Shark fin antenna ව තියෙන්න ලස්සනටද?

time
මිනිත්තු 6 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්නෙ ඔයාලා හැමෝම පාරෙ යනකොට නිතරම දකින, හැබැයි ඒ ගැන නියම තාක්ෂණය සහ ඇතුලාන්තය දන්නෙ නැති ඉතාම වැදගත් කොටසක් ගැනයි. ඔයාලා හැමෝම දන්නවා ඇති දැන් කාලෙ එන නවීන මෝටර් රථ වල වහලය උඩ පොඩි පෙත්තක් වගේ, එහෙමත් නැත්නම් මුහුදෙ ඉන්න මෝරෙකුගේ පිට උඩ තියෙන වරලක් වගේ හැඩතිල කොටසක් සවි කරලා තියෙනවා. මේකට වාහන ලෝකයේ ඉංජිනේරුවරු සහ කාර්මික ශිල්පීන් කියන්නෙ ෂාක් ෆින් ඇන්ටනාව කියලා.

ඉතින් සාමාන්‍යයෙන් පාරෙ යන කෙනෙක්ගෙන් නැත්නම් වාහනයක් පාවිච්චි කරන කෙනෙක්ගෙන් ඇහුවොත් මේ වහලෙ උඩ තියෙන කෑල්ල මොකක්ද කියලා, ගොඩක් දෙනෙක් කියන්නෙ ඕක ඉතින් මහ ලොකු දෙයක් නෙවෙයි, වාහනේ ලස්සනට තියෙන්න හයි කරපු පොඩි මොඩිෆිකේෂන් එකක් නැත්නම් හුළඟ කපාගෙන යන්න හදපු ප්ලාස්ටික් කෑල්ලක් විතරයි කියලා. හැබැයි ඔයාලා මේ ක්ෂේත්‍රය ගැන හොඳ ඉහල දැනුමක් තියෙන කෙනෙක්ගෙන් ඇහුවොත්, එහෙමත් නැත්නම් මේ කොටස ගලවලා ඒක ඇතුලෙ තියෙන දේවල් බැලුවොත් ඔයාලටම බලාගන්න පුළුවන් වෙයි මේක ඇතුලෙ තියෙන්නෙ අපි හිතනවට වඩා කොච්චර ලොකු රහසිගත තාක්ෂණයක්ද කියලා. අද වෙනකොට මේ කොටස නවීන වාහන වලට නැතුවම බැරි, වාහනයේ සමස්ත ක්‍රියාකාරීත්වයට සහ සන්නිවේදනයට සෘජුවම බලපාන අත්‍යවශ්‍යම උපාංගයක් බවට පත් වෙලා ඉවරයි.

ඇන්ටනා තාක්ෂණයේ පරිණාමය

අපි අද මේ ෂාක් ෆින් ඇන්ටනා එක ගැන මුල ඉඳලම පැහැදිලිව කතාකරමු. ඉස්සර කාලෙ ආපු පැරණි වාහන වල සන්නිවේදන කටයුත්තකට කියලා තිබුණෙ රේඩියෝ එක විතරයි. ඉතින් ඒ කාලෙ රේඩියෝ තරංග අල්ලගන්න වාහන වලට වෙනම දිග ඇන්ටනා එකක්, එහෙමත් නැත්නම් අපි කියන විදිහට ඒරියල් එකක් සවි කරලා තිබුණා. ඔයාලට මතක ඇති ඒ කාලෙ ආපු ඒරියල් වහලෙ පැත්තකින්, ගොඩක් වෙලාවට රියදුරාගෙ අසුනට උඩින් වහලෙන් උඩට ඇදලා දිග හරින්න පුළුවන් විදිහට ලෝහ කූරක් වගේ තමයි තිබුණෙ. සමහර වාහන වල රේඩියෝ එක දාද්දි ඒක ඉබේම උඩට යන මෝටර් ක්‍රමවේදයක් තිබුණා, තවත් සමහර ඒව ඉස්සරහ මඩ්ගාඩ් එක හරියෙ සවි කරලා තිබුණා.

