වාහනයේ තියෙන ඔබ නොදත් රහස් උපාංග

time
මිනිත්තු 4 කියවීම
feature image

තාක්ෂණයත් එක්ක හැමදේම අද වෙනකොට අලුත් වෙලා. ඒ වගේම හැමදේම පහසුයි. අද වෙනකොට manual වාහන වෙනුවට auto, hybrid වාහනත් තියෙනවා. ඉතින් අද MotorGuide තුළින් අපි කියන්නේ වාහනයේ තියෙන ඔයා දන්නැති රහස් ගැන.

Brake පද්ධතිය

කාලයත් එක්ක අලුත් වුණ දෙයක් තමයි වාහනයක brake පද්ධතිය කියන්නේ. Abs කියන්නේ brake වලට ආපු තාක්ෂණයක්. Abs කියන්නේ anti lock braking system. ඉතින් අද වෙනකොට සමහර රටවල් වල abs නැති වාහන drive කරන්නත් දෙන්නේ නැහැ. තිරිංග පද්ධතියකදී වෙන්නේ brake පෑගුවට පස්සේ master පොම්පයෙන් oil pressure කරලා brake line දිගේ caliph වලට යවනවා. ඊට පස්සේ වෙන්නේ caliph pistons මඟින් brake pad තද කරනවා. ඒ කියන්නේ රෝද 4ම තද කරලා තමයි වාහනය නවත්වන්නේ. ඉතින් මෙන්න මේ විදිහය තමයි සාමාන්‍ය තිරිංග පද්ධතියක් වැඩ කරන්නේ. මෙතැනදී වාහනයේ රෝද 4ම එකවර brake වෙනවා. මේ නිසා වාහනය ලිස්සලා යන්න පුළුවන්. Abs වලදී වෙන්නේ brake, අවස්ථාව අනුව කඩින් කඩ ලබා දීම. ඒ වගේම abs active වෙන්නේ පැයට 15km ට වඩා වේගයෙන් යද්දී. ඉතින් මේ නිසා වාහනය ඉක්මනින් නවත්තගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඔයාට මේක dashboard එකේ බලාගන්න පුළුවන්.

Abs එකක කොටස් 4ක් තියෙනවා. ඒ තමයි speed sensors, valves, pumps සහ controller කියන්නේ.

- Speed sensors

වාහනයේ රෝද 4ට මේ speed sensors සවි කරලා තියෙනවා. මේ sensors වලින් වේගයේ ගණනය තිරණය වෙනවා. Speed sensors මඟින් ලබා දෙන envelope දත්ත digital දත්ත බවට හරවලා controller එකට ලබා දෙනවා.

- Valves

සාමාන්‍ය තිරිංග පද්ධතියකද valves දකින්න පුළුවන්. වාහනයේ ඉදිරිපසට හා පසුපස රෝද වලට වෙන වෙනම hydraulic සැපයුම ලබා දීමට master පොම්පය හා සම්බන්ධ වෙනවා. මේ විදිහට abs එකට අනුව එක එක රෝදෙට සැපයෙන hydraulic සැපයුම පාලනයට තමයි valves පිහිටලා තියෙන්නේ.

- Pump

Pump එක හරහා hydraulic පීඩනය මුදාහැරිමට නැවත වෙනත් valves එකක් යොදා ගන්නවා. එහිදී hydraulic පීඩනය ලබා දීමට හා අවශ්‍ය පීඩනය උත්පාදනයට pump abs එකට එකතු කරලා තියෙනවා.

- Controller

Controller එක මඟින් pump එකේ ක්‍රියාව සෑම මොහොතකම සංවේදනය කරනවා.

