මොනවද මේ Triptronic Gear Shifting?

time
මිනිත්තු 4 කියවීම
feature image

අද කතා කරන්න යන්නෙ වාහන ලෝකයේ ඉතාමත් ජනප්‍රිය මාතෘකාවක් ගැනයි. ගොඩක් දෙනෙක් මේක "Triptronic" කියලා හැඳින්වුවත්, මෙහි නිවැරදි නම වෙන්නේ "Tiptronic" (ටිප්ට්‍රොනික්) යන්නයි. අපි අද මේ ගැන සරලව, කරුණු සහිතව කතා කරමු.

මොකක්ද මේ Tiptronic කියන්නේ?

සරලවම කිව්වොත්, Tiptronic කියන්නේ Automatic (ස්වයංක්‍රීය) සහ Manual කියන ගියර් පද්ධති දෙකේම එකතුවක් වගේ වැඩ කරන තාක්ෂණයක්. මේක මුලින්ම ලෝකයට හඳුන්වා දුන්නේ සුපිරි පෝර්ෂේ (Porsche) සමාගමයි. සාමාන්‍ය Automatic වාහනයක ගියර් මාරු වෙන්නේ වාහනයේ වේගය අනුව ස්වයංක්‍රීයවයි. හැබැයි Tiptronic පද්ධතියක් තියෙන වාහනයක, රියදුරාට අවශ්‍ය වෙලාවට ගියර් මාරු කිරීමේ පාලනය තමන්ගේ අතට ගන්න පුළුවන්.

මේක ක්‍රියා කරන්නේ කොහොමද?

Tiptronic පද්ධතියක රියදුරාට ක්‍රම දෙකකට ගියර් පාලනය කරන්න පුළුවන්:
එකක් තමයි Gear Lever එක මගින්. ඒ කියන්නෙ ගියර් ලිවරය "D" (Drive) මට්ටමේ සිට පැත්තකට තල්ලු කළ විට එය Manual mode එකට වැටෙනවා. එහි ඇති "+" (Plus) ලකුණ දෙසට තල්ලු කිරීමෙන් ගියර් ඉහළ දැමීමටත් (Upshift), "-" (Minus) ලකුණ දෙසට තල්ලු කිරීමෙන් ගියර් පහළ දැමීමටත් (Downshift) පුළුවන්.

දෙවනි එක තමයි Paddle Shifters මගින් ගියර මාරු කිරීම.

සමහර නවීන වාහනවල සුක්කානම (Steering wheel) දෙපැත්තේ කුඩා ලීවර දෙකක් තියෙනවා. මේවා මගින් අත් දෙක සුක්කානමෙන් ඉවතට නොගෙනම ගියර් මාරු කරන්න පුළුවන්.
මෙහි ඇති විශේෂත්වය තමයි, manual වාහනයක වගේ මෙහි Clutch (ක්ලච්) එකක් පෑගීමට අවශ්‍ය නොවීමයි. ඒ සියල්ල පරිගණක පද්ධතියක් මගින් ස්වයංක්‍රීයව සිදු කරනවා.

ඇයි Tiptronic පාවිච්චි කරන්නේ?

ඔබට හිතෙන්න පුළුවන් Automatic තියෙද්දී මොකටද අතින් ගියර් මාරු කරන්නේ කියලා. ඒකට හේතු කිහිපයක් තියෙනවා.
කන්දක් පල්ලම් බහින විට බ්රේක් පද්ධතියට පමණක් බර නොදී, ගියර් එක අඩු කර (Lower gear) එන්ජින් බ්රේකින් (Engine braking) පාවිච්චි කරන්න මේක ගොඩක් වටිනවා.
ඒ වගේම වෙනත් වාහනයක් ඉස්සර කිරීමට වැඩි ජවයක් (Power) අවශ්‍ය වූ විට, ගියර් එකක් පහතට දමා වාහනයේ වේගය ක්ෂණිකව වැඩි කරගන්න පුළුවන්.
සාමාන්‍ය Automatic වාහනයකට වඩා වැඩි පාලනයක් රියදුරාට ලැබෙන නිසා, රිය පැදවීමේදී වැඩි තෘප්තියක් ලැබෙනවා. ඒ කියන්නෙ විනෝදකාමී ධාවන අත්දැකීමක් ලබාගන්න පුලුවන්.

