Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

time
මිනිත්තු 3 කියවීම
feature image

මේ කාලේ ගොඩක් අය භාවිතා කරන්නේ auto gear වාහන. මොකද මේ වාහන drive කරන එක manual වාහන drive කරන එකට වඩා ලේසියි. Auto gear වාහනයක් පදිනකොට සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු කිහිපයක් තියෙනවා. ඔයා drive කරන්නෙ auto gear වාහනයක්ද? ඉතින් auto වාහනයක් පදිනකොට සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු ගැන ඔයා දැනුවත්ද? සමහර අය නම් මේ දේවල් ගැන හරියටම දන්නේ නැහැ. අන්න ඒ නිසා අද MotorGuide අපි ඔයාට කියන්නේ auto gear වාහනයක් drive කරනකොට සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු ගැනයි.

Auto වාහනයක් කියන්නේ

මේ auto gear වාහන ලෝකයට හඳුන්වා දීල තියෙන්නේ 1921 වර්ෂයේදී. හැබැයි 2000 වර්ෂයෙන් පස්සේ වගේ තමයි auto gear වලට ලංකාවෙන් වැඩි ඉල්ලුමක් ඇති වුණේ. Manual වාහනයක pedal තුනක් තියෙනවා. ඒ තමයි clutch එක, brake එක සහ accelerator එක කියන්නේ. හැබැයි auto gear වාහනයක accelerator එක සහ brake එක කියන pedal දෙක විතරයි තියෙන්නේ. මේ auto gear වාහන වල clutch pedal එකක් නැහැ. Clutch pedal එකෙන් කරන්න ඕන ක්‍රියාව වාහනය විසින්ම සිදු කරනවා. වාහනය ඉදිරියට ගමන් කරනකොට ඉබේම වාහනයේ gear මාරු වෙනවා.

Auto වාහනයක තියෙන වාසි

Manual වාහනයක විටින් විට gear මාරු කරන්න ඕනේ. ඒක අපිට ටිකක් කරදර වැඩක්. හැබැයි auto වාහනයක ඒ විදිහට gear මාරු කරන්න ඕනේ නැහැ. Auto වාහනවල gear එක අවශ්‍ය වෙලාවට මාරු වෙනවා. මේ නිසා රියදුරුට වාහනය පහසුවෙන් drive කරන්න පුළුවන්. Auto වාහන මඟින් පහසුව වගේම fuel efficiency එකත් වැඩි කරනවා. ඒ වගේම ආරක්ෂාව සහ අනතුරු අඩු කරගැනීම වගේ වාසිත් auto gear වාහනයකින් ලැබෙනවා.

auto වාහන drive කරනකොට සැලකිලිමත් විය යුතු සහ නොකළ යුතු දේවල්

බෑවුමක යනකොට neutral එකට දැමීම

සමහර auto gear වාහන පල්ලමක් බහිනකොට gear වල වැටුණම accelerator කරන්නේ නැති වෙලාවේදී වාහනයේ වේගය ගොඩක් අඩුවෙන්න පුළුවන්. මේ වගේ වේලාවක වාහනය neutral කරලා drive කරන ගමන් brake වලින් වාහනයේ වේගය අඩු කරගන්න ගොඩක් අය උත්සහ කරනවා. වාහනය බෑවුමක යනකොට neutral දාන එකේ මඟින් අනතුරු බහුල වශයෙන් සිදු වෙනවා. ඒ නිසා බෑවුමක වාහනය යනකොට කවදාවත් neutral එකට දැමීම සිදු කරන්න එපා.

Transmission oil පරික්ෂා නොකිරීම

අපි වාහනයේ වෙනත් oil පරික්ෂා කළත් transmission oil පරික්ෂා කරන්නනේ නැහැ. ඒ වුණත් වාහනයේ අනිත් oil වර්ග වගේම transmission oil අනිවාර්යෙන් අපි පරික්ෂා කරන්න ඕනේ. Auto gear වාහනයක transmission oil ප්‍රමාණය පරික්ෂා කරන්න deep stick එකක් තියෙනවා. Engine එක නතර කරලා තියෙනකොට වගේම start කරලා තියෙනකොටත් oil ප්‍රමාණය පරික්ෂා කරන්න ඕනේ කියලා මතක තියාගන්න. වාහනයේ transmission oil අඩු වීමෙන් වාහනයට සිදු වෙන හානිය නිසා වාහනය repair කරන්න ලොකු මුදලක් වියදම් වෙන්න පුළුවන්.

අන්තිම තෙල් ටිකෙනුත් drive කිරීම

Fuel tank එකේ තෙල් අඩු වෙනකොට තෙල් පුරවගන්නේ නැතුව වාහනය drive කරන්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා. මේ මඟින් වාහනයේ engine එකට වගේම වාහනයේ අමතර කොටස් වලටත් හානි සිදු වෙනවා. ඒ නිසා auto gear වාහනයක fuel පොඩි ප්‍රමාණයක් හරි ඉතුරු වෙන්න දෙන එක ගොඩක් වැදගත්.

වාහනය නවතින්න කලින් parking mode එකට දැමීම

වාහනය සම්පූර්ණයෙන්ම නවතින්න කලින් parking mode එකට දැමීමත් ගොඩක් අය කරන ලොකු වැරැද්දක්. Park අවස්ථාවේ වාහනය drive කරන්නේ නැතුව තියාගන්න කුඩා brake pin එකක් තියෙනවා. වාහනය සම්පූර්ණයෙන්ම නවතින්න කලින් park එකට දාන එකෙන් මේ pin එක ඉක්මනටම ගෙවිලා යන්න බලනවා. ඒ වගේම gear පිහිටලා තියෙන විදිහ අනුව වාහනය drive කරන ගමන් නවත්වන්න උත්සාහ කිරීමේදී ඔයාට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වාහනය සම්පූර්ණයෙන්ම නතර වුණාට පස්සේ parking mode එකට දැමීම සිදු කරන්න ඕනේ.

මේ තමයි auto වාහනයක් drive කරනකොට ඔයා දනාගන්න ඕනේ කරුණු. ඉතින් ඔයත් drive කරන්නේ auto gear වාහනයක් නම් අනිවාර්යෙන් අද අපි කියපු දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!