Traction control

Abs එක්ක එන තව අලුත් දෙයක් තමයි traction control කියන්නේ. ලිස්සන පාරකදී රෝද එක තැන කරකැවීම පාලනය කරන එක තමයි traction control එක. පාර හරියට ග්‍රහණය වුනේ නැතිවුණාම රෝදයක් එක තැන කරකැවෙන්න බලනවා. එතකොට වාහනය පැත්තකට ලිස්සලා යන්න පුළුවන්. ඉතින් traction control එක මඟින් වෙන්නේ ඒ දේ පාලනය කරන එක. ඒ වගේම traction control එකටත් indicator එකක් තියෙනවා.

Cruise control

අලුත් වාහන වලට එන දෙයක් තමයි මේ cruise control කියන්නේ. අපි නම් කරන අගයක වාහනයේ වේගය දිගටම පවත්වා ගෙන යන එක මේකෙන් වෙන්නේ. Accelerator එක පාගන්නේ නැතුව විවේකයෙන් ගමන් කිරීමේ හැකියාව මෙය සතුයි. හැබැයි හදිස්සියේ වාහනයක් හරි පාරට කවුරු හරි ආවම ඔයාට වාහනයේ brake පාගන්න වෙනවා. අන්න එතකොට වාහනයේ cruise control එක නැති වෙනවා. ආපහු ඔයා cruise control එක on කරන්න ඕනේ. ඔයා අධිවේගී මාර්ගයක වගේ යනකොට cruise control ගොඩක් වැදගත් වෙනවා.

Adaptive cruise control

මේකෙන් වෙන්නේ ඉදිරියෙන් යන වාහන සමඟ ආරක්‍ෂිත දුරක් තියා ගැනීම auto සිදු වීම. මේක camera, radar වලින් සමන්විත වෙලා තියෙනවා. ඒ නිසා 200m දුරක් තියෙන වාහනයක් වුණත් අඳුරගන්න පුළුවන්. Traffic සහිත අවස්ථාවලදීත් auto ධාවනය වෙනවා.

Self driving car

අද වෙකොට ගොඩක් වාහන self driving car බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ සඳහා තාක්ෂණ වර්ග කිහිපයක්ම භාවිතා කරනවා. මේ self driving car එකක් මිනිසෙකුටත් වඩා නිවැරදි තීරණ අර ගන්නවා. මිනිසෙකුට පෙනීම සඳහා ආලෝකය ඕනේ වුණත් self driving car එකක camera, sensors වලට මේවා බලපාන්නේ නැහැ. ඉතින් අනාගතයේදී වාහන drive කරන්න කිසිම කෙනෙක් ඕනේ වෙන්නේ නැහැ. මොකද වාහනය විසින්ම ඔයාව ඕනේ තැනට එක්කගෙන යයි.

Air bag

Air bag කියන්නෙත් වාහන වලට අලුතින්ම එකතු වුණ තාක්ෂණයක්. Air bag එකෙන් වෙන්නේ අනතුරක් සිදු වුණාම ඔයාට හා අනික් අයට සිදුවෙන තුවාල අවම කරගැනීම හෝ වළක්වා ගන්න භාවිතා වෙන nylon bag එකක්. මේ air bag එක හදිසි අනතුරකදී ඉතාමත් වේගයෙන් ක්‍රියාත්මක වෙලා නැවත හැකිලීම සිදු වෙනවා.

ඉතින් මේ තමයි තාක්ෂණයක් එක්ක අලුත් වුණ දේවල්. ඉතින් මේ වගේ තව ඉදිරියටත් අලුත් දේවල් එකතු වීම සිද්ධවෙයි තාක්ෂණයත් එක්ක.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Nissan X-Trail හිමියන්ට හිසරදයක් වුණ Jatco CVT

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොනවද මේ DRL (Daytime Running Light) කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Forward Collision Warning (FCW) කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Torsion Bar Suspension කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    BMW i8 එකටම Unique වෙච්ච Floating Buttresses

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Seat Belt Pre-tensioners කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ i-DCD Gearbox කියන්නෙ?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Starter Motor නැති Hybrid

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Horse Power (HP) සහ Brake Horse Power (BHP) අතර ඇති වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    එන්ජින් එකකට flywheel එකක් තියනෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!