ඔයා කනස්සල්ලට පත් වෙන්න තියෙන chance එක වැඩියි. ඒත් කලබල වෙලා ඔයාට කිසිම දෙයක් කරගන්න බැහැ කියන එක මතක තියාගන්න. ඉතින් මේ වගේ වේලාවකදී ඔයා කරන්න ඕනේ සන්සුන් වෙන එක. එහෙම වුණොත් තමයි ඔයාට පවතින තත්වය ගැන වගේම මේ වගේ වේලාවකදී ඔයා කරන්න ඕනේ මොනවද කියලා ඔයාට හිතන්න පුළුවන් වෙන්නේ.

Hazard lights on කරන්න

ඔයා වගකිවයුතු driver කෙනෙක් විදිහට හදිසි අවස්ථාවකදී මොකක්ද කරන්න ඕනේ කියන එක දැන ගන්න එක ගොඩක් වැදගත්. ඔයා වාහනය නතර කරලා තියෙනවා කියලා අනිත් රියදුරන්ට දැනගන්න වගේම සංඥා කිරීමට සහ ළඟා වන විට ප්‍රවේශම් වීමට hazard lights on කරන්න. ඒ වගේම වෙනත් රියදුරන්ට ඔයාව ආරක්ෂිතව පහු කරගෙන යෑමට ඉඩ තියෙනවා කියලා කියන්නත් hazard lights උපකාරී වෙනවා.

ගැටලුව තේරුම් ගන්න

අපි වාහනයේ ප්‍රශ්නයක් වෙච්ච ගමන් කරන්නේ ඉක්මනට උදව් ඉල්ලන එක. හැබැයි අපි උදව් ඉල්ලන්න කලින් අපි මුලින්ම බලන්න ඕනේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මොකද අපි උදව්වක් ඉල්ලන්නත් හරිම ගැටලුව දැනගෙන ඉන්න ඕනේ. උදව් ඉල්ල ගන්න කලින් බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා වාහනයේ සියලුම කොටස් පරික්ෂා කරලා බලන්න අමතක කරන්න එපා. මොකද එතකොට ඔයාට පුළුවන් ඒ ඔස්සේ මේ සඳහා කරන්න ඕනේ මොකක්ද කියන එක ගැන හිතන්න. Battery, fuel pump, ignition system එක check කරලා බලන්න මතක තියාගන්න.

උදව් සඳහා අමතන්න

ඔයාට ගැටලුව විසඳා ගන්න බැරි නම් මේ වගේ වේලාවකදී ඔයා කරන්න ඕනේ කාගෙන් හරි උදව්වක් ඉල්ල ගන්න එක. ඔයාගේ යාලුවෙක්ට හරි එහෙමත් නැත්නම් ඒ ළඟම කාගෙන් හරි ඔයා උදව් ඉල්ලගන්න මතක තියාගන්න. එහෙමත් නැත්නම් ඔයාට mechanic කෙනෙක් ගේ සහය ලබා ගන්න පුළුවන්.

ආරක්‍ෂිත පියවර ගන්න

ඔයා උදව් බලාපොරොත්තුවෙන් සිටින අතරතුර වාහනය ආරක්ෂා කරන්න සියලුම ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන්න. මුලින්ම engine එක ක්‍රියා විරහිත කරලා bonnet එක විවෘත කර සිසිල් වීමට තබන්න. අනෙකුත් රියදුරන් දැනුවත් කිරීමට වාහනය පිටුපස flares සහ reflective triangles තියන්න.

Fluids and tires check කරන්න

නැවත වාහනය පාරට දාන්න කළින් ඔයාගේ වාහනය නිසි ලෙස තියෙනවද කියලා බලන එක අත්‍යාවශ්‍යයි. ඔයාගේ වාහනයේ සියලුම fluids වගේම tires හොඳ තත්වයේ තියෙනවද කියලා බලන්න.

ඉස්සරහට වෙන්න තියෙන ගැටලු වළක්වා ගන්න පියවර ගන්න

ඔයාගේ වාහනය නැවත සකස් කලාට පස්සේ ඉස්සරහට වෙන්න තියෙන ගැටලු වළක්වා ගන්න නම් වාහනයේ සියලුම කොටස් ගැන ගොඩක් සැළකිලිමත් වෙන්න. Battery එක check කිරීම වගේම අත්‍යාවශ්‍ය කොටස් නියමිත කාලයේදී replace කරන්නත් මතක තියාගන්න.

මේ දේවල් තමයි ඔයාගේ වාහනය අතරමග නැවතුණොත් ඔයා කරන්න ඕනේ දේවල්. ඉතින් කලබල වෙන්නේ නැතුව සන්සුන් වෙලා මේ පියවරයන් ටික අනුගමනය කරන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!