වාහනයක Earth Discharge Unit එක ගැන ඉගෙනගමු

time
මිනිත්තු 6 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්නෙ ලංකාවේ වාහන පාවිච්චි කරන ගොඩක් දෙනෙක්ට තියෙන, හැබැයි ඒ තරම් ලොකුවට අවධානයක් යොමු නොකරන සුවිශේෂී තාක්ෂණික කොටසක් ගැනයි. ඒ තමයි වාහනයක earth discharge system එක, එහෙමත් නැත්නම් කාර් ග්‍රවුන්ඩින් සහ static discharge යූනිට් එක කියන්නෙ මොකක්ද කියන කරුණ. සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති වාහනයෙන් බහිද්දි දොර අල්ලන කොට චිරිස් ගාලා පොඩි කරන්ට් එකක් වදිනවා වගේ දැනෙන අවස්ථා. එහෙමත් නැත්නම් වාහනයේ සවුන්ඩ් සිස්ටම් එක on කරල රේස් කරද්දි alternator එකේ සද්දෙ ස්පීකර් හරහා reverbe වෙලා ඇහෙන අවස්ථා. මේ හැම දේකටම ප්‍රධානම හේතුව තමයි වාහනයේ තියෙන static electricity එක, එහෙමත් නැත්නම් නිශ්චල විද්‍යුතය සහ දුර්වල earth පද්ධතිය.

අද කාලේ වාහන සම්පූර්ණයෙන්ම වයරින් සහ සෙන්සර්ස් මත වැඩ කරන නිසා මේ earth discharge පද්ධතිය නිවැරදිව තියාගන්න එක වාහනයේ ආයු කාලයට වගේම ඔයාලගේ ආරක්ෂාවටත් සෘජුවම බලපානවා.

නිශ්චල විද්‍යුතය (Static Electricity) හැදෙන්නෙ කොහොමද?

මුලින්ම අපි බලමු මේ වාහනයක static electricity එහෙමත් නැත්නම් නිශ්චල විද්‍යුතය හැදෙන්නෙ කොහොමද කියලා. වාහනයක් පාරේ වේගයෙන් ධාවනය වෙද්දි අවට තියෙන වාතයත් එක්ක වාහනයේ බොඩිය නිරන්තරයෙන්ම ඇතිල්ලීමකට ලක්වෙනවා. මේ ඝර්ෂණය නිසා වාහනයේ ලෝහමය බොඩිය මත ධන හෝ ඍණ විද්‍යුත් ආරෝපණ එකතු වෙන්න පටන් ගන්නවා. වාහනයේ රෝද හදලා තියෙන්නෙ රබර්වලින් නිසා මේ එකතු වෙන විද්‍යුතයට පොළොවට ගලාගෙන යන්න විදියක් නැහැ. මොකද රබර් කියන්නෙ විද්‍යුත් පරිවාරකයක්. මේ නිසා මුළු වාහනයේම බොඩිය පුරාම මේ විද්‍යුත් ආරෝපණ පිරිලා තියෙනවා.

ඔයා වාහනය නවත්වලා බිමට කකුල තියලා දොරේ ලෝහ කොටසක් අල්ලපු ගමන් ඔයාගේ ඇඟ හරහා ඒ විද්‍යුතය පොළොවට ගලාගෙන යනවා. අන්න ඒ වෙලාවට තමයි අපිට පොඩි ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වදින්නෙ. මේක මනුස්සයෙක්ට ලොකු අනතුරක් නොවුණත්, වාහනයේ තියෙන සංවේදී පරිගණක පද්ධතිවලට වගේම ඉන්ධන පිරවුම්හලකදී ඉන්ධන ලබාගන්නා අවස්ථාවලදී විශාල අනතුරක් වෙන්න ඉඩකඩ තියෙනවා.

කාර් අර්ත් ඩිස්චාජ් යූනිට් (Earth Discharge Units)

මේ තත්ත්වය මඟහරවා ගන්න තමයි කාර් අර්ත් ඩිස්චාජ් යූනිට් පාවිච්චි කරන්නෙ. මේක ප්‍රධාන කොටස් දෙකකට අපිට කතා කරන්න පුළුවන්.

එකක් තමයි වාහනයේ පිටුපසින් සවි කරන static discharge strap එක එහෙමත් නැත්නම් earth වයර් පටිය. මේකෙදි සිද්ධ වෙන්නෙ වාහනයේ බොඩියට සවි කරපු විශේෂිත රබර් සහ ලෝහ මිශ්‍ර පටියක් පාරේ ගෑවෙමින් යන්න සලස්වන එකයි. එතකොට වාහනයේ බොඩියේ හැදෙන හැම static කරන්ට් එකක්ම ඒ වෙලාවෙම ඒ පටිය හරහා පොළොවට ගලාගෙන ගිහින් discharge වෙනවා.

