වාහන සඳහා 'Connected Car' තාක්ෂණය සහ එහි ප්‍රයෝජන

time
මිනිත්තු 2 කියවීම
feature image

දැන් කාලේ වාහනයක් කියන්නේ නිකම්ම යකඩ ගොඩක් නෙවෙයි, ඒක හරියට රෝද හතරක් උඩ යන සුපිරි පරිගණකයක් වගේ. "Connected Car" තාක්ෂණය කියන්නේ අන්න ඒ දියුණුවේ උපරිම අවස්ථාවට. මේක ගැන සරලවම කිව්වොත්, මේකෙන් වෙන්නේ ඔයාගේ වාහනය අන්තර්ජාලය (Internet) හරහා ලෝකයත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධ වෙලා තියෙන එකයි. මේකෙන් ලැබෙන ප්‍රයෝජන ටික අපි මෙන්න මෙහෙම පැහැදිලි කරන්නම්.

දුරස්ථ පාලනය (Remote Access) සහ පහසුව

Connected Car තාක්ෂණය තියෙන වාහනයක තියෙන ලොකුම පහසුව තමයි තමන්ගේ ස්මාර්ට් ෆෝන් එකෙන් වාහනය පාලනය කරන්න පුළුවන් වීම. හිතන්නකෝ දවල් වෙලාවක පාරේ නවත්තලා තියෙන වාහනයට නගින්න කලින්, ගෙදර ඉඳන්ම ෆෝන් එකෙන් වාහනය ස්ටාර්ට් කරලා ඒසී (AC) එක දාලා තියන්න පුළුවන් නම්? ඒ විතරක් නෙවෙයි, වාහනය ලොක් කළාද කියලා සැකයක් ආවොත් ලෝකයේ කොහේ හිටියත් ෆෝන් එකෙන් ඒක පරීක්ෂා කරලා ලොක් කරන්න මේ තාක්ෂණයෙන් පුළුවන්.

වාහනයේ සෞඛ්‍යය පරීක්ෂාව (Real-time Diagnostics)

මේ තාක්ෂණයෙන් වාහනයේ තියෙන සෙන්සර් (Sensors) හරහා එන්ජිමේ තත්වය, ටයර් වල හුළං පීඩනය, ඔයිල් මට්ටම වගේ හැම දෙයක්ම නිරන්තරයෙන් පරීක්ෂා කරනවා. මොකක් හරි ලෙඩක් එන්න කලින්ම ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා "මේ සෙන්සර් එකේ දෝෂයක් තියෙනවා, වහාම පරීක්ෂා කරන්න" කියලා. එතකොට ලොකු නඩත්තු එන්න කලින්ම වාහනය ඒවයින් බේරගන්න ඔයාට පුළුවන්.

ආරක්ෂාව සහ සොරකම් වලට එරෙහිව (Safety & Security)

වාහනයක් හොරකම් කළොත් හොයාගන්න එක මේ තාක්ෂණය නිසා දැන් හරිම ලේසියි. GPS හරහා වාහනය තියෙන තැන බලන්න පුළුවන් වගේම, සමහර වාහන වල අයිතිකරුට පුළුවන් දුරස්ථව ඉඳන් එන්ජිම ක්‍රියා විරහිත කරන්න (Remote Engine Immobilization). ඒ විතරක් නෙවෙයි, වාහනය අනතුරකට ලක් වුණොත්, වාහනය විසින්ම ස්වයංක්‍රීයව අදාළ සහන සේවා වලට (Emergency Services) පණිවිඩයක් යවනවා අනතුර වුණු ස්ථානයත් එක්කම.

මෘදුකාංග යාවත්කාලීන කිරීම් (OTA Updates)

ඉස්සර නම් වාහනයක මොකක් හරි ප්‍රශ්නයක් ආවම හෝ අලුත් ෆීචර් එකක් දාන්න ඕන වුණාම ඒජන්ට් ගාවට යන්නම ඕනේ. හැබැයි Connected Car එකක වෙන්නේ ස්මාර්ට් ෆෝන් එකක් අප්ඩේට් කරනවා වගේ "Over-the-Air" (OTA) හරහා වාහනයේ මෘදුකාංග යාවත්කාලීන වෙන එක. මේකෙන් වාහනයේ බැටරි මැනේජ්මන්ට් එක, බ්‍රේක් පද්ධතියේ කාර්යක්ෂමතාවය පවා දියුණු කරන්න නිෂ්පාදකයාට පුළුවන්.

මේ තාක්ෂණය නිසා වාහනය පාවිච්චි කරන එක හරිම ලේසියි වගේම ආරක්ෂිතයි. හැබැයි මතක තියාගන්න, මේ හැම දෙයක්ම වැඩ කරන්නේ අන්තර්ජාලය සහ වාහනයේ තියෙන මෘදුකාංග මත නිසා, වාහනයේ "Cyber Security" ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙ.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Nissan X-Trail හිමියන්ට හිසරදයක් වුණ Jatco CVT

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොනවද මේ DRL (Daytime Running Light) කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Forward Collision Warning (FCW) කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Torsion Bar Suspension කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    BMW i8 එකටම Unique වෙච්ච Floating Buttresses

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Seat Belt Pre-tensioners කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ i-DCD Gearbox කියන්නෙ?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Starter Motor නැති Hybrid

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Horse Power (HP) සහ Brake Horse Power (BHP) අතර ඇති වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    එන්ජින් එකකට flywheel එකක් තියනෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!