අඩු වියදමින් තමන්ටම කරගන්න පුලුවන් Car Modifications

time
මිනිත්තු 3 කියවීම
feature image

අපි පාරේ යන එනකොට අපේ ඇස් අහකට ගන්න බැරි වාහන ඕනෙ තරම් දකිනවා. එතකොට අපිටම හිතෙනවා, 'ඒක මරු වාහනයක්නෙ' කියලා. ගොඩක් වෙලාවට ඒකට විශේෂ හේතුව තමයි, වාහනේ modify කරන එක. ඒ කියන්නෙ, නිෂ්පාදකයා කරපු design වලට අලුතෙන් දේවල් එකතු කරන එක. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ වාහනේ ඒ විදියට modify කරන්න. අපි අද MotorGuide තුළින් බලමු, වාහනේට කරන්න පුළුවන්, modification මොනවද කියලා.

Fog light Upgrade කරන්න

වාහනයේ පෙනුම වෙනස් කරන්න, ඔබට මේ fog light, වෙනත් ආකාරයේ ආලෝකයකට හෝ වර්ණයකට upgrade කරන්න පුළුවන්.

Headlight upgrade කරන්න

මේ දවස් වල වාහන වල අලුත්ම trend එක තමයි, HID4 (High Intensity Discharge) සහ LED (Light Emitting Diode). ඔබට පරණ වාහනයක් තියෙනවා නම්, බොහෝ විට තියෙන්නෙ halogen headlight. ඉතින් මේ headlight upgrade කිරීමට සහ නව පෙනුමක් ලබා දීමට, ගොඩක් Auto stores වලින් conversion kits මිලදී ගන්න පුළුවන්.

Seat cover කරන්න

ගොඩාක් දේවල් පිටින් ලස්සන වුණාට ඇතුළෙන් ඒ තරම් ප්‍රිය මනාප බවක් නෑනෙ. හැබැයි ඔබේ වාහනේ නම් එහෙම කරගන්න එපා. ඒ නිසා වාහනයට නඟිනකොටම පේන seat ටික පෙනුමට තියාගන්න. කරන්න තියෙන්නෙ seat cover භාවිතා කරන එක. ඔබට seat cover, විවිධ design වලින් සහ colours වලින් මිලදී ගන්න පුළුවන්.

Digital face එකක්

ඔබේ වාහනයේ sound system එකට speakers, subwoofers මඟින් නව digital face එකක් එක් කරන්න පුළුවන්.

Shift knob එකට වෙනස් colour එකක්

වාහනයේ shift knob එකට colour එකක් හෝ accent piece එකක් එකතු කරන්න.

Mirror එකට dice එකක්

ඔබට පුළුවන් ඔබේ වාහනයේ mirror එකේ dice එකක් එල්වන්න. නැත්නම්, ඔබේ වාහනයේ style එකට match වෙන විදියට වෙනත් දෙයක් වුණත් mirror එකේ එල්ලන්න පුළුවන්.

Steering Wheel එක ලස්සන කරන්න

වාහනයේ steering wheel එකට match වෙන, stylish steering wheel cover එකක් භාවිතා කරන්න.

Interior Dome Light එකට colour එකක්

වාහනයට colour එක් කරන එක funny වැඩක්. සාමාන්‍යයෙන් ඔබට වාහනය තුළ බැලීමට dome light භාවිතා කිරීමට අවශ්‍ය නොවන්නේ නම්, වාහනයේ dome light එකට colored bulb එකක් එකතු කරන්න පුළුවන්. එතකොට ඔබට රාත්‍රී කාලයට වාහනය තුළ ගොඩක් වෙනස් විදියට ලස්සනට දකින්න පුළුවන්.

Door Lock Accents

ඔබේ වාහනයේ door lock එක customizing කිරීම හෝ පිටතට දැමීම, ඔබට match වෙනවා නම් ඒ විදියට කරන්න.

වාහනේට Phone holder

වාහනයේ යනකොට කියලා වෙනසක් නෑ, phone එක ඔබ අනිවාර්යයෙන්ම use කරනවනෙ. ඉතින් ඒ නිසා ඔබට පුළුවන්, phone holder එකක් භාවිතා කරන්න. මේකෙදි ඔබට කැමති හැඩයන්ගෙන් සහ style වලින් ලබාගන්න පුළුවන්.

Console එක cover කරන්න

ඔබ console එක මත වැලමිට තබාගෙන සිටීමෙන් තුවාල වෙන්න පුළුවන්. ඒ නිසා console එකට cover එකක් දාගන්න අමතක කරන්න එපා. ඔබට console cover විවිධ colours වලින් සහ style වලින් සහ විවිධ ක්‍රියාකාරීත්වයකින් පවා ලබා ගන්න හැකියාව තියෙනවා.

Seat belt ලස්සන කරන්න

ඔබට මේ seat belt නිමක් නැති හැඩ වලින් නව්‍යකරණයන්ගෙන් සහ colours වලින් හොයාගන්න පුළුවන්.

Headlight film

ඔබේ වාහනයේ headlight වල colour එක වෙනස් කරන්න තවත් ක්‍රමයක් තමයි, headlight film. ඒවා headlight ආරක්ෂා කිරීමට සහ headlight colour එකට විස්මිත පැහැයක් එක් කරන්නත් භාවිතා කරන්න පුළුවන්.

Trunk liner

ඔබේ වාහනයට ඔබේම personal style එකක් ගෙන ඒමට, cool cover එකක් trunk එක ආවරණය කරන්න.

Mud Guards

Mud guard විවිධ colours වලින් සහ style වලින් පැමිණෙන අතර ඔබේ වාහනය ගල් සහිත අපිරිසිදු, වෙනත් මාර්ගයෙන් බැහැර දේවල් වලින් ආරක්ෂා කරන්න ලාභදායී සහ පහසු කටයුත්තක්.

Tyre cover

Jeep සහ Trucks සඳහා තවත් ජනප්‍රිය modification එකක් තමයි, අමතර ටයරයට ආවරණයක් එක් කිරීම.

ඔන්න මේ තමයි ඔබේ වාහනේ කරන්න පුළුවන් modification. ඔබේ වාහනේ දිහාත් තව කෙනෙක් හැරිලා බලනවට ඔබ කැමති නම්, අපි අද කියපු modifications try කරලා බලන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ RAYS Engineering සමාගම නිෂ්පාදනය කරන TE37 රෝදය

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!