Lease කරලා වාහනයක් ගන්න කලින් ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

Nipuna Marasinghe
time
මිනිත්තු 4 කියවීම
feature image

එදා ඉඳලා තිබුණු වාහන පිස්සුව තාම හොඳ කර ගන්න බැරි වුණාද? සල්ලි මදියි නම්, දාන්නකො ලීස් එකක්. හැබැයි ගහෙන් ගෙඩි එන්න වගේ ලීස් කරලා වාහනයක් ගන්න බෑ. ඒකට කරුණු කිහිපයක් ගැන ඔබ සැළකිලිමත් වෙන්න ඕනෙ. ඒ නිසා වාහනයක් ලීස් කරලා ගන්න කලින්, MotorGuide අපි අද මේ කියන කරුණු ගැන අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

වාහනයක් මිලදී ගත හැකි ක්‍රම මොනවද?

සාමාන්‍යයෙන් අපිට අලුතෙන් වාහනයක් මිලදී ගන්න පුළුවන්, option දෙකක් තියෙනවා:

  • අතේ ඇති සම්පූර්ණ මුදල වියදම් කර, වාහනය මිලදී ගැනීම.
  • ලීසිං පහසුකමක් සමඟින් වාහනය මිලදී ගැනීම.

හිතේ තියෙන වාහනේ ගන්න සම්පූර්ණ මුදලම අතේ තියෙනවා නම්, කිසිම ප්‍රශ්නයක් නෑ, ඔබට කැමති වාහනයක් මිලදී ගන්න පුළුවන්. හැබැයි හිතේ වාහනයක් තිබුණට ඒක ගන්න අතේ සල්ලි නැති වුණොත්, ඒකට විසඳුම තමයි, ලීස් කරලා වාහනේ ගන්න එක.

අපි මුලින්ම බලමු, ලීස් කරලා වාහනයක් ගන්නවා කියන්නෙ මොකක්ද කියලා.

ලීස් කරලා වාහනයක් ගන්නෙ කොහොමද?

අතේ තියෙන මුදල, වාහනේ ගන්න ප්‍රමාණවත් නැත්නම්, ලීස් කරලා තමයි වාහනේ ගන්න වෙන්නෙ. ඔබ තෝරා ගන්න මූල්‍ය ආයතනය මඟින් වාහනය මිලදී ගැනීමට ලීසිං පහසුකමක් ලබා දෙනවා. එතකොට ඔබට අතේ තියෙන මුදලයි, මූල්‍ය ආයතනයෙන් ලැබෙන මුදලයි එකතු කරලා වාහනේ ගන්න පුළුවන්.

දැන් අපි බලමු, වාහනයක් ලීස් කරලා ගන්නකොට සැළකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා.

ලීසිං පහසුකම ප්‍රමාණවත් වෙයිද?

ඔබ දන්නවනෙ, ලීස් කරලා ගන්න ඉන්න වාහනේ වටිනාකම කොච්චරද කියලා. එතකොට මුලින්ම කරන්න ඕනෙ, ඔබ ළඟ තියෙන මුදලයි, ලීසිං පහසුකම ලබා ගන්න බලාපොරොත්තු වෙන ආයතනයෙන්, ඔබට ලැබෙන මුදලයි, වාහනේ ගන්න ප්‍රමාණවත් වෙනවද කියලා. එහෙම නැතුව එක පාරම ලීස් එක දාලා හදිසියේ හරි වාහනේ ගන්න ඒ මුදල මදි වුණොත් ඔබ ගොඩාක් අසරණ වෙනවා. මොකද හදිසිකම් එන්නෙ හදිසියේ මිසක් කිය කිය නෙවෙයිනෙ.

Unregistered වාහනයක් මිලදී ගන්නකොට, වාහනේ වටිනාකමින් 50% ක් තමයි ලීසිං පහසුකමක් විදියට ගන්න පුළුවන් වෙන්නෙ. ඒ වගේම registered වාහනයක් ඒ කියන්නෙ, used vehicle එකක් ගන්නවා නම්, සාමාන්‍යයෙන් 70% ක් දක්වා ලීසිං පහසුකමක් ලබා ගන්න පුළුවන්.

ඉතින් ඔබ තීරණය කරන්න, අදාළ මූල්‍ය ආයතනයෙන් ලබා දෙන ලීසිං පහසුකම ප්‍රමාණවත් වෙනවද කියලා. ලීස් කරලා වාහනේ ගන්න කලින් මේ දේවල් ගැන හොඳට හිතුවොත් කිසිම ප්‍රශ්නයක් නැතුව හිත බල කරන වාහනේ ගන්න ඔබට හැකියාව තියෙනවා.

ගෙවිය හැකි ලීසිං පහසුකමක් ලබා ගන්න

ගන්න පුළුවන් කියලා අනවශ්‍ය විදියට දැරිය නොහැකි මූල්‍ය වාරික වලට යන්න එපා. මොකද දිගු කාලයක් ඔබට ඒ මුදල ගෙවන්න වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු දෙකක්, තුනක් වගේ කාලයක් මේ ලීසිං පහසුකම ගෙවන්න වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබට ගෙවිය හැකි වාරිකයකට ලීසිං පහසුකමක් ලබා ගන්න.

