වාහනයේ AC එක වැඩ කරන්නේ මෙහෙමයි

time
මිනිත්තු 4 කියවීම
feature image

ගොඩක් රස්නේ දවස් වලට ඔයාට මොකද හිතෙන්නේ? ඉතින් ඔයා ගෙදර නම් ඉන්නේ fan එක දාන්න හදනවා. නැත්නම් AC එක දාන්න හදනවා. cool මොනවා හරි බොන්න හදනවා. අපි රස්නේ වෙලාවට හැම තිස්සෙම හිතන්නේ රස්නේ නැතුව comfortable ඉන්න තිබ්බා නම් කොච්චර හොඳයිද කියලා. වාහනයක යද්දී අපිට රස්නෙයි නම් අපිට කරන්න තියෙනවා option 2ක් එක්කෝ වාහනයේ AC එක දාන එක එක්කෝ වාහනයේ shutter අරින එක. හැබැයි වාහනයේ shutters ඇරගෙන යන එක අපිට recommend කරන්න බැහැ. මොකද එළියේ තියෙන shutters වල dust එක ඔක්කොම එළියට එනවා. ඒ නිසා අපි ගොඩක් වෙලාවට කරන්නේ AC එක දාන එක. ඉතින් මේ AC එක ගැන අපි වැඩිපුර දන්නේ නැහැ. ඒ නිසාම MotorGuide අපි අද ඔයාට කියන්න හදන්නේ වාහනයේ AC එක වැඩ කරන්නේ කොහොමද කියලා.

AC එකෙන් මොකද වෙන්නේ?

අපි දැන් මුලින්ම බලමු AC එකෙන් මොකද වෙන්නේ කියලා. ගොඩක් වෙලාවට අපි වාහනයේ AC එක පාවිච්චි කරන්නේ අපිට දාඩිය වෙලාවට හරි අපිට රස්නේ වෙලාවට වාහනය cool කරන්න. හැබැයි මේ AC එකට පුළුවන් වාහනයේ cool එක වැඩි නම් වාහනය hot කරන්නත් ඒ වගේම ජල මට්ටම අවශ්‍ය ප්‍රමාණයට තියාගන්න එකත් වෙනවා. ඒ කියන්නේ AC එක cool කරන්න අවශ්‍ය ජල මට්ටම නියමිත ගානකට තියාගන්න එකත් කරනවා.

AC එක වැඩ කරන්නේ කොහොමද?

වාහනයක AC එක වැඩ කරන්නේ ද්‍රවයක් හා වායුමය තත්වයක් අතර coolant එක මඟින්. Refrigerant වෙනස් වන විට එය වාහනයේ heat එක සහ humidity අවශෝෂණය කර system එකට සිසිල් වියළි වාතය ලබා දීමට ඉඩ සලසනවා. ද්‍රව සහ වායුමය තත්වයන් අතර coolant එක වෙනස් කිරීමට AC එක pressure එකයි උෂ්ණත්වයි පාලනය කරන්න උත්සාහ කරනවා. අපි සරලව ගත්තට ඔයාගේ ගෙදර ශීතකරණය ගත්තත්, ඔයාගේ වාහනය ඇතුළ ගත්තත් මේ හැමදේකම වෙන්නේ එකම දේ.

Combine loss

ඉතින් AC එක ගැන කියද්දී පොඩි සිද්ධාන්තයක් කියන්නම වෙනවා. Combine loss කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වයයි පීඩනයයි කියන දෙක සමානුපාතිකයි. ඒ කියන්නේ පීඩනය වැඩි වෙද්දී උෂ්ණත්වය වැඩි වෙනවා. පීඩනය කියන්නේ අපිට වායුගෝලයෙන් ඇති කරන බලයට. ඉතින් මේ වායු ගෝල පීඩනයයි, උෂ්නත්වයි AC එකට ගොඩක් වැදගත් දේවල් දෙකක්. මේ දෙක තමයි AC එකට ගොඩක්ම බලපාන්නේ.

