Lease කරලා වාහනයක් ගන්න කලින් ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

time
මිනිත්තු 4 කියවීම
feature image

එදා ඉඳලා තිබුණු වාහන පිස්සුව තාම හොඳ කර ගන්න බැරි වුණාද? සල්ලි මදියි නම්, දාන්නකො ලීස් එකක්. හැබැයි ගහෙන් ගෙඩි එන්න වගේ ලීස් කරලා වාහනයක් ගන්න බෑ. ඒකට කරුණු කිහිපයක් ගැන ඔබ සැළකිලිමත් වෙන්න ඕනෙ. ඒ නිසා වාහනයක් ලීස් කරලා ගන්න කලින්, MotorGuide අපි අද මේ කියන කරුණු ගැන අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

වාහනයක් මිලදී ගත හැකි ක්‍රම මොනවද?

සාමාන්‍යයෙන් අපිට අලුතෙන් වාහනයක් මිලදී ගන්න පුළුවන්, option දෙකක් තියෙනවා:

  • අතේ ඇති සම්පූර්ණ මුදල වියදම් කර, වාහනය මිලදී ගැනීම.
  • ලීසිං පහසුකමක් සමඟින් වාහනය මිලදී ගැනීම.

හිතේ තියෙන වාහනේ ගන්න සම්පූර්ණ මුදලම අතේ තියෙනවා නම්, කිසිම ප්‍රශ්නයක් නෑ, ඔබට කැමති වාහනයක් මිලදී ගන්න පුළුවන්. හැබැයි හිතේ වාහනයක් තිබුණට ඒක ගන්න අතේ සල්ලි නැති වුණොත්, ඒකට විසඳුම තමයි, ලීස් කරලා වාහනේ ගන්න එක.

අපි මුලින්ම බලමු, ලීස් කරලා වාහනයක් ගන්නවා කියන්නෙ මොකක්ද කියලා.

ලීස් කරලා වාහනයක් ගන්නෙ කොහොමද?

අතේ තියෙන මුදල, වාහනේ ගන්න ප්‍රමාණවත් නැත්නම්, ලීස් කරලා තමයි වාහනේ ගන්න වෙන්නෙ. ඔබ තෝරා ගන්න මූල්‍ය ආයතනය මඟින් වාහනය මිලදී ගැනීමට ලීසිං පහසුකමක් ලබා දෙනවා. එතකොට ඔබට අතේ තියෙන මුදලයි, මූල්‍ය ආයතනයෙන් ලැබෙන මුදලයි එකතු කරලා වාහනේ ගන්න පුළුවන්.

දැන් අපි බලමු, වාහනයක් ලීස් කරලා ගන්නකොට සැළකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා.

ලීසිං පහසුකම ප්‍රමාණවත් වෙයිද?

ඔබ දන්නවනෙ, ලීස් කරලා ගන්න ඉන්න වාහනේ වටිනාකම කොච්චරද කියලා. එතකොට මුලින්ම කරන්න ඕනෙ, ඔබ ළඟ තියෙන මුදලයි, ලීසිං පහසුකම ලබා ගන්න බලාපොරොත්තු වෙන ආයතනයෙන්, ඔබට ලැබෙන මුදලයි, වාහනේ ගන්න ප්‍රමාණවත් වෙනවද කියලා. එහෙම නැතුව එක පාරම ලීස් එක දාලා හදිසියේ හරි වාහනේ ගන්න ඒ මුදල මදි වුණොත් ඔබ ගොඩාක් අසරණ වෙනවා. මොකද හදිසිකම් එන්නෙ හදිසියේ මිසක් කිය කිය නෙවෙයිනෙ.

Unregistered වාහනයක් මිලදී ගන්නකොට, වාහනේ වටිනාකමින් 50% ක් තමයි ලීසිං පහසුකමක් විදියට ගන්න පුළුවන් වෙන්නෙ. ඒ වගේම registered වාහනයක් ඒ කියන්නෙ, used vehicle එකක් ගන්නවා නම්, සාමාන්‍යයෙන් 70% ක් දක්වා ලීසිං පහසුකමක් ලබා ගන්න පුළුවන්.

ඉතින් ඔබ තීරණය කරන්න, අදාළ මූල්‍ය ආයතනයෙන් ලබා දෙන ලීසිං පහසුකම ප්‍රමාණවත් වෙනවද කියලා. ලීස් කරලා වාහනේ ගන්න කලින් මේ දේවල් ගැන හොඳට හිතුවොත් කිසිම ප්‍රශ්නයක් නැතුව හිත බල කරන වාහනේ ගන්න ඔබට හැකියාව තියෙනවා.

