Mild Hybrid සහ Micro Hybrid අතර සැබෑ වෙනස

time
මිනිත්තු 4 කියවීම
feature image

Motor Guide අපි අද කතා කරන්න යන්නෙ මෑත කාලීනව වාහන ලෝකයේ ගොඩක් කතාබහට ලක්වන, ඒ වගේම ගොඩක් දෙනෙක් පැටලවා ගන්න මාතෘකාවක් ගැන. ඒ තමයි Mild hybrid සහ Micro hybrid කියන වාහන තාක්ෂණ ක්‍රම දෙක අතර තියෙන සැබෑ වෙනස. අද වෙනකොට වාහන වෙළඳපොළේ ගොඩක් වාහන මේ තාක්ෂණ දෙකෙන් එකකින් එන නිසා, මේක හරියටම දැනගෙන ඉන්න එක වාහනයක් මිලදී ගන්න හදන කෙනෙකුට වගේම වාහන ගැන උනන්දු කෙනෙකුට ගොඩක්ම වැදගත් වෙනවා.

Micro Hybrid යනු කුමක්ද?

මුලින්ම අපි බලමු Micro hybrid කියන්නේ මොකක්ද කියලා. සරලවම කිව්වොත්, Micro hybrid කියන්නේ සාම්ප්‍රදායික පෙට්‍රල් හෝ ඩීසල් එන්ජිමක් තියෙන වාහනයක තියෙන තවත් එක දියුණු පහසුකමක් විතරයි. මේකේ සාමාන්‍ය hybrid වාහනවල වගේ රෝද කරකවන්න උදව් වෙන ප්‍රධාන විදුලි මෝටරයක් (Electric motor) ඇත්තටම නැහැ. එහෙනම් මේකේ විශේෂත්වය මොකක්ද? මේකේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි Idling Stop-Start කියන පද්ධතිය. ඒ කියන්නේ, අපි වාහනේක ට්‍රැෆික් එකක හෝ colour light එකක නැවැත්වූ ගමන්, එන්ජිම ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වීම සහ ක්ලච් එක පාගපු ගමන් හෝ බ්‍රේක් එකෙන් කකුල ගත්ත ගමන් එන්ජිම ආපහු පණ ගැන්වීමයි. මේකෙන් වෙන්නේ අනවශ්‍ය විදිහට ඉන්ධන දහනය වීම වළක්වාගෙන ඉන්ධන පිරිමැස්මක් ලබා ගැනීමයි.

මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි දකින දෙයක් තමයි, ගොඩක් වෙළඳ ප්‍රචාරණ වලදී Micro hybrid වාහනත් hybrid වාහන ගණයටම දාලා විකුණන්න උත්සාහ කරන බව. ඒත් තාක්ෂණික පැත්තෙන් බැලුවම Micro hybrid එකකට බැටරියක ආධාරයෙන් විදුලි බලයෙන් විතරක් වාහනය ඉදිරියට ගෙනයන්න කිසිම හැකියාවක් නැහැ. මෙහිදී සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් බලවත් Enhanced Starter Motor එකක් හෝ Belt-driven Starter Generator (BSG) එකක් තමයි භාවිත කරන්නේ. ඒ වගේම මේවට විශේෂිත වූ කුඩා ඊයම් අම්ල (Lead-acid) හෝ AGM වර්ගයේ බැටරි තමයි එන්ජිම නැවත පණගැන්වීම සඳහා යොදා ගන්නේ.

Micro Hybrid Technology

Mild Hybrid යනු කුමක්ද?

ඊළඟට අපි කතා කරමු Mild hybrid තාක්ෂණය ගැන. Mild hybrid කියන්නේ micro hybrid එකට වඩා ගොඩක් ඉදිරියට ගිය, වඩාත් සංකීර්ණ තාක්ෂණයක්. මෙහිදී වාහනයට සාමාන්‍ය 12V පද්ධතියට අමතරව 48V බලශක්ති පද්ධතියක් එකතු කරලා තියෙනවා. මෙන්න මෙතන තමයි සැබෑ වෙනස පටන් ගන්නේ. මේකේ තියෙන විදුලි මෝටරය (මෙය බොහෝ විට Integrated Starter Generator - ISG ලෙස හැඳින්වේ) සාමාන්‍ය මයික්‍රෝ එකක මෝටරේට වඩා ගොඩක් බලවත්. මේ මෝටරයට පුළුවන් වාහනය වේගවත් කරන අවස්ථාවලදී (Acceleration) එන්ජිමට අවශ්‍ය බලය ලබා දීලා, එන්ජිම මත පටවන බර අඩු කරන්න.

