වහන වල එන H2 තාක්ෂණය

time
මිනිත්තු 4 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ මුළු ලෝකයම කාබන් විමෝචනය අවම කරන්න සහ පරිසර දූෂණය පාලනය කරන්න විවිධ විකල්ප හොයන යුගයක, විදුලි වාහනවලටත් වඩා ඉදිරියෙන් ඉන්න අනාගතයේ සුපිරිම ඉන්ධන විප්ලවයක් ගැනයි. ඒ තමයි නවීන මෝටර් රථ ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් කරමින් ඉදිරියට එන hydrogen තාක්ෂණය. අපි හැමෝම දන්නවා දැනට පාරේ තියෙන electric වාහන පාවිච්චි කරද්දී ඒවා charge කරන්න පැය ගණනාවක් ගත වෙන එක වගේම බැටරි නිෂ්පාදනයේදී සිදුවන පරිසර හානිය ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. අන්න ඒ ප්‍රශ්න හැමදේටම කදිම සහ ස්ථිර විසඳුමක් විදිහට තමයි ලෝක ප්‍රකට වාහන නිෂ්පාදකයෝ මේ hydrogen තාක්ෂණය ලෝකයට හඳුන්වා දීලා තියෙන්නේ. අද අපි මේ පද්ධතිය වැඩ කරන්නෙ කොහොමද, මෙහි තියෙන සැබෑ ප්‍රයෝජන මොනවාද සහ මෙයින් අපේ රිය පැදවීමේ අනාගතය වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන සියලු කරුණු හරියටම තේරුම් ගමු.

සරලවම කිව්වොත්, hydrogen වාහන මූලිකවම ක්‍රියා කරන්නේ fuel cell electric vehicle කියන සංකල්පය යටතේයි. බොහෝ දෙනෙක් හිතන්නේ hydrogen වාහනයක් ඇතුළේ වෙන්නේ සාමාන්‍ය එන්ජිමක් වගේ hydrogen පුච්චලා වාහනය දුවවන එක කියලා. හැබැයි ඇත්තම තාක්ෂණය නම්, මේ වාහන ධාවනය වෙන්නේ සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වන electric motor එකක් ආධාරයෙනුයි. හැබැයි මේකේ සාමාන්‍ය electric වාහනයක් වගේ ලොකු බැටරියක් නැහැ. ඒ වෙනුවට වාහනය ඇතුළේදීම සජීවීව විදුලිය නිපදවන කුඩා විදුලි බලාගාරයක් පිහිටුවලා තියෙනවා. මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි දකින දෙයක් තමයි, Toyota Mirai සහ Hyundai Nexo වැනි වාහන මාදිලි මේ තාක්ෂණය භාවිත කරමින් පරිසර හිතකාමී ධාවනයේ අලුත්ම සන්ධිස්ථානයක් සනිටුහන් කරන්න සමත් වෙලා තියනව.

Hydrogen Vehicle Technology

මේ පද්ධතිය පිටුපස high pressure hydrogen tanks, ප්‍රබල fuel cell stack එකක්, power control unit එකක්, කුඩා electric battery එකක් සහ රෝද කරකවන electric motor එකක් එක තියනවා. වාහනයේ ඇති ඉතාම ශක්තිමත් carbon fiber සිලින්ඩර ඇතුළේ hydrogen වායුව bar 700 ක වැනි අතිශය ඉහළ පීඩනයක් යටතේ ගබඩා කරලා තියෙනවා. වාහනය පණගන්වා ඉදිරියට ධාවනය කිරීමේදී සම්පූර්ණ ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ ඉතාම වේගවත් රසායනික පියවර කිහිපයකින්.

මුලින්ම ටැංකියේ තියෙන hydrogen වායුව කෙළින්ම ගලාගෙන එන්නේ fuel cell stack එක වෙතටයි. ඒ වගේම වාහනයේ ඉදිරිපස ඇති grill එක හරහා බාහිර පරිසරයේ තියෙන oxygen වායුවද මෙම පද්ධතිය ඇතුළට උරා ගනු ලබනවා. මෙම fuel cell stack එක ඇතුළත තියන සුවිශේෂී ප්ලැටිනම් උත්ප්‍රේරක මතුපිටක් මතදී hydrogen පරමාණු සහ oxygen පරමාණු එකිනෙක රසායනිකව ප්‍රතික්‍රියා කිරීමට සලස්වනවා. මෙන්න මේ රසායනික ක්‍රියාවලියේදී hydrogen පරමාණුවලින් ඉලෙක්ට්‍රෝන වෙන් වෙන අතර එමඟින් සෘජුවම අධි බලැති විදුලි ධාරාවක් හෙවත් electricity නිපදවීම සිදුවෙනවා.

Hydrogen Fuel Cell Stack

මෙසේ නිපදවන විදුලි බලය power control unit එක හරහා කෙළින්ම රෝදවල සවි කර ඇති electric motor එක වෙත ගලා යන අතර එමඟින් වාහනය ඉතාම සුමටව සහ නිශ්ශබ්දව ඉදිරියට ධාවනය කරවනවා. මෙහි ඇති පුදුම සහගතම තාක්ෂණික කාරණය වන්නේ, hydrogen සහ oxygen එකතු වෙලා විදුලිය නිපදවූවාට පස්සේ ඉතිරි වෙන එකම අතුරු නිෂ්පාදනය වන්නේ පිරිසිදු වතුර හෙවත් H2O පමණක් වීමයි. සාමාන්‍ය වාහනවලින් පරිසරයට කාබන්ඩයොක්සයිඩ් හෝ අහිතකර දුමාරයක් පිටවන විට, hydrogen වාහනයක exhaust pipe එකෙන් එළියට විසි වෙන්නේ බොන්න පවා පුළුවන් තරම් පිරිසිදු වතුර බිංදු විතරයි. මේ නිසා මෙය 100%ක්ම zero emission තාක්ෂණයක් විදිහට හඳුන්වනවා.

