මොකද්ද මේ D-CVT කියන්නේ?

time
මිනිත්තු 4 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් වාහන ගන්නකොට අහන, ඒත් හරියටම මොකක්ද කියලා දන්නේ නැති දෙයක් ගැන. ඒ තමයි D-CVT (Dual-Mode Continuously Variable Transmission) තාක්ෂණය. විශේෂයෙන්ම අලුත් Daihatsu සහ Toyota (Rocky, Raize, Ativa වැනි) වාහන වල මේ නම ඔයාලට නිතරම ඇහෙනවා ඇති. සාමාන්‍ය CVT එකට වඩා මේක වෙනස් වෙන්නේ කොහොමද කියලා කාර්මික පැත්තෙන් අපි අද ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්.

මොකක්ද මේ CVT කියන්නේ?

මුලින්ම අපි බලමු සාමාන්‍ය CVT (Continuously Variable Transmission) එකක් කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් පරණ වාහන වල තිබ්බේ ගියර් රෝද (Gears). ඒත් CVT එකක තියෙන්නේ Pulleys දෙකක් සහ ඒ දෙක යා කරන Steel Belt එකක්. මේ පුලි දෙකේ විෂ්කම්භය වෙනස් කරලා තමයි වේගය පාලනය කරන්නේ. මේකේ වාසිය තමයි ගියර් මාරු වෙනවා දැනෙන්නේ නැති එක සහ ඉන්ධන පිරිමැස්ම.

හැබැයි මේ සාමාන්‍ය CVT එකේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඒ තමයි වාහනය වේගයෙන් යද්දී (High Speed) අර බෙල්ට් එක සහ පුලි අතර ලොකු ශක්ති හානියක් (Energy Loss) වෙනවා. ඒ වගේම වැඩි වේගයකදී එන්ජිමේ සද්දය වැඩි වුණාට ඒ තරම් වේගයක් ලැබෙන්නේ නැති "Rubber Band Effect" එකත් ලොකු ගැටලුවක්. අන්න ඒකට විසඳුමක් විදිහට තමයි ජපන් ඉංජිනේරුවෝ මේ D-CVT එක හැදුවේ.

D-CVT වැඩ කරන්නේ කොහොමද?

D-CVT එකේ තියෙන විශේෂත්වය තමයි ලෝකේ පළමු වතාවට CVT එකකට Gear Drive එකක් එකතු කරපු එක. මේකේ "Dual-Mode" කියන නම හැදිලා තියෙන්නෙත් ඒකයි. මේ සිස්ටම් එකේ ක්‍රම දෙකකට බලය රෝද වලට දෙනවා:

  • Belt Drive Mode (අඩු වේගයකදී): වාහනය ගමන් කරන්න පටන් ගන්න කොට සහ අඩු වේගයකින් යනකොට මේක සාමාන්‍ය CVT එකක් වගේම බෙල්ට් එකෙන් වැඩ කරන්නේ. ඒ නිසා නගරබද ධාවනයේදී ඉතාමත් සුමටව වාහනය පදවන්න පුළුවන්.
  • Split Mode / Gear Drive (වැඩි වේගයකදී): වාහනය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 60ක් 80ක් වගේ වේගයකට ආවට පස්සේ, මේ සිස්ටම් එක බෙල්ට් එකෙන් වැඩ කරන එක නවත්තලා කෙලින්ම Gears හරහා බලය රෝද වලට දෙනවා.

ඔයාලට මේක සරලව තේරුම් ගන්න ඕනේ නම්, නිකන් හිතන්න මේක ඇතුලේ CVT එකකුයි Manual Gearbox එකකුයි දෙකම තියෙනවා වගේ වැඩක් කියලා. වැඩි වේගයකදී බෙල්ට් එක පාවිච්චි නොකර ගියර් රෝද පාවිච්චි කරන නිසා බෙල්ට් එක ගෙවෙන එක අඩු වෙනවා වගේම එන්ජිමේ බලය 100% ක්ම රෝද වලට ලැබෙනවා.

D-CVT වල තියෙන වාසි මොනවාද?

අපි දකින ප්‍රධානම වාසිය තමයි Efficiency එක. සාමාන්‍ය CVT එකකට වඩා 12% ක් විතර වැඩිපුර බලයක් රෝද වලට දෙන්න මේ තාක්ෂණයට පුළුවන්. ඒ කියන්නේ ඔයා තෙල් ලීටරයකින් යන දුර ප්‍රමාණය වැඩි වෙනවා.