ගෙවිය හැකි ලීසිං පහසුකමක් ලබා ගන්න

ගන්න පුළුවන් කියලා අනවශ්‍ය විදියට දැරිය නොහැකි මූල්‍ය වාරික වලට යන්න එපා. මොකද දිගු කාලයක් ඔබට ඒ මුදල ගෙවන්න වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු දෙකක්, තුනක් වගේ කාලයක් මේ ලීසිං පහසුකම ගෙවන්න වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබට ගෙවිය හැකි වාරිකයකට ලීසිං පහසුකමක් ලබා ගන්න.

හරිම මූල්‍ය ආයතනය තෝරා ගන්න

දැන් ඔබ ලීසිං පහසුකමක් ගත්තට, ඒ මුදල අදාළ ආයතනයට ගෙවනවනෙ. ඒ නිසා හරිම මූල්‍ය ආයතනය තෝරා ගන්න ඔබට අයිතිය තියෙනවා. මෙතනදි හොඳ මූල්‍ය ආයතනයක් තෝරා ගන්න එක ගොඩාක් වැදගත්.

අදාළ මූල්‍ය ආයතනයේ පොලී අනුපාතය, ලබා දෙන කඩිනම් සේවාව සහ අවශ්‍ය කරන අවම ලියකියවිලි ප්‍රමාණය කියන දේවල් මූල්‍ය ආයතනය තෝරා ගැනීමේදී වැදගත් වෙනවා. ඒ නිසා මේ කාරණා ගැන සැළකිලිමත් වෙලා ඔබට ගැළපෙන මූල්‍ය ආයතනය තෝරා ගන්න. මේ වෙද්දි මූල්‍ය ආයතන සහ වාණිජ බැංකු කියන දෙකම ලීසිං පහසුකම් ලබා දෙනවා.

ලීසිං පහසුකම ගැන කතා කරන්න

සාමාන්‍යයෙන් මූල්‍ය ආයතනයක් තෝරා ගත්තට පස්සෙ, ඒ ආයතනය සමඟ, ලබා ගන්න ලීසිං පහසුකම ගැන කතා කරන්න ඕනෙ. ඔබට අවශ්‍ය කරන මුදල ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව, අවශ්‍ය කරන ලියකියවිලි මොනවද යන්න පිළිබඳව සහ ඔබ ලබා ගන්නා මුදලට අදාළව මාසික වාරිකය, ගෙවීමට ඇති සේවා ගාස්තුව පිළිබඳව තමයි ඔබ මූල්‍ය ආයතනයෙන් දැන ගන්න ඕනෙ. එතනදි බලාපොරොත්තු වුණු විදියට ඔබ සෑහීමකට පත් වෙනවා නම්, ඒ මූල්‍ය ආයතනය තෝරා ගන්න පුළුවන්.

ලීසිං පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය දේවල්

වාහනේ විකුණන තැනින්, ඔබ තෝරා ගත් වාහනය විකිණීම සම්බන්ධයෙන් invoice එකක් ලබා දෙනවා. ඒ නිසා මතක ඇතුව අදාළ invoice එක ලබා ගන්න. හැබැයි ඔබ ගන්නෙ second hand වාහනයක් ඒ කියන්නෙ, registered වාහනයක් නම්, වාහනේ අයිතිකරුගෙන් ලියුමක් ලබා ගන්න. ඒකෙ තියෙන්න ඕනෙ, කොච්චර මිලකට වාහනේ විකුණනවද කියන කාරණාව ගැන. එතනදි ඔබට වගේම මූල්‍ය ආයතනයටත් අදාළ මිල ගණන් ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

ඒ වගේම registered වාහනයක් ගන්නකොට, අයිතිකරුගෙන් වාහනයේ ලියාපදිංචි සහතිකයේ copy එකක් ලබා ගන්න ඕනෙ.

මොකද ඒක, ලීසිං පහසුකම ආරම්භ කිරීමට, අනිවාර්යයෙන් මූල්‍ය ආයතනයට අවශ්‍ය කරන නිසා. මේ ලියකියවිලි දෙක ලෑස්ති කරගෙන මූල්‍ය ආයතනයට දීලා, ලීසිං පහසුකම ලබා ගන්න පුළුවන්.

තව දෙයක් තමයි, ඔබ ගන්නෙ registered වාහනයක් නම් තක්සේරු වාර්තාවක් සිදු කරන්න ඕනෙ. මූල්‍ය ආයතනයට අදාළව තක්සේරුකරුවන් ඉන්නවා. මතක ඇතුව ලියාපදිංචි තක්සේරුකරුවෙක්ගෙන් මේ වාර්තාව ලබා ගන්න. එතකොට වැඩේ තවත් පහසු කර ගන්න ඔබට හැකියාව තියෙනවා.

මේ දේවල් ගැන තමයි, ලීස් කරලා වාහනයක් ගන්න කලින් ඔබ සැළකිලිමත් වෙන්න ඕනෙ. දැන් ඉතින් හිත කියන වාහනේ ගන්න. සල්ලි මදි නම්, ලීස් එකක් දාන්න. එතනදි අපි අද කියපු කරුණු ගැනත් හිතන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!