උෂ්ණත්වයයි පීඩනයයි ගොඩක් වැදගත්

ඒ වගේම ඔයාලා AC හදන තැනකට ගිහින් බලන්නකෝ එයාලා බලන්නේ උෂ්ණත්වයයි, පීඩනය කියන දෙක. ඒ වගේම තවත් සිද්ධාන්තයක් තියෙනවා. ඒ තමයි උෂ්ණත්වය වැඩි තැනක ඉදලා අඩු තැනකට ගමන් කරන එක. අන්න ඒ දේවල් දෙක එක්ක තමයි මේ AC එක වැඩ කරන්නේ. AC එකෙන් සරලවම වෙන්නේ cabin එක ඇතුලේ තියෙන උෂ්ණත්වය උරා ගෙන උරාගන්න එකට තියෙනවා coolant කියලා එකක් එකෙන් උරාගෙන එළියට ගිහින් ඒ තාපය පිටකරලා ආපහු ඇතුළට එන එක තමයි සිද්ධවෙන්නේ. මේක කරන්න නම් coolant එක fresher කරන්න වෙනවා. ඊට පස්සේ fresher එක නැති කරනවා. Fresher එක අඩු වැඩි කිරීම මත උෂ්ණත්වය අඩු වැඩි කරලා ඒකත් එකක් cabin එකක් ඇතුළේ තියෙන තාපය උරාගෙන එක cool කරලා එළියට දාන එක තමයි AC එකෙන් වෙන්නේ.

AC එකේ ප්‍රධාන කොටස්

  • Compressor
  • Hot coils
  • Cold coils
  • Expansion valve
  • Coolant
  • Condenser
  • Dryer

Coolant එක

Coolant එකෙන් වෙන්නේ ද්‍රව අවස්ථාවේ ඉදලා සාමාන්‍ය උෂ්ණත්වයේදී 26 'c දී ජලය වාෂ්ප වෙනවා. ඒ වගේම coolant එකෙන් cabin එක cool කරනවා.

මෙහෙම හිතන්නකෝ එළියේ උෂ්ණත්වය 30 ඒත් අපිට 30 කියන්නේ ගොඩක් රස්නේ නිසා උෂ්ණත්වය අඩු කරගන්න ඕනේ. ඉතින් අපි සෙල්සියස් අංශක 20 ට වගේ දාගන්න ඕනේ. එතකොට අපි AC එක සෙල්සියස් අංශක 20 ට දාගන්නවා කියන්නකෝ. ඒ කියන්නේ අපි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කින් අඩු කරලා එක coolant එකට දෙන එක තමයි මේකෙන් වෙන්නේ.

Expansion valve එක

ඉතින් මේ උෂ්ණත්වය අඩු වෙන එක වෙන්නේ expansion valve එක හරහා. Expansion valve එක තමයි අපිට උෂ්ණත්වය අඩු කරලා අපිට අවශ්‍ය cool එක ලබා දෙන්නේ.

Compressor එක

අඩු පීඩන වායුව ලබාගෙන එය අධි උෂ්ණත්ව/අධි පීඩන වායුවක් බවට පත් කිරීම මෙයින් සිදු වෙනවා. මෙය engine එකේ ඉදිරිපස සවි කර ඇති serpentine belt එකකින් drive වෙනවා.

Condenser එක

Condenser එක අධි පීඩනයක් පවත්වා ගනිමින් coolant එකේ උෂ්ණත්වය අඩු කිරිම සිදු කරනවා. Coolant එක cool වෙනකොට වායුමය තත්වයේ සිට ද්‍රව තත්ත්ව දක්වා වෙනස් වීම සිදු වෙනවා.

Engine, රේඩියේටරය හා සමානවම, එය තාපය මාරු කිරීම සඳහා බලහත්කාරයෙන් වාතය භාවිතා කිරීම සිදු වෙනවා. මෙය වාහනයේ ඉදිරිපස grill පිටුපස සවි කරලා තියෙනවා.

Dryer එක

Dryer එකෙන් වෙන්නේ ශීතකරණයෙන් ජලය ඉවත් කරන එක. මේක පද්ධතියේ අධි පීඩන පැත්තේ, condenser සහ මිනුම් උපාංගය අතර තමයි සවි කරලා තියෙන්නේ.

ඉතින් ඔන්න ඔහොම තමයි AC එක වැඩ කරන්නේ. ගොඩක් අය AC එක දැම්මට වැඩ කරන්නේ කොහොමද, ඒකෙ තියෙන කොටස් මොනවද කියලා දන්නේ නැහැ. එහෙම අයට මේ Article එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා අපි හිතනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Nissan X-Trail හිමියන්ට හිසරදයක් වුණ Jatco CVT

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොනවද මේ DRL (Daytime Running Light) කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Forward Collision Warning (FCW) කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Torsion Bar Suspension කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    BMW i8 එකටම Unique වෙච්ච Floating Buttresses

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Seat Belt Pre-tensioners කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ i-DCD Gearbox කියන්නෙ?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Starter Motor නැති Hybrid

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Horse Power (HP) සහ Brake Horse Power (BHP) අතර ඇති වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    එන්ජින් එකකට flywheel එකක් තියනෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!