වාහන සඳහා 'Connected Car' තාක්ෂණය සහ එහි ප්‍රයෝජන

time
මිනිත්තු 2 කියවීම
feature image

දැන් කාලේ වාහනයක් කියන්නේ නිකම්ම යකඩ ගොඩක් නෙවෙයි, ඒක හරියට රෝද හතරක් උඩ යන සුපිරි පරිගණකයක් වගේ. "Connected Car" තාක්ෂණය කියන්නේ අන්න ඒ දියුණුවේ උපරිම අවස්ථාවට. මේක ගැන සරලවම කිව්වොත්, මේකෙන් වෙන්නේ ඔයාගේ වාහනය අන්තර්ජාලය (Internet) හරහා ලෝකයත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධ වෙලා තියෙන එකයි. මේකෙන් ලැබෙන ප්‍රයෝජන ටික අපි මෙන්න මෙහෙම පැහැදිලි කරන්නම්.

දුරස්ථ පාලනය (Remote Access) සහ පහසුව

Connected Car තාක්ෂණය තියෙන වාහනයක තියෙන ලොකුම පහසුව තමයි තමන්ගේ ස්මාර්ට් ෆෝන් එකෙන් වාහනය පාලනය කරන්න පුළුවන් වීම. හිතන්නකෝ දවල් වෙලාවක පාරේ නවත්තලා තියෙන වාහනයට නගින්න කලින්, ගෙදර ඉඳන්ම ෆෝන් එකෙන් වාහනය ස්ටාර්ට් කරලා ඒසී (AC) එක දාලා තියන්න පුළුවන් නම්? ඒ විතරක් නෙවෙයි, වාහනය ලොක් කළාද කියලා සැකයක් ආවොත් ලෝකයේ කොහේ හිටියත් ෆෝන් එකෙන් ඒක පරීක්ෂා කරලා ලොක් කරන්න මේ තාක්ෂණයෙන් පුළුවන්.

වාහනයේ සෞඛ්‍යය පරීක්ෂාව (Real-time Diagnostics)

මේ තාක්ෂණයෙන් වාහනයේ තියෙන සෙන්සර් (Sensors) හරහා එන්ජිමේ තත්වය, ටයර් වල හුළං පීඩනය, ඔයිල් මට්ටම වගේ හැම දෙයක්ම නිරන්තරයෙන් පරීක්ෂා කරනවා. මොකක් හරි ලෙඩක් එන්න කලින්ම ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා "මේ සෙන්සර් එකේ දෝෂයක් තියෙනවා, වහාම පරීක්ෂා කරන්න" කියලා. එතකොට ලොකු නඩත්තු එන්න කලින්ම වාහනය ඒවයින් බේරගන්න ඔයාට පුළුවන්.

ආරක්ෂාව සහ සොරකම් වලට එරෙහිව (Safety & Security)

වාහනයක් හොරකම් කළොත් හොයාගන්න එක මේ තාක්ෂණය නිසා දැන් හරිම ලේසියි. GPS හරහා වාහනය තියෙන තැන බලන්න පුළුවන් වගේම, සමහර වාහන වල අයිතිකරුට පුළුවන් දුරස්ථව ඉඳන් එන්ජිම ක්‍රියා විරහිත කරන්න (Remote Engine Immobilization). ඒ විතරක් නෙවෙයි, වාහනය අනතුරකට ලක් වුණොත්, වාහනය විසින්ම ස්වයංක්‍රීයව අදාළ සහන සේවා වලට (Emergency Services) පණිවිඩයක් යවනවා අනතුර වුණු ස්ථානයත් එක්කම.

මෘදුකාංග යාවත්කාලීන කිරීම් (OTA Updates)

ඉස්සර නම් වාහනයක මොකක් හරි ප්‍රශ්නයක් ආවම හෝ අලුත් ෆීචර් එකක් දාන්න ඕන වුණාම ඒජන්ට් ගාවට යන්නම ඕනේ. හැබැයි Connected Car එකක වෙන්නේ ස්මාර්ට් ෆෝන් එකක් අප්ඩේට් කරනවා වගේ "Over-the-Air" (OTA) හරහා වාහනයේ මෘදුකාංග යාවත්කාලීන වෙන එක. මේකෙන් වාහනයේ බැටරි මැනේජ්මන්ට් එක, බ්‍රේක් පද්ධතියේ කාර්යක්ෂමතාවය පවා දියුණු කරන්න නිෂ්පාදකයාට පුළුවන්.

මේ තාක්ෂණය නිසා වාහනය පාවිච්චි කරන එක හරිම ලේසියි වගේම ආරක්ෂිතයි. හැබැයි මතක තියාගන්න, මේ හැම දෙයක්ම වැඩ කරන්නේ අන්තර්ජාලය සහ වාහනයේ තියෙන මෘදුකාංග මත නිසා, වාහනයේ "Cyber Security" ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙ.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    වැඩිය දකින්න නැති Active Grille Shutters.

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Heads-Up Display ගැන හරියට දැනගමු.

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    නවීන වාහන වල තියෙන Digital Key / NFC Access

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ වාහන වල තියන Ambient Lighting කියන්නෙ.

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ crawl control කියන්නෙ?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    HVAC system එක ගැන ඉගෙනගමු.

    time
    මිනිත්තු 5 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Torque curve & power band කියන්නේ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Steer-by-Wire තාක්ෂණය ගැන ඉගෙනගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    වාහනයක Exit Warning System එක ඉගෙනගමු.

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Auto Hold Function එක වැඩ කරන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Kia EV5 Long Range 2026

    SUV

    රු 34.5M - 42M

  • Mazda CX-60 2.5 AWD 2025

    SUV

    රු 38M - 44.5M

  • Mazda BT-50 2025

    Pickup

    රු 22M - 24.5M

  • Mazda CX-5 Grade R 2.0L 2025

    SUV

    රු 26.5M - 29.5M

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!