අලුත් vezel එකේ එන මොකද්ද මේ E HEV technology එක.

time
මිනිත්තු 4 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ ලංකාවේ SUV වාහන වෙළඳපොළ උඩුයටිකුරු කරපු, ඒ වගේම හැමෝගෙම ආකර්ෂණය දිනාගත්තු වාහනයක අලුත්ම මාදිලියක් සහ එහි අඩංගු වෙන සුපිරි තාක්ෂණයක් ගැනයි. ඒ තමයි අලුත් Vezel රථයේ එන e:HEV technology එක. අපි හැමෝම දන්නවා කලින් ආපු Vezel dual clutch hybrid පද්ධතිය ලංකාවේ සෑහෙන්න කතාබහට ලක්වුණා වගේම එහි තිබුණු සමහර තාක්ෂණික ගැටලු නිසා රියදුරන් යම් අපහසුතාවලටත් මුහුණ දුන්නා. අන්න ඒ හැම ප්‍රශ්නයකටම ස්ථිර විසඳුමක් දෙමින් Honda සමාගම ඔවුන්ගේ අලුත්ම Vezel රථයට මේ e:HEV තාක්ෂණය හඳුන්වා දීලා තියෙනවා. සාම්ප්‍රදායික hybrid ක්‍රමවලට වඩා හාත්පසින්ම වෙනස් විදිහකට ක්‍රියාත්මක වෙන මේ අලුත්ම තාක්ෂණයේ ඇතුළාන්තය සහ මෙයින් අපිට ලැබෙන සැබෑ ප්‍රයෝජන මොනවාද කියලා අද අපි මෝටර් රථ ඉංජිනේරු පැත්තත් එක්කම හරියටම තේරුම් ගනිමු.

සරලවම කිව්වොත්, e:HEV කියන්නේ Hybrid Electric Vehicle කියන අදහසයි. හැබැයි මේකේ තියෙන සුවිශේෂීම වෙනස තමයි මෙහිදී වාහනය ධාවනය කිරීමට මූලිකවම මඟ පාදන්නේ විදුලි මෝටරය මඟින් වීමයි. පැරණි වාහනවල වගේ එන්ජිමෙන් කෙළින්ම රෝද කැරකවීම වෙනුවට, මෙහිදී එන්ජිම බහුලවම පාවිච්චි කරන්නේ විදුලිය නිපදවන ජෙනරේටරයක් විදිහට විතරයි. මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි දකින දෙයක් තමයි, Honda සමාගම සාම්ප්‍රදායික mechanical ගියර් පෙට්ටිය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා, electric වාහනයක තියෙන සුමට බව සහ hybrid වාහනයක තියෙන දිගු ධාවන පරාසය එකතු කරලා හදපු අතිශය විශිෂ්ට ඉංජිනේරුමය කඩඉමක් විදිහට මේ පද්ධතිය හඳුන්වන්න පුළුවන්.

මේ පද්ධතිය පිටුපස i-VTEC පෙට්‍රල් එන්ජිමක්, ප්‍රබල electric motors දෙකක්, lithium-ion බැටරියක් සහ intelligent power unit එකක් එක දිගට ක්‍රියාත්මක වෙනවා. මෙහි ඇති මෝටර දෙකෙන් එකක් generator motor එකක් ලෙස ක්‍රියා කරන අතර අනෙක රෝද කැරකවීම සිදු කරන propulsion motor එක ලෙස ක්‍රියා කරනවා. වාහනයේ ධාවන රටාව සහ වේගය අනුව මේ පද්ධතිය ස්වයංක්‍රීයව ප්‍රධාන drive modes තුනක් අතර මාරු වෙමින් ක්‍රියාත්මක වෙනවා.

  • පළමු drive mode එක තමයි EV drive mode එක. වාහනය නතර කරලා ඉදිරියට ගන්නකොට සහ නගරබද අඩු වේගයන්හිදී එන්ජිම සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වෙලා, බැටරියේ තියෙන විදුලි බලයෙන් පමණක් propulsion motor එක ක්‍රියාත්මක වෙලා වාහනය 100%ක්ම electric වාහනයක් විදිහට අතිශය නිශ්ශබ්දව සහ සුමටව ධාවනය වෙනවා.
  • දෙවැනි mode එක තමයි Hybrid drive mode එක. වාහනයේ වේගය මඳක් වැඩි වෙනකොට හෝ බැටරියේ විදුලිය අඩු වෙනකොට එන්ජිම ස්වයංක්‍රීයව පණ ගැන්වෙනවා. හැබැයි එතකොටත් එන්ජිමෙන් කෙළින්ම රෝද කැරකවෙන්නේ නැහැ. එන්ජිම මඟින් කරන්නේ generator motor එක කරකවා විදුලිය නිපදවීමයි. එම විදුලිය කෙළින්ම propulsion motor එකට ගිහිල්ල වාහනය ධාවනය කරවල අතිරික්ත විදුලිය බැටරිය ආරෝපණය කිරීමට යොදා ගන්න එක.
  • තුන්වැනි drive mode එක තමයි Engine drive mode එක. මෙය ඉතාම සුවිශේෂී අවස්ථාවක්. වාහනය highway එකක එක දිගට අධික වේගයෙන් (high speed cruising) ධාවනය වෙනකොට electric මෝටරවලට වඩා පෙට්‍රල් එන්ජිම ධාවනය කිරීම කාර්යක්ෂම බව පද්ධතිය හඳුනා ගන්නවා. අන්න ඒ වෙලාවට lock-up clutch එකක් හරහා එන්ජිම කෙළින්ම රෝද සමඟ යාන්ත්‍රිකව සම්බන්ධ වී වාහනය ඉදිරියට ධාවනය කරවනවා. මේ mode මාරුවීම් සියල්ලම රියදුරුට කිසිසේත්ම නොදැනෙන තරමට අතිශය සුමටව සිදුවීම මේ තාක්ෂණයේ ඇති විශේෂත්වයක්.