හරිම මූල්‍ය ආයතනය තෝරා ගන්න

දැන් ඔබ ලීසිං පහසුකමක් ගත්තට, ඒ මුදල අදාළ ආයතනයට ගෙවනවනෙ. ඒ නිසා හරිම මූල්‍ය ආයතනය තෝරා ගන්න ඔබට අයිතිය තියෙනවා. මෙතනදි හොඳ මූල්‍ය ආයතනයක් තෝරා ගන්න එක ගොඩාක් වැදගත්.

අදාළ මූල්‍ය ආයතනයේ පොලී අනුපාතය, ලබා දෙන කඩිනම් සේවාව සහ අවශ්‍ය කරන අවම ලියකියවිලි ප්‍රමාණය කියන දේවල් මූල්‍ය ආයතනය තෝරා ගැනීමේදී වැදගත් වෙනවා. ඒ නිසා මේ කාරණා ගැන සැළකිලිමත් වෙලා ඔබට ගැළපෙන මූල්‍ය ආයතනය තෝරා ගන්න. මේ වෙද්දි මූල්‍ය ආයතන සහ වාණිජ බැංකු කියන දෙකම ලීසිං පහසුකම් ලබා දෙනවා.

ලීසිං පහසුකම ගැන කතා කරන්න

සාමාන්‍යයෙන් මූල්‍ය ආයතනයක් තෝරා ගත්තට පස්සෙ, ඒ ආයතනය සමඟ, ලබා ගන්න ලීසිං පහසුකම ගැන කතා කරන්න ඕනෙ. ඔබට අවශ්‍ය කරන මුදල ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව, අවශ්‍ය කරන ලියකියවිලි මොනවද යන්න පිළිබඳව සහ ඔබ ලබා ගන්නා මුදලට අදාළව මාසික වාරිකය, ගෙවීමට ඇති සේවා ගාස්තුව පිළිබඳව තමයි ඔබ මූල්‍ය ආයතනයෙන් දැන ගන්න ඕනෙ. එතනදි බලාපොරොත්තු වුණු විදියට ඔබ සෑහීමකට පත් වෙනවා නම්, ඒ මූල්‍ය ආයතනය තෝරා ගන්න පුළුවන්.

ලීසිං පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය දේවල්

වාහනේ විකුණන තැනින්, ඔබ තෝරා ගත් වාහනය විකිණීම සම්බන්ධයෙන් invoice එකක් ලබා දෙනවා. ඒ නිසා මතක ඇතුව අදාළ invoice එක ලබා ගන්න. හැබැයි ඔබ ගන්නෙ second hand වාහනයක් ඒ කියන්නෙ, registered වාහනයක් නම්, වාහනේ අයිතිකරුගෙන් ලියුමක් ලබා ගන්න. ඒකෙ තියෙන්න ඕනෙ, කොච්චර මිලකට වාහනේ විකුණනවද කියන කාරණාව ගැන. එතනදි ඔබට වගේම මූල්‍ය ආයතනයටත් අදාළ මිල ගණන් ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

ඒ වගේම registered වාහනයක් ගන්නකොට, අයිතිකරුගෙන් වාහනයේ ලියාපදිංචි සහතිකයේ copy එකක් ලබා ගන්න ඕනෙ.

මොකද ඒක, ලීසිං පහසුකම ආරම්භ කිරීමට, අනිවාර්යයෙන් මූල්‍ය ආයතනයට අවශ්‍ය කරන නිසා. මේ ලියකියවිලි දෙක ලෑස්ති කරගෙන මූල්‍ය ආයතනයට දීලා, ලීසිං පහසුකම ලබා ගන්න පුළුවන්.

තව දෙයක් තමයි, ඔබ ගන්නෙ registered වාහනයක් නම් තක්සේරු වාර්තාවක් සිදු කරන්න ඕනෙ. මූල්‍ය ආයතනයට අදාළව තක්සේරුකරුවන් ඉන්නවා. මතක ඇතුව ලියාපදිංචි තක්සේරුකරුවෙක්ගෙන් මේ වාර්තාව ලබා ගන්න. එතකොට වැඩේ තවත් පහසු කර ගන්න ඔබට හැකියාව තියෙනවා.

මේ දේවල් ගැන තමයි, ලීස් කරලා වාහනයක් ගන්න කලින් ඔබ සැළකිලිමත් වෙන්න ඕනෙ. දැන් ඉතින් හිත කියන වාහනේ ගන්න. සල්ලි මදි නම්, ලීස් එකක් දාන්න. එතනදි අපි අද කියපු කරුණු ගැනත් හිතන්න.

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය සොරකම් කරන එකෙන් ගැළවෙන්නේ මෙහෙමයි

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ key එක ගැන ඔබ හරියටම දැනගෙන හිටියද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගැනීමේදී පවතින නීතිමය තත්වය

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයට ටයර් මිලදී ගැනීමේදී ඔබ අතින් සිදුවන වැරදි

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහන ලියාපදිංචි කිරීම ගැන හරියටම දැනුවත්ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ number එකෙන් වාහනයේ පන්තිය දැන ගන්න

    time
    මිනිත්තු 4 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback

    රු 4.6M - 5.3M

  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 සමාලෝචනය

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4

    රු 5M - 7.5M

  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback

    රු 25M - 40M

  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback
  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4
  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan

    රු 12M - 13.5M

  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan

    රු 15M - 18M

  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

    රු 17.5M - 19.8M

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!