මෙහි ඇති ආරක්ෂිත බව

Tiptronic පද්ධතියේ තවත් හොඳ පැත්තක් තමයි එහි ඇති ආරක්ෂිත බව (Safety features). ඔබ Manual mode එකේ ගියර් මාරු කරමින් යන විට, එන්ජිමට දරාගත නොහැකි වේගයකදී ගියර් එකක් අඩු කිරීමට හැදුවොත් (උදාහරණයක් ලෙස පැයට කිලෝමීටර් 100ක වේගයෙන් යද්දී 1 වෙනි ගියරයට දැමීම), වාහනයේ ඇති පරිගණකය (ECU) එය වළක්වනවා. ඒ නිසා වැරදි ලෙස ගියර් මාරු කිරීමෙන් එන්ජිමට වන හානිය අවම වෙනවා.

Tiptronic කියන්නේ රියදුරාට අවශ්‍ය වෙලාවට Manual පාලනයත්, ට්‍රැෆික් එකේදී හෝ සාමාන්‍ය ගමනකදී Automatic පහසුවත් ලබාදෙන සුපිරි තාක්ෂණයක්. අද වෙද්දී ලෝකයේ ගොඩක් වාහන නිෂ්පාදකයින් විවිධ නම්වලින් (උදා: Steptronic, Sportshift) මේ හා සමාන තාක්ෂණයන් පාවිච්චි කරනවා.

Tiptronic පද්ධතියේ ඇති විය හැකි දෝෂ

Tiptronic පද්ධතියක් කියන්නේ ඉතාමත් දියුණු මෙන්ම සංකීර්ණ තාක්ෂණයක්. ඒ නිසා මේ පද්ධතියේ ඇති විය හැකි දෝෂ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි යාන්ත්‍රික දෝෂ (Mechanical) සහ විද්‍යුත් දෝෂ (Electronic).

අපි බලමු බහුලව දකින්න ලැබෙන ගැටලු මොනවාද කියලා.

ගියර් මාරු කිරීමේදී ඇතිවන ගැස්සීම (Jerking/Harsh Shifting)

මේක තමයි ගොඩක් දෙනෙක්ට මුලින්ම දැනෙන ලෙඩේ. ගියර් එකක් මාරු වෙද්දී වාහනය "ඩග්" ගාලා ගැස්සෙනවා නම් හෝ ලොකු සද්දයක් එනවා නම්, ඒක පද්ධතියේ දෝෂයක ලක්ෂණයක්.
මෙහෙම වෙන්න හේතුව කියනවනන් ගියර් ඔයිල් (Transmission Fluid) අපිරිසිදු වීම හෝ එහි මට්ටම අඩු වීම ප්‍රධාන හේතුවයි. එහෙම නැතිනම් "Solenoids" කියන විද්‍යුත් වෑල්වල දෝෂයක් වෙන්නත් පුළුවන්.

ගියර් ලිස්සා යාම (Gear Slipping)

ඔබ ඇක්සලරේටරය පෑගුවත් එන්ජිමේ රේස් එක (RPM) වැඩි වෙනවා මිසක් වාහනයේ වේගය වැඩි වෙන්නේ නැති අවස්ථාවල් තියෙනවා. මේකට කියන්නේ "Gear Slipping" කියලා.
මේකට හේතුව තම්‍යි ගියර් පද්ධතිය ඇතුළේ තියෙන "Clutch plates" ගෙවී යාම හෝ ඔයිල් ප්‍රෙෂර් එක මදි වීම.

