ලංකාවේ විදුලි බිලට විසඳුමක් ලෙස Solar + EV සංකල්පය ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?

අද Motor guide අපි අද කතා කරන්න යන්නෙ වර්තමානයේ ලංකාවේ වාහන හිමියන් අතර වගේම නිවාස හිමියන් අතරත් ඉතාම ජනප්‍රිය වෙමින් පවතින, අපේ මාසික විදුලි බිලට සහ ඉන්ධන වියදමට එකවර විසඳුමක් ලබා දෙන Solar + EV සංකල්පය ගැනයි. ගොඩක් දෙනෙක් අලුතින් electric vehicle එකක් මිලදී ගන්න කැමති වුණත්, ගෙදර තියෙන සාමාන්‍ය විදුලි මීටරයෙන් EV එක charge කළොත් මාසික විදුලි බිල ඉහළම unit block එකට ගිහින් විශාල බිලක් එයි කියන බය තියෙනවා. ඒ වගේම දැන් ලංකාවේ rooftop solar පද්ධති සඳහා අලුතින් හඳුන්වා දීලා තියෙන Net Plus ප්‍රතිපත්ති සහ EV charging සඳහාම වෙන් වුණු නව විදුලි ගාස්තු ක්‍රම නිසා, solar panel පද්ධතියක් සහ electric වාහනයක් එකට සම්බන්ධ කරලා කොහොමද අපේ වියදම් අවම කරගන්නේ කියන එක ගැන තමයි අද අපි ඉතාම පැහැදිලිව කතා කරන්න යන්නේ.
මුලින්ම අපි බලමු මොකක්ද මේ Solar + EV සංකල්පයේ මූලිකම අදහස කියලා. සරලවම කිව්වොත්, දහවල් කාලයේදී අපේ නිවසේ වහලය මත තියෙන solar panels මගින් නිපදවන සූර්ය විදුලිය යොදාගෙන, එක්කෝ කෙලින්ම අපේ electric වාහනය charge කරගැනීම, එහෙමත් නැත්නම් එම විදුලිය ජාතික විදුලිබල පද්ධතියට අලෙවි කරලා ලැබෙන ආදායමෙන් වාහනය charge කරන්න යන විදුලි බිල පියවා ගැනීම තමයි මෙතැනදී සිද්ධ වෙන්නේ. මේක හරියට අපේ ගෙදර වහලය උඩම පොඩි ඉන්ධන පිරවුම්හලක් හදාගත්තා වගේ වැඩක්. සාමාන්‍යයෙන් කිලෝමීටර් 1,500 ක් පමණ මාසයකට ධාවනය කරන petrol වාහනයකට රුපියල් 35,000 ත් 40,000 ත් අතර මුදලක් ඉන්ධන වලට වැය වුණත්, electric වාහනයකට ඒ දුර යන්න වැය වෙන්නේ විදුලි ඒකක 300 ක් වගේ ප්‍රමාණයක් විතරයි.
දැන් අපි බලමු ලංකාවේ වර්තමාන නීති රීති සහ විදුලි ගාස්තු ක්‍රම යටතේ මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. කලින් තිබුණු Net Metering සහ Net Accounting ක්‍රම වෙනුවට, 2026 සැප්තැම්බර් මාසයේ සිට අලුතින් සවි කරන සියලුම rooftop solar පද්ධති සඳහා ක්‍රියාත්මක වෙන්නේ Net Plus ක්‍රමය පමණයි. Net Plus ක්‍රමයේදී වෙන්නේ ඔයාගේ solar පද්ධතියෙන් නිපදවන සම්පූර්ණ විදුලි ඒකක ප්‍රමාණයම වෙනම මීටරයක් හරහා ලංකා විදුලිබල මණ්ඩලයට හෝ LECO ආයතනයට අලෙවි වීමයි. ඒ වෙනුවෙන් ඔයාට නියමිත ගාස්තුවක් මාසිකව ගෙවනවා. ඒ අතරතුර ඔයාගේ නිවසේ පාවිච්චියට සහ වාහනය charge කිරීමට වැය වන විදුලිය වෙනම මීටරයකින් මැනලා බිල්පත් කරනවා. එතකොට solar මගින් ලැබෙන ආදායමෙන් ඔයාගේ මාසික විදුලි බිල ගෙවලා ඉතිරි මුදලක් අතට ගන්නත් පුළුවන් වෙනවා.
