දුම්රිය හරස් මාර්ග වල එන්ජිම නවතින්නන් ඇයි

time
මිනිත්තු 5 කියවීම
feature image

වාහනයක් drive කරනකොට, විවිධ අවස්ථා වලදි ඔබට දුම්රිය හරස් මාර්ග වලිනුත් drive කරන්න වෙනවා. කොහොමද ඒ වෙලාවට එක පාරම engine එක නැවතුනොත්? Railway track එක උඩ වාහනයේ හදවත නැවතුනා කියන්නේ, අපේ හදවත නැවතුනා වගේ තමයි. නේද? ඇත්තටම ඇයි ඒ වගේ වෙලාවටම වාහනය නවතින්නෙ? නැවතුන එක හරි කියමුකො. වැඩේ කියන්නෙ ඒ වෙලාවටම වාහනය start වෙන්නෙත් නැහැනේ. ඔබට අනන්ත වාරයක් මෙහෙම හිතිලා ඇති. සමහර විට මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දීලත් ඇති. ඒ නිසා MotorGuide අපි අද ඔබට කියන්නම්, දුම්රිය හරස් මාර්ග වල වාහනයේ engine එක නවතින්නෙ ඇයි කියලා.

Railway track එකෙන් වාහනය cross කරන්නෙ කොහොමද?

Railway crossing එකක් සාමාන්‍ය පාරට වඩා ටිකක් උසින් තමයි තියෙන්නෙ. ඒ නැති වුණත් railway track එකේ ලිස්සන සුළු ගතියක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ railway crossing එක මතින් යනවා කියන්නේ බාධකයක් මතින් යනවා කියන එකම තමයි. ඔබ drive කරන්නේ manual වාහනයක් නම්, යන gear එක slow කරලා එහෙම නැත්නම් clutch balance එකෙන් තමයි railway track එකෙන් cross කරන්න වෙන්නේ. Auto gear වාහනයක නම්, accelerate කරන්න ඕනේ නැති නිසා, brake එක release කරමින් තමයි cross කරන්නේ.

Railway track එක උඩ ඇත්තටම engine එක නවතිනවද?

හදිස්සියේ හරි ඔබ වාහනය railway track එකේ නතර කළොත්, slow වෙලා වාහනය නවතින තත්වයටම එන්න පුළුවන්. එතනදි වෙන්නේ, engine එක නවතින එක නෙවෙයි. වෙන්නේ වාහනය සම්පූර්ණයෙන්ම stop වෙන එක. ඉතින් ඔබ නිකමට හරි railway track එකේ වාහනය නතර කළොත්, ඒ මත තියෙන ලිස්සන ගතිය නිසා, තරමක් උස් ගතිය නිසා වාහනය race කරන්න වෙනවා. හැබැයි ඉතින් ඒකට ලොකු power එකක් දෙන්නත් වෙනවා.

Manual වාහනයක නම් මේ වගේ අවස්ථාවකදී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද එක පාරම engine එක නවතින්න පුළුවන්. හැබැයි ඉතින් auto වාහනයක වුණත් mechanical fault එකක් හරි, electrical fault එකක් හරි තිබුණොත් වාහනය stop වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් සැළකිලිමත් වෙන්න ඕනේ.

Train එකේ magnetic field එකක් නිසාද වාහනය නවතින්නේ?

Railway crossing එකේදි engine එක නැවතුනොත්, සමහර අය හිතනවා මේක train එකේ magnetic field එකක් නිසා වෙන දෙයක් කියලා. ඕක ගොඩක්ම බලපාන්නේ, engine එකේ sound එක ඒ තරම්ම ඇහෙන්නේ නැති වාහන drive කරනකොට. මොකද engine එක start එකේ තිබුණත්, වෙලාවෙ හැටියට ඔබ හිතන්නේ, railway crossing එකක් උඩ නැවත්තුවම එන magnetic field එකක් නිසා තමයි engine එක off වෙන්නේ කියලා. එහෙම හිතලා ඔබ කලබල වෙනවා. හරියට හිතා ගන්න බැහැ, වාහනය තියෙන්නේ start එකේද නැද්ද කියලා. එතනදිත් වාහනය තියෙන්නේ start එකේ නෙවෙයි කියලා තමයි ඔබට හිතෙන්නේ.

Magnetic field එකක් ඇති වෙන්න නම්, අනිවාර්යයෙන්ම current එකක් ගමන් කරන්න ඕනේ. එතකොට ඒ current එක ගමන් කරන කම්බිය වටේ magnetic field එකක් ඇති වෙන්න පුළුවන්. නැත්නම් ඒක ස්වාභාවිකවම magnetic වෙන්න ඕනේ.

Train එක ඈතින් එනකොට, ඒකෙ තියෙන magnetic field එක නිසා වාහනයක start system එකට බලපෑමක් වෙනවා කියලා විද්‍යාත්මකව හොයාගෙන නැහැ. එතනදි ගොඩක්ම වෙන්නේ ඔබ කලබල වෙන එක. ඒ වගේම අනාරක්ෂිත විදිහට railway track එකක වාහනය නතර කරමින් drive කරන එක. අන්න ඒ නිසා train එකක් ගියා කියලා, magnetic field එකක් ඇති වෙනවා කියන්න බැහැ. විශේෂයෙන්ම වෙනත් දෙයකට බලපෑමක් කරන විදිහට magnetic field එකක් ඇති වෙනවා කියලා ඔබට කොහොමටවත් කියන්න බැහැ.

Railway crossing එකේදි අනතුරු වළක්වා ගන්නේ කොහොමද?

