බැංකු ණයකින් වාහනයක් ගන්නවද? ලීස් කරලා වාහනයක් ගන්නවද?

time
මිනිත්තු 4 කියවීම
feature image

ගොඩක් දෙනෙක්ගේ හීනයක් තමයි තමන්ගේම කියලා වාහනයක් ගන්න එක. කෙටියෙන්ම කිව්වොත් ගොඩක් දෙනෙක්ගේ හීන වල උඩින්ම තියෙන හීනයක් තමයි වාහනයක් කියන්නේ. මොකද අද කාලේ තමන්ටම කියලා වාහනයක් තියෙන එක ගොඩක් පහසුවක්. හැබැයි අද ආර්ථීකයත් එක්ක වාහනයක් ගන්නවා කියන එක හිතන තරම් ලේසි පහසු නැහැ. ඒ නිසා ගොඩක් දෙනා ලීසිං හෝ බැංකු ණය පහසුකමක් යටතේ තමයි වාහනය මිලදී ගන්නේ.

ඉතින් MotorGuide අපි අද ඔයාට කියන්නේ බැංකු ණයකින් වාහනයක් ගන්න එකද, ලීස් කරලා වාහනයක් ගන්න එකද ගොඩක් හොඳ කියලා.

පිළිතුර සාපේක්ෂයි

බැංකු ණයකින් වාහනයක් ගන්න එකද, ලීස් කරලා වාහනයක් ගන්න එකද ගොඩක් හොඳ? ඇත්තටම මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් දෙන්න බැහැ. මොකද වඩාත් හොඳ ලීසිං කරන එකද, බැංකු ණයක් ලබා ගන්න එකද කියලා තීරණය වෙන්නේ අදාල පුද්ගලයා අනුවයි. වාහනය ගන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා කරන රැකියාව, credit rate එක වගේ විවිධ සාධක මේ පිළිතුරට බලපානවා.

ඉතින් ඒ නිසා එකවර තීරණයක් ගන්න කලින් මේ ගැන හොඳින් සිතා බලන්න අමතක කරන්න එපා.

Down payment එක ගැන හිතන්න

ඔයා ගන්න බලාපොරොත්තු වෙන්නේ car එකක්, jeep එකක් හෝ dual purpose vehicle එකක් නම් ලීස් එකකදි ඔයාට finance කරගන්න වෙන්නේ 50%ක් විතරයි. ඒ කියන්නේ වාහනයේ වටිනාකමින් බාගයක් විතරයි ඔයාට ලීස් එක විදිහට ගන්න වෙන්නේ. හැබැයි මෝටර් සයිකයලක්, single cab එකක් වගේ ගන්නවා නම් ඔයාට පුලුවන් වාහනයේ වටිනාකමින් 70%ක ලීසිං පහසුකමක් ලබා ගන්න. නමුත් ලොරි වගේ commercial vehicles සහ electric vehicles වලට 90% දක්වා ලීසිං පහසුකම ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

ඉතින් ඔයා ලීසිං පහසුකම හරහා මිලදී ගන්න ඉන්නේ සාමාන්‍ය car එකක් නම් වාහනයේ වටිනාකමින් 50%ක් අතින් දාන්න වෙනවා. කෙටියෙන්ම කිව්වොත් වාහනයේ වටිනාකමින් 50%ක down payment එකක් ලීසිං සමාගමට කරන්න වෙනවා.

ඔයාගේ අතේ ඒ තරම් මුදලක් නැත්නම් ඔයාට ලීස් එක ගැළපෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක ඔයාට බැංකු ණය පහසුකමකට යන්නම වෙනවා.

පොලී අනුපාතය

ඔයා ලීස් එකක් ගත්තත්, ලෝන් එකක් ගත්තත් ඒ සඳහා අමතර පොලී අනුපාතයක් ඇතුළත් වෙනවා. හැබැයි ලීස් එකක් ගත්තොත් බැංකුව ඔයාට සාමන්‍යයෙන් පොලී අනුපාතය ගැන සඳහන් කරන්නේ නැහැ. බැංකුව සඳහන් කරන්නේ ඔයා ලීස් එක ගත්ත කාල සීමාවට අදාළ වාරික මුදල ගැන පමණයි. මේ වාරික මුදලත් පුද්ගලයාගේ පසුබිම අනුව වෙනස් වෙනවා.

