2026 ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) නඩත්තුව සහ බැටරි ආයු කාලය

time
මිනිත්තු 3 කියවීම
feature image

දැන් 2026 අවුරුද්ද. ලංකාවේ පාරවල් වල වෙනදාට වඩා EV (Electric Vehicles) දකින්න ලැබෙනවා. හැබැයි තාමත් ගොඩක් දෙනෙක් මේවා නඩත්තු කරන්නේ සාමාන්‍ය එන්ජින් තියෙන වාහන නඩත්තු කරන විදිහටමයි. ඒක ලොකු වැරැද්දක්. EV එකක් කියන්නේ රෝද හතරක් උඩ තියෙන ලොකු ස්මාර්ට් ෆෝන් එකක් වගේ දෙයක්. Motor Guide අපි මේ අවුරුද්දේ EV පාවිච්චි කරන ඔයාට මම දෙන උපදෙස් ටික තමයි මේ.

EV බැටරියේ ආයු කාලය රකින්න "80/20 රූල් එක"

EV එකක වටිනාකමෙන් 60%ක් විතර තියෙන්නේ බැටරිය ඇතුළේ. ඉතින් මේක අවුරුදු 10ක් 15ක් පාවිච්චි කරන්න නම් ඔයා බැටරියට පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. 2026 වෙද්දී ලංකාවේ පාරවල් වල තියෙන ගොඩක් EV වල බැටරි වලට අපි දෙන ප්‍රධානම උපදෙස තමයි බැටරිය 0% වෙනකම් වාහනය ධාවනය කරන්නත් එපා, හැමදාම 100% වෙනකම් චාර්ජ් කරන්නත් එපා කියන එක. පුළුවන් හැම වෙලාවකම බැටරි මට්ටම 20%ත් 80%ත් අතර තියාගන්න. ඒක බැටරි Cells වල ආයු කාලය ගොඩ්ක් වැඩි කරනවා. හැබැයි මාසෙකට සැරයක් වගේ 100% චාර්ජ් කරලා "Cell Balancing" වෙන්න ඉඩ හරින්නත් අමතක කරන්න එපා.

Fast Charging සහ රස්නය ගැන සැලකිලිමත් වීම

දැන් ලංකාව වටේම DC Fast Chargers තියෙනවා. හදිසි ගමනක් යද්දී ඒක ලේසියි තමයි, හැබැයි නිතරම Fast Charge කරන එක බැටරියට හොඳ නැහැ. මොකද DC charging වලදී බැටරිය ගොඩක් රත් වෙනවා. ලංකාවේ රස්නයත් එක්ක මේක බැටරියේ තියෙන රසායනික සංයුතියට හානි කරන්න පුළුවන්. පුළුවන් හැම වෙලාවකම ගෙදර තියෙන සාමාන්‍ය AC චාර්ජර් එකෙන් (Slow charging) රෑට චාර්ජ් කරන්න. ඒ වගේම වාහනය චාර්ජ් කරලා ඉවර වුණ ගමන් හෝ දුවලා ආපු ගමන් චාර්ජ් කරන්න එපා බැටරිය ටිකක් නිවෙන්න ඇරලා වැඩේ පටන් ගන්න.

Thermal Management සහ Cooling System එක

EV එකක බැටරියට cooling පද්ධතියක් (Coolant System) තියෙනවා. ගොඩක් අය එන්ජින් නැති නිසා මේවා බලන්නේ නැහැ. හැබැයි මේ Coolant එක නියමිත කාලෙට මාරු කරන්න ඕනේ. 2026 වෙද්දී ලංකාවේ තියෙන දූවිල්ලත් එක්ක වාහනයේ ඉස්සරහා තියෙන රේඩියේටර් එක (Radiator/Condenser) කුණු වලින් වැහෙන්න පුළුවන්. ඒක වුණොත් බැටරිය cool වෙන්නෙ නැහැ. බැටරිය රත් වුණොත් ඒක "Degrade" වෙනවා, ඒ කියන්නේ බැටරියේ health එක (SOH) වේගයෙන් බහිනවා. ඒ නිසා වසරකට වරක්වත් මේ cooling සිස්ටම් එක පිරිසිදු කරගන්න.

ටයර්, බ්‍රේක් සහ අනෙකුත් නඩත්තු

EV එකක් සාමාන්‍ය වාහනයකට වඩා බරයි (බැටරිය නිසා). ඒ නිසා EV සඳහාම විශේෂයෙන් හදපු ටයර් පාවිච්චි කරන එක වටිනවා. ඒ වගේම EV වල "Regenerative Braking" තියෙන නිසා බ්‍රේක් පෑඩ් ගෙවෙනවා අඩුයි. හැබැයි ඒක නිසාම බ්‍රේක් කැලිපර්ස් වල මලකඩ කන්න බලනවා. ඒ නිසා සර්විස් එකකදී බ්‍රේක් පද්ධතිය පිරිසිදු කරලා ග්‍රීස් කරන එක අනිවාර්යයි. ඒ වගේම ගියර් බොක්ස් එකක් නැති වුණාට, EV එකේ තියෙන "Reduction Gear" එකේ ඔයිල් එක (Gear Oil) නිෂ්පාදකයා කියන විදිහට මාරු කරන්න ඕනෙ.

Motor Guide අපේ උපදෙස්

මතක තබාගන්න, EV එකක ඩෑෂ්බෝඩ් එකේ පෙන්වන SOH (State of Health) එක තමයි ඒකේ වටිනාකම. ඔයා වාහනය විකුණන දවසක වුණත් ඒක 90% ට වඩා තියෙනවා නම් හොඳ මිලක් ගන්න පුළුවන්. 2026 මේ තාක්ෂණයත් එක්ක වැඩ කරද්දී Software Updates ගැනත් සැලකිලිමත් වෙන්න. නිෂ්පාදකයා එවන අලුත් අප්ඩේට් වලින් බැටරි මැනේජ්මන්ට් එක තවත් දියුණු කරනවා.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    2026 වන විට දිවයින පුරා ව්‍යාප්ත වන EV Charging Stations

    time
    මිනිත්තු 3 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    2026 ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) නඩත්තුව සහ බැටරි ආයු කාලය

    time
    මිනිත්තු 3 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    වාහනය මොකක් වුනත් නැතුවම බැරි 12V Auxiliary Battery

    time
    මිනිත්තු 2 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    දැනගත යුතුම Solid-State Batteries.

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    මොකද්ද මේ Regenerative Braking?

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    Hybrid Battery එකක ආයු කාලය

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    EV සහ BMS

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    EV බැටරියක SOH කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 5 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    Electric වාහන වල බැටරිය අලුත් වැඩියා කළ හැකිද?

    time
    මිනිත්තු 2 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!