AC Errors අලුත් වාහන වල හඳුනා ගන්න තියන system මොනවද?

time
මිනිත්තු 3 කියවීම
feature image

අපි ගමනක් යන්න වාහනයට නැග්ග ගමන් මුලින්ම කරන්නේ AC එක on කරන එක. මොකද AC එකක් නැතුව යම් කිසි දුරක් වාහනයක යනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. හැබැයි අපිට නැතුවම බැරි AC එක නිසා අපි වගේම අපේ වාහනයත් ලෙඩ වෙන්න පුලුවන්. ඒ නිසාම අද MotorGuide තුළින් අපි ඔබව දැනුවත් කරන්න හදන්නේ අලුත් වාහන වල AC errors හඳුනා ගන්න තියන system මොනවද කියලා.

සංකීර්ණ වායු සමීකරණ පද්ධතියක්

වාහන වල එක එක විදියේ indicators තියෙනවා. නමුත් වායු සමීකරණ පද්ධතියට ඒ විදියට විශේෂ වුණු indicators නැහැ. හැබැයි multi information display තියෙන වාහන වල නම් AC error එකක් ආවම massage එකක් එන්න පුලුවන්. ඒත් එක icon එකක් විදියට පෙන්නන්නේ නැහැ. සාමාන්‍යයෙන් multi information display නැති වාහන වල AC error එකක් අවොත් AC button එකේ තියෙන indicator එකෙන් එහෙමත් නැත්නම් AC එකේ තියෙන button එක blink වෙන්න පටන් ගන්නවා. අපිට එකෙන් අදහසක් ගන්න පුලුවන් වායු සමීකරණ පද්ධතියේ දෝෂයක් තියෙනවා කියලා. හැබැයි අලුත් වාහන වල තාක්ෂණයේ දියුණුවත් එක්ක digital privet control තියෙන වාහන වෙළඳපොළට ඇවිත් තියෙනවා. මේ අලුත් වාහන වල සංකීර්ණ වායු සමීකරණ පද්ධතියක් තියෙන්නේ. ඉතින් තමන්ගේ වාහනයේ AC system එකේ electronic error එකක් තමන්ට අඳුර ගන්න ක්‍රමවේද තියෙනවා.

Toyota AC system

උදාහරණයක් විදියට Toyota කියන වාහන මාදිලියට අදාලව ඇතිවෙන AC errors හඳුනා ගන්න තියන system එක ගැන බලමු. වාහනයේ AC Panel එක බැලුවම අපිට switches කීපයක්ම බලා ගන්න පුලුවන්. මේ switches වලින් Auto කියන switch එක තමයි auto කියන mood එකේ ක්‍රියාත්මක වෙන්නේ. Fresh air කියන්නේ system එක air resolutions mood එකට මාරු කරන switch එක. වාහනයේ engine එක off කරලා තියෙන අවස්ථාවේ auto කියන button එක සහ fresh air කියන button එක දෙකම එක පාර press කරගෙන power switch එක on කරන්න. තත්පර දෙකක් විතර switch දෙක deep press කරගෙන ඉඳලා අත හරිනකොට AC Panel එකේ තියෙන සියලුම indicators bulb පත්තු වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම display එකේ තියෙන icons ටික විටින් විට පත්තු වෙන්න පටන් ගන්නවා. මේ bulb පත්තු වෙනවා කියන්නේ හැම switch එකක්ම function වෙනවා කියන එකයි. Button එක function වෙන්නේ නැත්නම් අදාළ indicator එක දැල්වෙන්නේ නැහැ. ඒකෙන් අපිට අඳුරගන්න පුලුවන් system එකේ තියෙන ඔක්කොම් switchers වැඩ කරනවද කියලා.

ඉලක්කම් වලින් අදුරගමු

AC system එකේ වැඩ කරන මෝටර් එකක, sensor එකක දෝෂයක් තියෙනවා නම් segments පෙන්නවන ඉලක්කම් වලින් එක සඳහන් වෙනවා. වාහනයේ engine එක off කරලා තියෙන අවස්ථාවේ auto කියන button එක සහ fresh air කියන button එක දෙකම එක පාර press කරගෙන power switch එක on කලාට පස්සේ temperature එක පෙන්වන තැන බින්දු දෙකක් වැටෙනවා නම් AC system එකේ දෝෂයක් නැහැ. නමුත් බින්දු දෙක නැතුව යම් කිසි ඉලක්කමක් වැටෙනවා නම් ඒ කියන්නේ ඒ අංකයට අදාලව යම් දෝෂයක් AC system එකේ තියෙනවා කියන එක.

මේ විදියට තමයි තමන්ගේ වාහනයේ AC Errors හඳුනා ගන්නේ. ඔබත් මේ දේවල් try කරලා බලන්න. එතකොට පුලුවන් පොඩි දෝෂය විශාල දෝෂයක් වෙන්න කලින් අඳුරගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Nissan X-Trail හිමියන්ට හිසරදයක් වුණ Jatco CVT

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොනවද මේ DRL (Daytime Running Light) කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Forward Collision Warning (FCW) කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Torsion Bar Suspension කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    BMW i8 එකටම Unique වෙච්ච Floating Buttresses

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Seat Belt Pre-tensioners කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ i-DCD Gearbox කියන්නෙ?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Starter Motor නැති Hybrid

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Horse Power (HP) සහ Brake Horse Power (BHP) අතර ඇති වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    එන්ජින් එකකට flywheel එකක් තියනෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!