බොහෝ දෙනෙක් නොදන්නා කාරණාවක් තමයි ලීස් එකක් ගන්න බැංකුවට ගියාම ඔයාගේ තොරතුරු සහ ආදායම ගැන සළකා බලලා credit rating එකක් ලබා දීම. ඉතින් මේ rating එක අනුව තමයි ගෙවීමට නියමිත වාරිකය තීරණය වෙන්නේ. කොහොම හරි ඔයා ලීස් එක ගෙවීමට නියමිත අවුරුදු ගාණටම fix rate එකකින් තමයි ගෙවීම් කරන්න වෙන්නේ.

හැබැයි බැංකු ණයක් ගත්තොත් එහිදී ගෙවිය යුතු installment එක fixed rate එකකට හෝ variable rate එකකට ගෙවීමේ හැකියාව තියෙනවා. මේ වගේ අවස්ථාවක fixed rate එකට ගෙවීම් කරන එක තරමක් අවාසිදායක වෙන්න පුලුවන්. මොකද variable rate එකකින් ගෙවීම් කරනවිට පොලී අනුපාතය හදිසියේ හරි පහළට වැටුණොත් එහි වාසිය ඔයාට ලබා ගන්න පුලුවන්.

Profession එකට මුල් තැන

ඔයා doctor කෙනෙක්, lawyer කෙනෙක්, accountant කෙනෙක් වගේ profession එකක ඉන්න කෙනෙක් නම් මේ කාරණාව ගොඩක් වැදගත් වෙයි. මොකද බැංකු වල තියෙනවා professional loan කියලා දෙයක්. මේ හරහා ඔයාට පුලුවන් සාමාන්‍ය loan rate එකකට වඩා අඩු rate එකකට බැංකුව හරහා ණය මුදලක් ලබා ගන්න. ඉතින් ඒ නිසා ඔයාට කරන්න පුලුවන් හොඳම දේ තමයි බැංකුවට ගිහින් විස්තර ටික දීලා ගන්න අවශ්‍ය කරන loan එකේ amount එකට ගෙවන්න වන වාරික මුදලයි, ලීස් එකක් ගත්තොත් ගෙවන්න වෙන වාරික මුදලයි සංසන්දනය කරන එක. එතකොට පහසුවෙන්ම ඔයාට තීරණය කරන්න පුලුවන් බැංකු ණයකින් වාහනයක් ගන්න එකද, ලීස් කරලා වාහනයක් ගන්න එකද ගොඩක් හොඳ කියලා.

පරම අයිතිය

ලීසිං පහසුකමක් ලබා ගත්තොත් අවසන් වාරිකය ගෙවලා ඉවර වෙනකන්ම වාහනයේ පරම අයිතිය තියෙන්නේ ලීසිං සමාගමට. එතකොට ඔයා මගදී වාහනයේ ලීසිං වාරිකය ගෙවීම නතර කළොත්, ලීසිං සමාගමට පුලුවන් වාහනයේ අයිතිය තමන්ට පවරා ගන්න. හැබැයි ලෝන් එකකදී මෙවැනි අවදානමක් නැහැ. මොකද ණය වාරිකයක් ප්‍රමාද වුණොත් ඔයාට හැකියාව තියෙනවා බැංකුව සමඟ ඒ පිළිබඳවද කතා කරලා වාරිකය reschedule කරගන්න.

ඉතින් ඔයාට පොඩි හරි සැකයක් තියෙනවා නම් මගදී ලීසිං වාරිකය ගෙවන්න බැරි වෙයි කියලා, එහෙනම් ඔයාට හරියටම ගැලපෙන්නේ බැංකු ණයකින් වාහනයක් ගන්න එක.

ගතවන කාලය

ඔයා අනිවර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ තවත් කාරණයක් තමයි බැංකු ණය පහසුකම සහ ලීසිං පහසුකම ලබා ගැනීමට ගතවන කාල සීමාව.

සාමාන්‍යයෙන් අවශ්‍ය කරන සියලු ලිපි ලේඛන සූදානම් නම් ලීස් එකක් ඉක්මනින්ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි බැංකු ණයක් ලබා ගන්න නම් යම්කිසි කාලයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ අවශ්‍යතාවය සහ කාලවේලාව එක්ක සලකලා බලලා තීරණය කරන්න පුලුවන් ඔයා යන්නේ බැංකු ණය පහසුකමකටද එහෙමත් නැත්නම් ලීසිං එකකටද කියලා.

ඉතින් මේ දේවල් තමයි බැංකු ණයකින් වාහනයක් ගන්නවද, ලීසිං කරලා වාහනයක් ගන්නවද කියලා තිරණය කරන්න කලින් හිතන්නම ඕනේ දේවල්. දැන් තේරෙනවා නේද වාහනයක් ගන්නවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!