හැබැයි කාලයත් එක්ක ලෝකය ගොඩක් ඉදිරියට ගියා, තාක්ෂණය ගොඩක් දියුණු වුණා. අලුත් වාහන වලට රේඩියෝ එක විතරක් නෙවෙයි, වාහනයටම සවි කරපු gps තාක්ෂණය එකතු වුණා. ඊට පස්සෙ වාහනය ඇතුලෙන්ම ක්‍රියාත්මක වන ස්මාර්ට් දුරකථන සම්බන්ධතාවයන් එකතු වුණා. තවත් ඉදිරියට යද්දි වාහන වලට අන්තර්ජාල පහසුකම් වගේම දැන් එන සමහර වාහන රියදුරෙක් නැතුවම තනියම පාරෙ ගමන් කරන්න පුළුවන් self driving තත්ත්වයටම දියුණු වෙලා ඉවරයි.

වායු ගතිකත්වයට (Aerodynamics) ඇතිවන බලපෑම

මේ විදිහට වාහන වල තාක්ෂණය දියුණු වෙද්දි ඒවා නිර්මාණය කරපු ඉංජිනේරුවරුන්ට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වුණා. ඒ තමයි මේ හැම අලුත් තාක්ෂණික අංගයකටම අදාළ වන sensors පද්ධති සහ antenna වාහනයට එකතු කරන්නෙ කොහොමද කියන එක. රේඩියෝ එකට එක antenna එකකුයි, gps වලට තව එකකුයි, දුරකථන සන්නිවේදනයට තව එකකුයි, අන්තර්ජාලයට තව එකකුයි කියලා වහලෙ පුරා ඇන්ටනා කූරු හයි කරන්න බැහැනෙ.

මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි දන්නවා වාහනයක් අධික වේගයෙන් ධාවනය වෙද්දි වහලය උඩ මේ වගේ විවිධ බාහිර උපාංග ගොඩක් තිබුණොත් ඒක වාහනයේ වායු ගතිකත්වයට, එහෙමත් නැත්නම් aerodynamics වලට සෘජුවම බාධා පමුණුවනවා. ඒකෙන් වෙන්නෙ වාහනය අනවශ්‍ය විදිහට ගැස්සෙන්න ගන්න එක, වාහනයේ වේගය පාලනය කරගන්න අමාරු වෙන එක සහ අධික වේගයෙන් යද්දි වහලෙන් ලොකු හූ කියන සද්දයක් වගේ විවිධ කරදරකාරී ශබ්ද ඇතුලට ඇහෙන්න පටන් ගන්න එක. අන්න ඒ නිසයි ඉංජිනේරුවරුන් කල්පනා කළේ මේ හැම ඇන්ටනාවක්ම සහ සෙන්සර් එකක්ම එකම කුඩා ආවරණයක් ඇතුලට දාලා වහලෙ පිටුපසින් සවි කරන්න. අන්න ඒ විදිහට තමයි මේ ෂාක් ෆින් කියන කොටස නිර්මාණය වුණේ.

Shark Fin Antenna Aerodynamics

ෂාක් ෆින් කොටස ඇතුළේ සැබැවින්ම ඇත්තේ කුමක්ද?

දැන් අපි බලමු මේ මෝර වරලක් වගේ තියෙන පොඩි කොටස ඇතුලෙ මොන වගේ දේවල්ද සැබෑවටම හැංගිලා තියෙන්නෙ කියලා. මේක ඇතුලෙ සාමාන්‍ය රේඩියෝ තරංග අල්ලන FM ඇන්ටනාව වගේම ඉතාම සියුම් ලෙස සහ දියුණු ලෙස නිර්මාණය කරපු inbuild gps ඇන්ටනාවත් අඩංගු වෙනවා. ඒ විතරක් නෙවෙයි, වාහනයේ වේගය මනින විශේෂ sensors, වාහනයට ඉදිරියෙන් තියෙන මාර්ගය සහ වටපිටාව නිරීක්ෂණය කරන sensors පද්ධති සහ වාහනයට එන දුරකථන ඇමතුම් වල සංඥා සහ අන්තර්ජාල සංඥා ලබාගන්නා සන්නිවේදකත් මේ කුඩා ඉඩ ඇතුලෙ ඉතාම ක්‍රමවත්ව සකස් කරලා තියෙනවා.