Honda Vezel e:HEV Technology

මේ නවීන තාක්ෂණය නිසා ප්‍රායෝගිකව ලැබෙන වාසි අතිමහත්. පළමු වැන්න නම් අතිවිශිෂ්ට fuel efficiency හෙවත් ඉන්ධන පිරිමැස්මයි. නිතරම ට්‍රැෆික් එකේ ධාවනය වන විට EV mode එක බහුලව භාවිත වන නිසා ලීටරයකට කිලෝමීටර් 22 සිට 26 දක්වා ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා ගන්න පුළුවන්. දෙවැන්න නම් ක්ෂණික pickup එකයි. විදුලි මෝටරයෙන් මූලික ත්වරණය ලබා දෙන නිසා acceleration pedal එක පාගපු සැනින් instant torque එකක් ලැබෙනවා. ඒ වගේම පැරණි dual clutch ගියර් පෙට්ටිය මෙහි නොමැති නිසා mechanical ගෙවී යාම් සහ dual clutch actuator ලෙඩ දීම් මේ අලුත් පද්ධතියේ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ල තියෙනවා.

ඒ වගේම, වාහනය තිරිංග යොදන විට හෝ acceleration pedal එකෙන් කකුල ඉවත් කරන විට අපතේ යන චාලක ශක්තිය නැවත විදුලිය බවට හරවා බැටරිය charge කරගන්නා regenerative braking පද්ධතියක්ද මෙහි අන්තර්ගත වෙනවා. රියදුරුට steering wheel එක පිටුපස ඇති deceleration selectors හෙවත් deceleration paddles භාවිත කරමින් මෙම regenerative braking බලපෑම තමන්ට අවශ්‍ය පරිදි මට්ටම් හතරකට පාලනය කර ගැනීමේ හැකියාවද පවතිනවා.

Motor Guide අපේ උපදෙස නම්, ඔබ අලුත් Vezel e:HEV වාහනයක් පාවිච්චි කරනවා නම්, එහි ඇති ඉතාම සංවේදී high voltage electric පද්ධතිය සහ lithium-ion බැටරිය නියමිත ප්‍රමිතියට අනුව නඩත්තු කළ යුතු බව. විශේෂයෙන්ම වාහනයේ පිටුපස අසුනට පහළින් ඇති බැටරි cooling vent එක හෙවත් වාතය ඇතුළු වන සිදුරු රෙදි කැබලි හෝ බෑග් තබා අවහිර නොකිරීමට වගබලා ගන්න. එම සිදුරු අවහිර වුවහොත් hybrid බැටරිය අධික ලෙස රත් වී (overheating) පද්ධතියේ ආයු කාලය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම වාහනයේ coolant මට්ටම් සහ intelligent power unit එකේ තත්ත්වය නියමිත කාල පරාසයන් තුළදී සහතික ලත් Honda විශේෂඥයකු ලවාම පරීක්ෂා කරවා ගැනීම දිගුකාලීන ආරක්ෂාවට අතිශය වැදගත් වෙනවා. ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    අලුත් vezel එකේ එන මොකද්ද මේ E HEV technology එක.

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    Mild Hybrid සහ Micro Hybrid අතර සැබෑ වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    2026 වන විට දිවයින පුරා ව්‍යාප්ත වන EV Charging Stations

    time
    මිනිත්තු 3 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    2026 ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) නඩත්තුව සහ බැටරි ආයු කාලය

    time
    මිනිත්තු 3 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    වාහනය මොකක් වුනත් නැතුවම බැරි 12V Auxiliary Battery

    time
    මිනිත්තු 2 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    දැනගත යුතුම Solid-State Batteries.

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    මොකද්ද මේ Regenerative Braking?

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    Hybrid Battery එකක ආයු කාලය

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    EV සහ BMS

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    EV බැටරියක SOH කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

  • Toyota RAV4 2.5L Petrol 2026

    SUV

    රු 48M - 50M

  • Toyota RAV4 2.5 Hybrid AWD 2026

    Compact SUV

    රු 420M - 50M

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!