මේ නවීන තාක්ෂණය නිසා ප්‍රායෝගික ජීවිතයේදී අපිට ලැබෙන වාසි සහ පහසුව අතිමහත්. ප්‍රධානම වාසිය තමයි refueling time එකයි. සාමාන්‍ය electric වාහනයක් charge කිරීමට පැය භාගයක සිට පැය කිහිපයක් ගත වන විට, hydrogen වාහනයකට hydrogen filling station එකකින් ඉන්ධන ලබා ගැනීමට ගත වෙන්නේ සාමාන්‍ය පෙට්‍රල් වාහනයක් වගේම විනාඩි 3 සිට 5ක් වැනි ඉතාම කෙටි කාලයක් විතරයි. දෙවැන්න නම් driving range එකයි. එක පාරක් hydrogen ටැංකිය සම්පූර්ණ කළාට පස්සේ කිලෝමීටර් 600 සිට 800 දක්වා අතිවිශාල දුරක් එක දිගට ධාවනය කිරීමේ හැකියාව ලැබෙනවා. එමෙන්ම, සාමාන්‍ය electric වාහනවල වගේ අධික බරැති battery pack එකක් නැති නිසා වාහනයේ බර ගොඩක් අඩුයි. මේ නිසා මෙය ඉදිරියේදී විශාල ට්‍රක් රථ සහ බස් රථ වැනි heavy duty fleets සඳහා ලෝකයේ තියෙන හොඳම විසඳුම වෙනවා.

Hydrogen Vehicle

කොහොම වුනත් මෙකෙත් අභියෝග සහ අවාසි කිහිපයක් තියනවා. ප්‍රධානම ගැටලුව වන්නේ hydrogen නිෂ්පාදනය කිරීමට සහ එය ප්‍රවාහනය කිරීමට යන අධික පිරිවැයයි. වර්තමානයේ ලෝකයේ hydrogen බහුලවම නිපදවන්නේ ස්වභාවික වායු භාවිතයෙන් නිසා එහිදී යම් ප්‍රමාණයක කාබන් විමෝචනයක් සිදුවෙනවා. 100%ක්ම සූර්ය බලශක්තිය හෝ සුළං බලශක්තිය භාවිතයෙන් වතුර විද්‍යුත් විච්ඡේදනය කර නිපදවන green hydrogen තාක්ෂණය තවමත් ලෝකය පුරා බහුලව ව්‍යාප්ත වෙලා නැහැ. එමෙන්ම hydrogen filling stations ලෝකයේ ඉතාම සීමිත මට්ටමක පවතින්නේ ඒවා ඉදි කිරීමට අධික පිරිවැයක් වැය වන නිසයි.

Motor Guide අපේ උපදෙස නම්, අනාගතයේදී ඔබ hydrogen වාහනයක් මිලදී ගැනීමට හෝ මෙම තාක්ෂණය පාවිච්චි කිරීමට බලාපොරොත්තු වෙනවා නම්, එහි ඇති high pressure fuel system එකෙහි නඩත්තුව පිළිබඳව අතිශයින්ම සැලකිලිමත් විය යුතු බවයි. hydrogen කියන්නේ ඉතාම සැහැල්ලු මෙන්ම අතිශය දැවෙනසුළු වායුවක් නිසා, වාහනයේ ඇති safety sensors සහ automatic shut-off valves නියමිත ප්‍රමිතියට අනුව සහතික ලත් විශේෂඥයන් ලවාම පරීක්ෂා කරගත යුතුයි. වාහනය කිසියම් අනතුරකට ලක් වුවහොත් ටැංකිවලින් වායුව කාන්දු වීම වැළැක්වීමට මෙහි එන ඝන carbon fiber ආරක්ෂණ පද්ධති නිරන්තරයෙන් හොද තත්වයේ පවත්වා ගැනීම දිගුකාලීන ආරක්ෂාවට අතිශය වැදගත් කාරණයක් වෙනවා.ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    වහන වල එන H2 තාක්ෂණය

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    මොකද්ද මේ phev කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    අලුත් vezel එකේ එන මොකද්ද මේ E HEV technology එක.

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    Mild Hybrid සහ Micro Hybrid අතර සැබෑ වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    2026 වන විට දිවයින පුරා ව්‍යාප්ත වන EV Charging Stations

    time
    මිනිත්තු 3 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    2026 ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) නඩත්තුව සහ බැටරි ආයු කාලය

    time
    මිනිත්තු 3 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    වාහනය මොකක් වුනත් නැතුවම බැරි 12V Auxiliary Battery

    time
    මිනිත්තු 2 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    දැනගත යුතුම Solid-State Batteries.

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    මොකද්ද මේ Regenerative Braking?

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    Hybrid Battery එකක ආයු කාලය

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

  • Toyota RAV4 2.5L Petrol 2026

    SUV

    රු 48M - 50M

  • Toyota RAV4 2.5 Hybrid AWD 2026

    Compact SUV

    රු 420M - 50M

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!