වාහනයක් හැදිලා තියෙන්නේ කොහොමද?

time
මිනිත්තු 3 කියවීම
feature image

අපි හැමෝගෙම හීනයක් තමයි තමන්ගෙම කියලා වාහනයක් මිලට ගන්න එක. පුංචි කාලෙත් කෙනෙක් අපේ හීනය මොකක්ද කියලා ඇහුවොත් අපි ගොඩක් වෙලාවට කියන්නේ car එකක් ගන්න එක කියලා. ඉතින් අපි වාහන වලට කොච්චර ආදරෙයිද කියනවා නම් අලුත් වාහන ගැන බලන්න, දැනගන්න ගොඩක් කැමතියි. ඉතින් අද MotorGuide අපි හිතුවා වාහන ගැන දැනගන්න කැමති ඔබේ දැනුමට අලුත් යමක් එකතු කරන්න. ඒ තමයි වාහනයක් හැදිලා තියෙන්නේ කොහොමද කියන එක.

වාහනයක මූලික කොටස්

අපිට වාහනයක් මූලික වශයෙන් කොටස් තුනකට බෙදා වෙන් කරන්න පුලුවන්. ඒ තමයි,

  • Engine එක
  • Transmission system එක
  • Vehicle body එක සහ chassis system එක

Engine එක

Engine එක කියන්නේ වාහනයේ හදවත වගේ දෙයක්. මොන දේ තිබ්බත් වාහනයේ engine එක හරියට වැඩ කරන්නේ නැත්නම් ඇත්තටම ඒ වාහනයේ වටිනාකම ගොඩක් අඩු වෙනවා. මොකද මේ engine එකෙන් තමයි වාහනයට අවශ්‍ය කරන බලය ලබා දීම සිදු කරන්නේ.

ඉන්ධන දහනය වන ස්ථානය අනුව, Design එක මත පදනම්ව, Strokes ගණන මත පදනම්ව, භාවිතා කරන ලද ඉන්ධන මත පදනම්ව, ජ්වලන ක්‍රමය මත පදනම්ව, සිලින්ඩර ගණන මත පදනම්ව වගේම සිලින්ඩර සැකසීම මත පදනම්වත් අපිට engine වර්ග කරන්න පුලුවන්.

ඉතින් මේ engine එකකට කවදාවත් තනියම නම් වැඩ කරන්න බැහැ. ඒකට පද්ධති රාශියක support එක අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට Fuel supply system එක, Ignition system එක, Cooling system එක, Lubrication system එක සහ Emission control system එක වගේ පද්ධතීන් හඳුන්වන්න පුලුවන්.

Transmission system එක

Engine එකට පස්සේ වාහනයක වැදගත්ම පද්ධතිය තමයි Transmission system එක. දැන් අපි බලමු ඇයි Transmission system එක මේ තරම් වැදගත් වෙන්නේ කියලා. Engine එකක් මඟින් බලයක් නිපදවෙන්න නම් engine එක කැරකෙන්න ඕනේ.

ඉතින් මේ විදිහට engine එක කැරකෙන විට යම් වේගයක් ඇති වීම සිදු වෙනවා. එම වේගය engine RPM එහෙමත් නැත්නම් Revolution Per Minute කියලා හඳුන්වන්න පුලුවන්. ඉතින් මේ විදිහට engine එක කැරකෙන speed එක torque එකක් බවට පරිවර්තයන කිරීම සිදු කරනවා. මේ හේතුව නිසාම තමයි Transmission system එක වාහනයකට මේ තරම් වැදගත් වෙන්නේ.

Transmission system එකත් එක් එක් වාහන වල එක එක විදිහට තමයි අපිට බලා ගන්න ලැබෙන්නේ. ඒ තියෙන ආකාරය අනුව Transmission system එක කොටස් කිහිපයකට බෙදන්න පුලුවන්.

  • Front engine front wheel drive
  • Front engine rear wheel drive
  • Front engine all wheel drive / four wheel drive
  • Mid engine rear wheel drive
  • Rear engine rear wheel drive

ඒ විතරක් නෙමෙයි. Transmission system එකට තනිවම වැඩ කිරීමේ හැකියාවක් නැහැ. හරිහැටි Transmission system එක වැඩ කරන්න නම් මෙයට තවත් උපාංග කිහිපයකින්ම සෑදුණු පද්ධතියක් අවශ්‍ය වෙනවා. එම පද්ධතියට අයිති කොටස් ලෙස Clutch එක, Torque converter එක, Gearbox එක, Propellar shaft එක, Final drive and differential unit එක සහ Drive axle එක හඳුන්වන්න පුලුවන්.

Vehicle body එක සහ chassis system එක

Vehicle body එක සහ chassis system එකත් වාහනයට නැතුවම බැරි කොටසක් තමයි. මොකද මොන දේ තිබ්බත් වාහනයේ බර දරාගෙන ඉන්න Vehicle body එක සහ chassis system එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මොකද සම්පූර්ණ වාහනයේ 80%ක පමණ කොටස් සවිවෙලා තියෙන්නේ වාහන චැසියට හෝ body එකටයි. ඉතින් මේකට Braking System එක, Electrical system එක, Steering system එක, Suspension system එක සහ Body and frame අයිති වෙනවා.

ඉතින් අද MotorGuide අපි කතා කළේ වාහනයක් හැදිලා තියෙන්නේ කොහොමද කියලා. වාහනක සැකැස්ම පිටින් බැලුවම සරලයි වගේ දැක්කත් ඇත්තටම ඇතුළතින් බලනකොට නම් තරමක් සංකීර්ණයි. කොහොම වුණත් මේ දේවල් පිළිබඳව දැනගෙන ඉන්න එක ඔබට වටිනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Forward Collision Warning (FCW) කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Torsion Bar Suspension කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    BMW i8 එකටම Unique වෙච්ච Floating Buttresses

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Seat Belt Pre-tensioners කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ i-DCD Gearbox කියන්නෙ?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Starter Motor නැති Hybrid

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Horse Power (HP) සහ Brake Horse Power (BHP) අතර ඇති වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    එන්ජින් එකකට flywheel එකක් තියනෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Puddle Lamps තියෙන්න මොකටද?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Electronic Parking Brake (EPB)?

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!