මේ සියල්ලම එකම තැනකට ගෙන ඒම නිසා වාහනයේ සන්නිවේදන කටයුතු කිසිම බාධාවකින් තොරව ඉතාම හොඳින් කරගන්න පුළුවන් වෙනවා වගේම වාහනයේ වේගයට සහ පෙනුමට කිසිම හානියක් වෙන්නෙත් නැහැ. ඒ වගේම වහලය මතින් ගලාගෙන යන සුළඟට බාධාවක් නොවී සුමටව ගලාගෙන යන්න මේ මෝර වරලක හැඩය ගොඩක් උදව් වෙනවා.

හදිසි අනතුරු දැනුම්දීමේ (SOS) සුවිශේෂී පහසුකම

තවත් විශේෂම කරුණක් තමයි, අද වෙනකොට ලෝකයේ සමහර දියුණු රටවල් වල භාවිත වන වාහන හදිසි අනතුරකට ලක් වුණොත්, ඒ කියන්නෙ airbags ක්‍රියාත්මක වන මට්ටමේ ලොකු අනතුරක් වුණොත්, ඒ බව ක්ෂණිකව සහ ස්වයංක්‍රීයවම ළඟම තියෙන රෝහලට හෝ පොලීසියට දැනුම් දෙන්නෙත් මේ ෂාක් ෆින් එක ඇතුලෙ තියෙන සන්නිවේදන පද්ධතිය හරහායි. වාහනය තියෙන නිවැරදිම ස්ථානය gps මඟින් සිතියම් ගත කරලා, ඒ තොරතුරු සහ අනතුරේ ස්වභාවය කිසිම ප්‍රමාදයකින් තොරව අදාළ හදිසි සේවා අංශ වෙත යැවීමේ හැකියාව මේකට තියෙනවා. මේක ඇත්තටම මිනිස් ජීවිත බේරාගන්න උදව් වන ඉතාම වටිනා ආරක්ෂක අංගයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

Shark Fin Antenna Internal Components

සාමාන්‍ය වාහන වලටත් මෙය සවි කරන්නේ ඇයි?

ඒ වගේම සමහර අය හිතනවා ඇති තමන්ගෙ වාහන වල ඔය කියන ඔක්කොම ජීපීඑස් පහසුකම් හෝ ස්වයංක්‍රීය අනතුරු දැනුම්දීමේ පද්ධති නැහැනෙ, එහෙනම් ඇයි වාහන නිෂ්පාදනය කරන සමාගමෙන් මේක වහලෙට ගහලා එවලා තියෙන්නෙ කියලා. එහෙම වෙන්නෙ ඔයාලගෙ වාහන වල දැනට ඒ හැම පහසුකමක්ම නැතත්, අපි ඉහතින් කියපු කරුණු වලින් එකක් හෝ කීපයක් වෙනුවෙන්, ඒ කියන්නෙ සාමාන්‍ය රේඩියෝ තරංග හෝ මූලික සංඥා ලබාගැනීම වෙනුවෙන් තමයි ඒක සවි කරලා තියෙන්නෙ.

තවත් වැදගත් හේතුවක් තමයි අනාගතයේදී ඔයාලට ඒ වගේ අමතර තාක්ෂණික අංගයක් වාහනයට එකතු කරගන්න අවශ්‍ය වුණොත්, වහලය අලුතෙන් හිල් කරන්නෙ නැතුව ඉතාම පහසුවෙන් මේ ෂාක් ෆින් එක ඇතුලෙන් වයර් සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නයි නිෂ්පාදකයන් මේක කලින්ම සවි කරලා එවන්නෙ. මොකද එකම මොඩල් එකේ වාහන වලට එකම වහලයේ හැඩය තමයි ෆැක්ටරි එකෙන් කපලා එවන්නෙ.