ගියර් මාරු වීම ප්‍රමාද වීම (Shift Delay)

Manual mode එකේදී හෝ Automatic mode එකේදී ගියර් එක මාරු වෙන්න සාමාන්‍ය කාලයට වඩා වැඩි වෙලාවක් ගන්නවා නම් ඒක ලෙඩක ලක්ෂණයක්. ඒකට හේතුව වෙන්නෙ පද්ධතියේ ඇති "Transmission Control Unit (TCU)" එකේ හෝ සෙන්සර් (Sensors) වල දෝෂයක් නිසා පරිගණකය නිවැරදි වෙලාවට සංඥා ලබා නොදීම.

"Limp Mode" එකට වැටීම

මේක හරිම කරදරකාරී අවස්ථාවක්. වාහනයේ පරිගණක පද්ධතියට ගියර් පද්ධතියේ ලොකු දෝෂයක් පෙනුනොත්, එන්ජිමට හෝ ගියර් පෙට්ටියට හානි නොවෙන්න වාහනය "Limp Mode" එකට දානවා. එතකොට වාහනය එක ගියර් එකක (බොහෝවිට 3 වෙනි ගියරයේ) හිර වෙනවා. වේගයෙන් යන්න බැරි වෙනවා. මේකට හේතුව වෙන්නෙ සෙන්සර් එකක් පිච්චීම, වයර් එකක් කැඩීම හෝ දරුණු යාන්ත්‍රික දෝෂයක්.

සෙන්සර් සහ ස්විච් දෝෂ (Sensor/Switch Failures)

Tiptronic පද්ධතිය වැඩ කරන්නේ "Speed Sensors" සහ "Position Sensors" මතයි. විශේෂයෙන්ම ගියර් ලිවරය Manual mode එකට දැමූ බව හඳුනාගන්නා ස්විච් එක (Microswitch) ක්‍රියා නොකළොත් ඔබ ලිවරය පැත්තට කළත් Manual mode එක වැඩ කරන්නේ නැතිව යනවා.

මේ දෝෂ වළක්වා ගන්නේ කොහොමද?

Tiptronic පද්ධතියක් නඩත්තු කිරීම ටිකක් මිල අධික වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.

  • නිවැරදි වෙලාවට ගියර් ඔයිල් මාරු කරන්න. නිෂ්පාදකයා නිර්දේශ කරන කිලෝමීටර් ගණනට අනිවාර්යයෙන්ම ගියර් ඔයිල් මාරු කරන්න.
  • නිවැරදි වර්ගයේ ඔයිල් පාවිච්චි කරන්න. හැම වාහනයකටම එකම ගියර් ඔයිල් හරියන්නේ නැහැ. වැරදි ඔයිල් වර්ගයක් දැමීමෙන් මුළු ගියර් පෙට්ටියම විනාශ වෙන්න පුළුවන්.
  • අනවශ්‍ය ලෙස ගියර් මාරු කරන්න එපා. Manual mode එකේදී අනවශ්‍ය ලෙස නිතර නිතර ගියර් අඩු වැඩි කිරීමෙන් පද්ධතියේ ආයු කාලය අඩු වෙන්න පුළුවන්.
Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Forward Collision Warning (FCW) කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Torsion Bar Suspension කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    BMW i8 එකටම Unique වෙච්ච Floating Buttresses

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Seat Belt Pre-tensioners කියන්නෙ?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ i-DCD Gearbox කියන්නෙ?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Starter Motor නැති Hybrid

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Horse Power (HP) සහ Brake Horse Power (BHP) අතර ඇති වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    එන්ජින් එකකට flywheel එකක් තියනෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    Puddle Lamps තියෙන්න මොකටද?

    time
    මිනිත්තු 3 කියවීම
  • තාක්ෂණය සහ නවෝත්පාදනය

    මොකද්ද මේ Electronic Parking Brake (EPB)?

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!