දෙවැනි ක්‍රමය තමයි වාහනයේ එන්ජින් රූම් එක ඇතුළේ සවි කරන Performance ground එක එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රොනික earth discharge unit එක. මෙතනදි සිද්ධ වෙන්නෙ බැටරියේ ඍණ අග්‍රයේ ඉඳන් එන්ජිමට, චැසියට, alternator එකට සහ sensors තියෙන ප්‍රධාන තැන්වලට ඝනකම් තඹ වයර් මඟින් සෘජුවම අර්ත් එක ලබාදෙන එකයි. මේ ක්‍රම දෙකෙන්ම කරන්නේ වාහනයේ තියෙන අනවශ්‍ය විද්‍යුත් ආරෝපණ සහ ඉලෙක්ට්‍රොනික ඝෝෂාවන් ක්‍රමවත්ව බැහැර කිරීමයි.

සෙන්සර්ස් සහ ECU මත වන බලපෑම

මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි නිතරම දකින සහ අත්දකින දෙයක් තමයි නවීන වාහනවල තියෙන sensors ක්‍රියාත්මක වෙන්නෙ ඉතාම කුඩා වෝල්ටීයතා වෙනස්වීම් මත කියන එක. උදාහරණයක් විදියට වාහනයක map සෙන්සර් එක, O2 සෙන්සර් එක එහෙමත් නැත්නම් throttle positioning sensor එක ක්‍රියාත්මක වෙද්දි ඒවයින් ECU එකට යවන්නෙ වෝල්ට් බිංදුවයි දශම ගණන්වල ඉතාම සියුම් සංඥා. වාහනයේ අර්ත් පද්ධතිය දුර්වල වුණාම, එහෙමත් නැත්නම් බොඩියේ අනවශ්‍ය විද්‍යුත් ආරෝපණ පිරිලා තිබුණාම මේ සෙන්සර්ස්වලට නිවැරදිව වෝල්ට් බිංදුව කියන පදනම සොයාගන්න බැරි වෙනවා.

මේක නිසා sensors වලින් ECU එකට ලැබෙන දත්ත වැරදි ඒවා වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට වාහනයේ එන්ජිම අස්ථායී වීම, රේස් වෙද්දි ගැස්සීම, ඉන්ධන අනවශ්‍ය ලෙස වැයවීම සහ ගියර් මාරු වෙද්දි ප්‍රමාද වීම් වගේ ලෙඩ රෝග ගොඩක් මතු වෙන්න පුළුවන්. හොඳ earth discharge පද්ධතියක් තියෙන කොට මේ හැම sensor එකකටම ස්ථාවර සහ පිරිසිදු විද්‍යුත් සැපයුමක් ලැබෙන නිසා එන්ජිමේ ක්‍රියාකාරීත්වය උපරිම මට්ටමකට පත්වෙනවා.

අනෙකුත් විද්‍යුත් උපාංග සඳහා වන වාසි

එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අමතරව වාහනයේ තියෙන අනෙකුත් විද්‍යුත් උපාංගවලටත් මේකෙන් ලොකු බලපෑමක් වෙනවා. වාහනයක හෙඩ් ලයිට්වල එළිය අඩු වීම, ස්ටාටර් මෝටරය පණගැන්වීමේදී අපහසුතා ඇතිවීම සහ බැටරිය ඉක්මනින් බැසයාම වගේ දේවල් වලටත් මේ දුර්වල earth පද්ධතිය හේතු වෙනවා. හොඳ grounding kit එකක් සහ discharge unit එකක් සවි කළාම alternator එකෙන් නිපදවන විද්‍යුතය ඉතාම කාර්යක්ෂමව බැටරියට සහ අනෙකුත් පද්ධතිවලට ගලාගෙන යනවා.

විශේෂයෙන්ම වාහනවල ඉහළ ප්‍රමිතියේ සවුන්ඩ් සිස්ටම් පාවිච්චි කරන අයට මේක නැතුවම බැරි දෙයක්. මොකද වයරින් පද්ධතිය හරහා එන ඉලෙක්ට්‍රොනික මැදිහත්වීම් සහ සද්ද බද්ද ඔක්කොම මේ earth discharge එක හරහා නැති කරලා දාන නිසා ඉතාම පිරිසිදු සාරවත් ශබ්දයක් ලබාගන්න පුළුවන් වෙනවා.

නඩත්තුව සහ ලංකාවේ දේශගුණය

ලංකාවේ දේශගුණයත් එක්ක බලද්දි අපේ රටේ තියෙන අධික ආර්ද්‍රතාවය සහ වෙරළබඩ පරිසරය නිසා වාහනවල earth වයර් සවි කරලා තියෙන ලෝහමය ස්ථාන ඉක්මනින්ම මලකඩ කෑමට ලක්වෙනවා. මලකඩ සහ කාබන් බැඳීම නිසා විද්‍යුතය ගලාගෙන යාමට තියෙන ප්‍රතිරෝධය වැඩි වෙනවා. මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි හැමෝටම කියන්නේ තමන්ගේ වාහනයේ සර්විස් එකක් කරන හැම වෙලාවකම බැටරියේ ඉඳන් බොඩියට සහ එන්ජිමට සවි කරලා තියෙන ප්‍රධාන අර්ත් වයර් ලූස් වෙලාද නැත්නම් මලකඩ කාලද කියලා බලන්න ඕනෑ කියන එකයි.