පිටතින් සවිකරන ව්‍යාජ (Dummy) ෂාක් ෆින්

අද වෙනකොට පාරෙ යනකොට අපිට දකින්න ලැබෙනවා සමහර පැරණි වාහන වලටත් මිනිස්සු මේ ෂාක් ෆින් කොටස පිටතින් කඩවල් වලින් මිලදී ගෙන අලවාගෙන ඉන්නවා. ඒකෙන් වාහනයට අලුත් පෙනුමක් සහ ලස්සනක් ලැබෙන එක ඇත්ත. හැබැයි ඒ වගේ පිටතින් අලවන ගොඩක් ඒවයේ ඇතුලෙ කිසිම තාක්ෂණික මෙවලමක් නැහැ, ඒක නිකම්ම ප්ලාස්ටික් කෑල්ලක් විතරයි. නමුත් ඔරිජිනල් වාහනයෙන්ම එන ෂාක් ෆින් එකක ඇත්තම කතාව සහ ඒක පිටුපස තියෙන ඉංජිනේරු විද්‍යාව ඔන්න ඕකයි. ඒ නිසා වාහනයක තියෙන මේ වගේ කුඩා කොටසක් වුණත් නිර්මාණය කරලා තියෙන්නෙ ඉතාම ගැඹුරු අධ්‍යයනයකින් සහ විශාල පිරිවැයක් දරලයි.

Motor Guide අපේ උපදෙස

Motor Guide අපේ උපදෙස තමයි, ඔයාලා වාහනය පාවිච්චි කරද්දි සහ විශේෂයෙන්ම වාහනය සේදීමේ කටයුතු කරද්දි මේ වහලය උඩ තියෙන ෂාක් ෆින් කොටස ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෑ. මොකද මේක ඇතුලෙ ඉතාම සංවේදී ඉලෙක්ට්‍රොනික පරිපථ සහ ඇන්ටනා පද්ධති තියෙන නිසා, කිසිම වෙලාවක මේකට බාහිරින් තද බල පහරවල් වදින්න දෙන්න එපා. වාහනය සෝදනකොට අධික පීඩනයක් සහිත වතුර ධාරා සෘජුවම මේ කොටසට අල්ලන්න එපා, මොකද කාලයක් යද්දි ඒක වටේ තියෙන රබර් සීල් එක දිරාපත් වෙලා ඇතුලට වතුර යන්න පුළුවන්.

ඇතුලට වතුර ගියොත් සන්නිවේදන පද්ධති ක්‍රියාවිරහිත වෙනවා වගේම වහලෙන් ඇතුලට වතුර කාන්දු වෙලා වාහනයේ වහලෙ ඇතුලත කොටස් විනාශ වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා පිටතින් මේ වගේ කොටසක් වාහනයට සවි කරනවා නම්, වාහනයේ ඔරිජිනල් සංඥා වලට බාධා නොවන විදිහේ හොඳ තත්ත්වයේ නිෂ්පාදනයක් තෝරාගන්න වගබලා ගන්න. විශේෂයෙන්ම ඩමි එකක් අලවන්න කලින් ඔරිජිනල් ඒරියල් එක ඒක ඇතුලට වෙනස් කරනවා නම් වයර් සම්බන්ධතා හරියටම තියෙන්න ඕනෑ.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Forward Collision Warning (FCW) කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Torsion Bar Suspension කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    BMW i8 එකටම Unique වෙච්ච Floating Buttresses

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Seat Belt Pre-tensioners කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ i-DCD Gearbox කියන්නෙ?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Starter Motor නැති Hybrid

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Horse Power (HP) සහ Brake Horse Power (BHP) අතර ඇති වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    එන්ජින් එකකට flywheel එකක් තියනෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Puddle Lamps තියෙන්න මොකටද?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Electronic Parking Brake (EPB)?

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!