දුම්රිය පැමිණෙනවාද යන්න බලන්න

ඔය මොන දේ වුණත්, drive කරනවා නම් ඔබට railway crossing එකකින් යන්නම වෙනවා. හැබැයි එතනදි ඔබ මුලින්ම බලන්න ඕනේ, train එකක් එනවද නැද්ද කියලා. Train එක එන බව දැනුවත් කරන්න gate එකක්, signal lights දාලා තියෙනවා. ඒ වගේම bell සවි කරලා තියෙනවා.

සමහර අවස්ථා වලදි නම් gate එකක් නැතුව signal light විතරක් දාලා තියෙනවා. ඒ වගේ වෙලාවට ඔබ ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. Red light එක පත්තු වෙලා තියෙනවා නම්, අනිවාර්යයෙන්ම train එක යනකම් ඔබ වාහනය stop කරලා තියාගන්න ඕනේ. ඒ වගේ වෙලාවට වැරදිලාවත් වාහනය railway crossing එක හරහා දාන්න නම් එපා.

Railway crossing එකේ වාහනය නතර කරන්න එපා

තවත් සමහර අවස්ථා තියෙනවා, gate එකක්, signal light, bell කිසිම දෙයක් නැති. එහෙම අවස්ථාවකදී හදිස්සියටවත් වාහනය railway track එක උඩ නවත්වන්න එපා. ඒ විදිහට ඔබට railway crossing එකේ වාහනය නවත්වන්න වෙන එක අවස්ථාවක් තමයි, traffic එක. Traffic එකකදි ඉදිරියෙන් යන වාහනය නතර කළාට පස්සේ, ඔබේ වාහනය railway track එක උඩම නවත්වන්න වෙන අවස්ථාවක් එන්න පුළුවන්. Traffic එකේ ඉන්නකොට crossing එකට ළං වුණොත්, crossing එකේ නවත්වන්නේ නැතුව, crossing එකට කලින් ඔබේ වාහනයට සමාන distance එකක් තියාගෙන වාහනය නවත්වන්න. මොකද හදිස්සියක් වුණොත් ඔබට වාහනය එතනට දාගන්න පුළුවන්.

වාහනයේ control එක ගැන හොඳ අවබෝධයක් තියාගන්න

Railway crossing එකක් හරහා යනකොට සිද්ධ වෙන්න පුළුවන් අනතුරු වළක්වා ගන්න නම්, අනිවාර්යයෙන්ම ඔබට වාහනයේ control එක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ, වාහනයේ engine එක start එකේද නැත්නම් off වෙලාද තියෙන්නේ, gear එකේ තියෙනකොට start වෙනවද, neutral වැටිලද තියෙන්නේ මේ වගේ කාරණා ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ. එහෙම නැති වුණාම තමයි ඔය ඉබේම කලබල වෙන එක, සිද්ධ වෙන්නේ. ඒ නිසා, වාහනයේ control එක ගැන සැළකිලිමත් වෙන්න.

Railway crossing එකේ වාහනය නතර වුණොත් මොකද කරන්නේ?

ඔබේ අතින්ම engine එක off වෙලා හරි, mechanical fault එකක් වෙලා ඇත්තටම වාහනය start නොවී නැවතුනොත් හරි කරන්න තියෙන හොඳම දේ තමයි ඉක්මණින් වාහනයෙන් ඉවත් වෙන එක. මොකද train එක එන්නෙ කොච්චර වෙලාවකින්ද කියන්න ඔබ හරියටම දන්නේ නැති නිසා.

ඊළඟට වාහනය train එකේ වැදිලා විසි වෙන්න පුළුවන් නිසා, ඒ අසළම රැඳෙන්නත් එපා. ඊට පස්සේ, ඒ අසළ තියෙන railway station දෙක දැනුවත් කරන්න. අඩුම තරමෙ 119 ට හරි ඇමතුමක් දෙන්න ඕනේ. මොකද එතකොට ඒ පණිවිඩේ දීලා train එක මගදී නවත්වා ගන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්.

ඔබේ වාහනය railway crossing එකෙන් ඉවත් කර ගන්න සරිලන කාලයකින් train එක එනවා කියලා හරියටම දන්නවා නම්, වාහනය start නොවී තියෙන වෙලාවක ඔබට අවට ඉන්න අයගෙන් උදව් අරගෙන crossing එකෙන් වාහනය ඉවත් කරගන්න පුළුවන්. Auto වාහනයක නම් shift lock button එක press කරලා neutral එකට දාලා එතනින් වාහනය තල්ලු කරන්න පුළුවන්. Manual වාහනයක නම් ප්‍රශ්නයක් නැහැ. අපිට neutral දාගන්න පුළුවන්. හැබැයි ඔබ මේක කරන්න ඕනේ, මුලින්ම එතනින් ඉවත් වෙලා time එක තියෙනවා නම් විතරයි.

Railway crossing එකකදී වාහනයේ engine එක නවතින්නේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ වගේම, හදිස්සියේ හරි ඇත්තටම railway track එකේ වාහනය start නොවී නතර වුණොත් මොනවද කරන්න ඕනෙ කියන කාරණා ගැන දැන් ඔබ හොඳින්ම දන්නවා. ඒ නිසා මීට පස්සෙ ඒ වගේ අවස්ථා වලදී කලබල නොවී වැඩ කරන්න ඕනේ. ඕනම අවස්ථාවකදී සැළකිලිමත්ව drive කරනවා නම් ඔබට මේ දේවල් ප්‍රශ්න නෙවෙයි. ඒ නිසා railway crossing එකේ යනකොට අපි අද කියපු දේවල් අනිවාර්යයෙන්ම මතක තියාගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!