ඒවා ගලවලා වැලි කඩදාසියකින් හොඳට පිරිසිදු කරලා, WD40 වගේ ද්‍රව්‍යයක් ගාලා නැවත තද කිරීමෙන් විද්‍යුත් ධාරාව උපරිම ලෙස ගලාගෙන යාමට සලස්වන්න පුළුවන්. පිටතින් සවි කරන static discharge පටි වුණත් කාලයක් යද්දි ගෙවිලා පාරේ ගෑවෙන්නෙ නැති තත්ත්වයට පත්වෙන්න පුළුවන් නිසා ඒවා නිතරම පරික්ෂා කරලා බැලීම වැදගත් වෙනවා.

නවීන Voltage Stabilizers

දැන් වෙළඳපොළේ දකින්න ලැබෙන අලුත්ම තාක්ෂණික earth discharge යූනිට්වල සරල වයර් විතරක් නෙවෙයි අඩංගු වෙන්නෙ. ඒවයේ විශේෂිත capacitor පද්ධති සහ voltage stabilizer කොටස් අඩංගු කරලා තියෙනවා. මේවා මඟින් කරන්නේ වාහනයේ විද්‍යුත් පද්ධතියේ ඇතිවන වෝල්ටීයතා උච්චාවචනයන්, ඒ කියන්නෙ වෝල්ට් ගණන එකපාරටම අඩු වැඩි වීම් සම්පූර්ණයෙන්ම පාලනය කරන එකයි. වාහනයේ ඒසී එක ඔන් වෙද්දි, නැත්නම් හෙඩ් ලයිට් ඔන් වෙද්දි එන්ජිමට දැනෙන බර සහ RPM එක drop වෙන එක මේ වගේ උසස් discharge unit එකක් මඟින් සාර්ථකව වළක්වන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ වාහනයට ගැලපෙන හොඳම වර්ගයේ අර්ත් සිස්ටම් එකක් තෝරාගෙන නිවැරදිව සවි කරගැනීම ඉතාම වටිනවා.

Motor Guide අපේ උපදෙස

Motor Guide අපේ උපදෙස තමයි, ඔයා පාවිච්චි කරන්නේ පරණ වාහනයක් වුණත්, නැත්නම් අලුත්ම sensors පිරිච්ච වාහනයක් වුණත්, ඒකේ අර්ත් පද්ධතිය සහ static discharge එක ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනෑ කියන එකයි. ඔයාට නිතරම වාහනයේ දොරවල් අල්ලද්දි කරන්ට් එක වදිනවා වගේ දැනෙනවා නම් හෝ රේඩියෝ එකේ අනවශ්‍ය සද්ද එනවා නම්, වහාම හොඳ තත්ත්වයේ static discharge strap එකක් පිටුපසින් සවි කරගන්න. ඒ වගේම එන්ජින් රූම් එක ඇතුළේ තියෙන ප්‍රධාන ග්‍රවුන්ඩින් පොයින්ට්ස් ටික පිරිසිදුව තබාගන්න.

ඔයා වාහනයට අමතර විද්‍යුත් උපාංග, ඒ කියන්නෙ සබ්වුෆර්ස්, අමතර ලයිට් වගේ දේවල් සවි කරලා තියෙනවා නම්, කර්මාන්තශාලාවෙන් එන සාමාන්‍ය earth වයර් එක ඒකට මදි වෙනවා. අන්න ඒ වගේ වෙලාවට උසස් ප්‍රමිතියක අතිරේක grounding කිට් එකක්, ඒ කියන්නෙ ඝනකම් තඹ වයර් සහිත earth discharge යූනිට් එකක් වෘත්තීය කාර්මික ශිල්පියෙක් ලවා නිවැරදිව සවි කරගන්න. ඒකෙන් ඔයාගේ වාහනයේ ඉලෙක්ට්‍රොනික් පද්ධතිය ආරක්ෂා වෙනවා වගේම එන්ජිමේ ධාවන පූර්ණත්වයත් උපරිම මට්ටමක පවත්වාගන්න පුළුවන් වෙනවා.

ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක එකතු වෙලා ඉන්න කියලත් මතක් කරනව.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Forward Collision Warning (FCW) කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Torsion Bar Suspension කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    BMW i8 එකටම Unique වෙච්ච Floating Buttresses

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Seat Belt Pre-tensioners කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ i-DCD Gearbox කියන්නෙ?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Starter Motor නැති Hybrid

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Horse Power (HP) සහ Brake Horse Power (BHP) අතර ඇති වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    එන්ජින් එකකට flywheel එකක් තියනෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Puddle Lamps තියෙන්න මොකටද?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Electronic Parking Brake (EPB)?

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

  • OMODA E5 2026

    SUV

    රු 20.9M - 21.5M

  • GWM Haval Jolion 2025

    SUV

    රු 12.6M - 13.5M

  • Perodua Myvi 2025

    Hatchback

    රු 9M - 12M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!