මේ ක්‍රියාවලිය හරහා එන්ජිමට දහනය කරන්න අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවෙනවා. ඒ වගේම වාහනය බ්‍රේක් කරන අවස්ථාවලදී (Regenerative Braking) අපතේ යන ශක්තිය නැවත විදුලිය බවට පත් කරලා, විශේෂ ලිතියම්-අයන් (Lithium-ion) බැටරියක ගබඩා කරගන්න මේ Mild hybrid පද්ධතියට පුළුවන්. ඒ කියන්නේ, වාහනය සම්පූර්ණයෙන්ම විදුලියෙන් පමණක් දුවන්න බැරි වුණත්, වාහනය පදවන අතරතුර එන්ජිමට ලොකු සහයක් ලබා දෙන්න මේ Mild hybrid පද්ධතියට පුළුවන්කම තියෙනවා.

Mild Hybrid Technology

ප්‍රධාන තාක්ෂණික වෙනස්කම්

විශේෂාංගය Micro Hybrid Mild Hybrid
විදුලි මෝටරයේ ක්‍රියාකාරීත්වය එන්ජිම පණගැන්වීමට පමණක් උදව් වන කුඩා මෝටරයක් භාවිත කරයි. එන්ජිමට බලය සපයන සහ වාහනය පැදවීමේදී උදව් වන බලවත් මෝටරයක් (ISG) භාවිත කරයි.
බැටරි පද්ධතිය සාමාන්‍ය 12V Lead-acid හෝ AGM බැටරි භාවිත කරයි. 48V හෝ ඊට වැඩි බලයක් සහිත විශේෂ ලිතියම්-අයන් (Lithium-ion) බැටරි පද්ධතියක් භාවිත කරයි.
ඉන්ධන පිරිමැස්ම ඉන්ධන ඉතිරිය සිදුවන්නේ වාහනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති අවස්ථා වලදී පමණි (Stop-Start). වාහනය නතර කර ඇති විටත්, වේගය වැඩි කරමින් ගමන් කරන විටත් ඉන්ධන ඉතිරි වීම සිදුවේ.
මිල සහ නඩත්තුව ඉතා සරල තාක්ෂණයක් බැවින් මිල සහ නඩත්තු වියදම් අඩුය. මඳක් මිල අධික වන අතර නඩත්තු කිරීමේදී වැඩි තාක්ෂණික දැනුමක් අවශ්‍ය වේ.

අපේ රටේ වාහන වෙළඳපොළේ සමහර වාහන විකුණන අය micro hybrid වාහන පවා hybrid විදිහට හඳුන්වලා පාරිභෝගිකයන් නොමඟ යවන අවස්ථා තියෙනවා. ඒ නිසා තමයි අපි නිතරම කියන්නේ වාහනයක් ගන්නකොට ඒකේ ඇතුළේ තියෙන තාක්ෂණය මොකක්ද කියලා හරියටම පරීක්ෂා කරලා බලන්න කියලා. Micro hybrid එකක් කියන්නේ නියම hybrid වාහනයක් නෙවෙයි, ඒක සාමාන්‍ය පෙට්‍රල් වාහනයක ස්ටොප්-ස්ටාර්ට් සිස්ටම් එකක් තියෙන වාහනයක් පමණයි. නමුත් Mild hybrid එකක් කියන්නේ ඊට වඩා ගොඩක් ඉස්සරහට ගිය, කාර්යක්ෂමතාව වැඩි තාක්ෂණයක්.

Motor Guide අපේ උපදෙස

Motor Guide අපේ උපදෙස තමයි, ඔබ වාහනයක් මිලදී ගැනීමට සූදානම් වන විට එහි ඇති තාක්ෂණය කුමක්දැයි හොයා බැලීම. ඔබට වැඩිපුර ඉන්ධන ඉතිරියක් සහ සුමට රිය පැදවීමක් අවශ්‍ය නම් Mild hybrid වාහනයක් තෝරා ගැනීම වඩාත් නුවණට හුරුයි. එහෙම නැත්නම් සාමාන්‍ය බජට් එකකට සාමාන්‍ය මට්ටමේ ඉන්ධන ඉතිරියක් බලාපොරොත්තු වෙනවා නම් micro hybrid වාහනයක් වුණත් ප්‍රමාණවත් වෙයි. ඒ වගේම නවීන වාහන සහ තාක්ෂණය ගැන මෙවැනිම වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    Mild Hybrid සහ Micro Hybrid අතර සැබෑ වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    2026 වන විට දිවයින පුරා ව්‍යාප්ත වන EV Charging Stations

    time
    මිනිත්තු 3 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    2026 ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) නඩත්තුව සහ බැටරි ආයු කාලය

    time
    මිනිත්තු 3 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    වාහනය මොකක් වුනත් නැතුවම බැරි 12V Auxiliary Battery

    time
    මිනිත්තු 2 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    දැනගත යුතුම Solid-State Batteries.

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    මොකද්ද මේ Regenerative Braking?

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    Hybrid Battery එකක ආයු කාලය

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    EV සහ BMS

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    EV බැටරියක SOH කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 5 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    Electric වාහන වල බැටරිය අලුත් වැඩියා කළ හැකිද?

    time
    මිනිත්තු 2 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!