අනිත් එක තමයි Acceleration හෙවත් වේගය ලබා ගැනීම. සාමාන්‍ය CVT වල තියෙන අර කම්මැලි ගතිය (Lagging) මේකේ නැහැ. ඔයා වේගයෙන් යන්න ඕනේ වෙලාවට ගියර් වලට මාරු වෙන නිසා වාහනයට හොඳ ජවයක් ලැබෙනවා. ඒ වගේම හයිවේ එකේ යද්දී එන්ජිමේ සද්දය (Engine Noise) ගොඩක් අඩුයි. මොකද ගියර් රෝද හරහා යනකොට එන්ජිමට ලොකු බරක් ගන්න ඕනේ නැහැ.

නඩත්තුව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ දේවල්

D-CVT එකක් තියෙන වාහනයක් පාවිච්චි කරනවා නම් මතක තබා ගත යුතු වැදගත්ම දේ තමයි Gear Oil මාරු කිරීම. මේක සාමාන්‍ය Automatic Gearbox එකකට වඩා සංවේදීයි. ඒ නිසා අනිවාර්යයෙන්ම නිෂ්පාදකයා නිර්දේශ කරන (උදාහරණයක් විදිහට Toyota FE fluid හෝ Daihatsu CVT Fluid) තෙල් වර්ගයම පාවිච්චි කරන්න ඕනේ. කිලෝමීටර් 30,000 කින් හෝ 40,000 කින් ගියර් ඔයිල් මාරු කරනවා නම් මේ ගියර් පෙට්ටිය ලොකු කාලයක් කිසිම ලෙඩක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.

මතක තියාගන්න, මේ සිස්ටම් එකේ ගියර් රෝද සහ බෙල්ට් දෙකම තියෙන නිසා ඇතුලේ උෂ්ණත්වය පාලනය කිරීම ඉතාම වැදගත්. ඒ නිසා ගියර් ඔයිල් වල මට්ටම සහ ගුණාත්මකභාවය ගැන නිතරම සැලකිලිමත් වෙන්න. වැරදි ගියර් ඔයිල් දැම්මොත් බෙල්ට් එක ලිස්සන්න (Slip) පටන් ගන්න පුළුවන්, එහෙම වුනොත් ලොකු වියදමක් යන රෙපෙයාර් එකකට යන්න වෙයි.

අවසාන වශයෙන් Motor Guide අපේ උපදෙස

D-CVT කියන්නේ නූතන මෝටර් රථ ඉංජිනේරු විද්‍යාවේ ලැබූ ලොකු ජයග්‍රහණයක්. මේකෙන් වාහනයේ පාලනය ලෙහෙසි කරනවා වගේම ඉන්ධන පිරිමැස්ම උපරිම කරනවා. ඔයා අලුත් වාහනයක් ගන්න හිතනවා නම් සහ ඒකේ D-CVT තියෙනවා නම්, ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒක ඉතාමත් සාර්ථක තාක්ෂණයක්. හැබැයි ඉතින් ඕනෑම මැෂින් එකක් වගේම නියමිත කාලයට නඩත්තු කටයුතු (Service) කරන එක විතරයි ඔයාට කරන්න තියෙන්නේ.

අපි දන්නවා ලංකාවේ පාරවල් වල තදබදය වැඩි නිසා නිතරම බ්‍රේක් කරනවා, ආයෙත් වේගය ගන්නවා. මේ වගේ වෙලාවට D-CVT එකෙන් ලැබෙන සුමට බව ඔයාගේ ගමන ගොඩක් පහසු කරාවි. ඉතින් වාහනය ගැන අවබෝධයෙන්, නියමිත ප්‍රමිතියට නඩත්තු කරලා පාවිච්චි කරන්න. එතකොට ඔයාගේ වාහනයත් ආරක්ෂිතයි, ඔයාගේ මුදලුත් ඉතිරි වෙයි.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Forward Collision Warning (FCW) කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Torsion Bar Suspension කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    BMW i8 එකටම Unique වෙච්ච Floating Buttresses

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Seat Belt Pre-tensioners කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ i-DCD Gearbox කියන්නෙ?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Starter Motor නැති Hybrid

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Horse Power (HP) සහ Brake Horse Power (BHP) අතර ඇති වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    එන්ජින් එකකට flywheel එකක් තියනෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Puddle Lamps තියෙන්න මොකටද?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Electronic Parking Brake (EPB)?

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!