ඊටත් වඩා වැදගත් දේ තමයි, 2026 මැයි මාසයේ සිට හඳුන්වා දුන් EVC-1 හෙවත් EV Charging සඳහාම වෙන් වුණු විශේෂ විදුලි සම්බන්ධතාවය සහ Domestic Time-of-Use හෙවත් D-TOU ගාස්තු ක්‍රමය. ඔයා නිවසේ සාමාන්‍ය විදුලි මීටරයෙන්ම EV එක charge කළොත්, මාසික පරිභෝජනය ඒකක 180 ඉක්මවා ගිහින් ඉතාම ඉහළ unit rate එකකට බිල් වෙනවා. නමුත් ඔයා EV charging සඳහාම වෙනම EVC-1 මීටරයක් ලබා ගත්තොත් හෝ D-TOU ක්‍රමයට මාරු වුණොත්, රාත්‍රී 10.30 සිට උදෑසන 5.30 දක්වා තියෙන off-peak කාලය තුළ ඉතාම අඩු මුදලකට, ඒ කියන්නේ ඒකකයක් රුපියල් 33 ක් වැනි සහනදායී මිලකට වාහනය full charge කරගන්න පුළුවන්.
ඊට අමතරව, ඔයා දහවල් කාලයේ නිවසේ රැඳී සිටින කෙනෙක් නම් හෝ ඔයාගේ කාර්යාලයේ solar පද්ධතියක් තියෙනවා නම්, Hybrid Solar Inverter එකක් සහ Solar EV Charger එකක් යොදාගෙන, ජාතික විදුලිබල පද්ධතියට යන විදුලිය වෙනුවට දහවල් හිරු එළියෙන් නිපදවෙන අතිරික්ත විදුලියෙන් කෙලින්ම වාහනය charge කරගන්නත් පුළුවන්. මෙතැනදී කිසිම විදුලි බිලක් එකතු නොවී සෘජුවම සූර්ය බලයෙන් වාහනය ධාවනය කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම නවීන EV වාහන වල තියෙන V2L හෙවත් Vehicle-to-Load තාක්ෂණය හරහා, හදිසි විදුලි බිඳවැටීමකදී වාහනයේ battery එකේ තියෙන විදුලිය ආපසු නිවසේ විදුලි උපකරණ ක්‍රියාත්මක කරන්න පවා යොදාගන්න පුළුවන් නිසා මේ පද්ධති දෙක එකිනෙකට ඉතාම හොඳින් ගැළපෙනවා.
අවසාන වශයෙන් Motor guide අපේ උපදෙස තමයි, ඔයා Solar + EV සංකල්පයට යොමු වෙන්න කලින් මුලින්ම ඔයාගේ මාසික ගමන් බිමන් ප්‍රමාණය ගණනය කරලා, ඒ සඳහා අවශ්‍ය වෙන විදුලි ඒකක ගණන හරියටම තීරණය කරන්න. උදාහරණයක් විදිහට ඔයා මාසයකට කිලෝමීටර් 1,500 ත් 2,000 ත් අතර දුරක් ධාවනය කරනවා නම්, නිවසේ සාමාන්‍ය විදුලි පරිභෝජනයත් එක්ක ගැළපෙන විදිහට අවම වශයෙන් 5kW හෝ 8kW ධාරිතාවයකින් යුත් rooftop solar පද්ධතියක් සවි කරගන්න එක වඩාත්ම ලාභදායී වෙනවා. ඒ වගේම වාහනය charge කරන්න නිවසේ සාමාන්‍ය plug base එකක් පාවිච්චි කරනවා වෙනුවට, අනිවාර්යයෙන්ම වෙනම MCB එකක්, SPD හෙවත් surge protection device එකක් සහ නිවැරදි earthing පද්ධතියක් සහිත 7kW AC wall box charger එකක් සවි කරගන්න වගබලා ගන්න.
ඊට අමතරව CEB හෝ LECO ආයතනයෙන් EV charging සඳහාම වෙන් වුණු EVC-1 මීටරය ඉල්ලුම් කරලා, රාත්‍රී off-peak වේලාවන් වලදී වාහනය charge වෙන විදිහට charger එකේ timer එක සකස් කරලා තිබ්බොත්, දහවල් කාලයේ solar මගින් ලැබෙන ආදායමෙන් රාත්‍රී charging බිල සම්පූර්ණයෙන්ම පියවාගෙන, ඉන්ධන වලටත් විදුලි බිලටත් එක රුපියලක්වත් අතින් නොගෙවා අවුරුදු ගණනාවක් ඉතාම ලාභදායීව ගමන් බිමන් යන්න ඔයාට පුළුවන්. ඒ වගේම මේ වගේ නවීන වාහන ගැන සහ තාක්ෂණික තොරතුරු දැනගන්න Motor guide එක්ක එකතු වෙලා ඉන්න කියලත් මතක් කරනවා.

ලියන ලද්දේ
Nisaga Sandaru
A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.





































