BYD වාහන ආපසු කැඳවීම ශ්‍රී ලංකාවට අදාළ නෑ - BYD සමාගම

time
මිනිත්තු 2 කියවීම
feature image

චීන විදුලි වාහන නිෂ්පාදක BYD සමාගම, සිය සමාගම විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ගෝලීය වාහන ආපසු කැඳවීම ශ්‍රී ලංකාවට අදාළ නොවන බවට පැහැදිලි කර තිබෙනවා.

එමෙන්ම, දැනට මෙරට ධාවනය වන කිසිදු BYD මාදිලියකට මෙම තත්ත්වය බලපාන්නේ නැති බවටයි එම සමාගම මෙරට පාරිභෝගිකයින්ට සහතික වී ඇත්තේ.

BYD සමාගම විසින් ආරක්ෂාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය පිළිබඳ ඉහළ ප්‍රමිතීන් පවත්වාගෙන යාමේ අඛණ්ඩ කැපවීමක් ලෙස, BYD Tang සහ Yuan Pro වාහන 115,000ක් පමණ ආපසු කැඳවීමට මෑතකදී නිවේදනය කර තිබුණා.

නිවේදනයක් නිකුත් කරමින් BYD සමාගම සඳහන් කළේ, මෙම ආපසු කැඳවීම අදාළ වන්නේ, 2015 මාර්තු 28 සිට 2017 ජූලි 28 අතර නිෂ්පාදනය කරන ලද විශේෂිත BYD Tang වාහන සඳහා පමණක් බවයි.

තවද, 2021 පෙබරවාරි 6 සිට 2022 අගෝස්තු 5 අතර නිෂ්පාදනය කරන ලද ඇතැම් Yuan Pro විදුලි වාහන සඳහා පමණක් බවයි.

මෙම විශේෂිත මාදිලි ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දී හෝ අලෙවි කර නොමැති බවයි සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ඇති සියලුම BYD වාහන ආනයනය, බෙදාහැරීම සහ සේවා සැපයීම සිදු කරනු ලබන්නේ සන්නාමයේ බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (Pvt) Ltd හරහා පමණයි.

දේශීයව අලෙවි කරන වාහනවලට පුළුල් නිෂ්පාදක වගකීම් ආවරණයවන බවත්, ඉහළම ප්‍රමිතියේ සේවාවක් සහ රැකවරණයක් සහතික කිරීම සඳහා විදුලි වාහන පුහුණුව ලත් කාර්මික ශිල්පීන් සහිත අලෙවියෙන් පසු පහසුකම්වලින් සහාය දක්වන බවත්, සමාගම අවධාරණය කර තිබෙනවා.

"BYD සමාගම ලොව පුරා සිටින සියලුම පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව, විනිවිදභාවය සහ වගකීම් සහගත ක්‍රියාමාර්ග වෙනුවෙන් කැපවී සිටින" බවයි එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කළේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    මෝටර් රථ ලියාපදිංචියේදී ඇති වන ගැටලු කියන්න වට්ස්ඇප් අංකයක්

    time
    මිනිත්තු 1 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    වාහන ආනයන බදු මත පැනවූ අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    2026 අධිවේගී මාර්ග පද්ධතිය නඩත්තු කිරීම සහ කළමනාකරණය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම

    time
    මිනිත්තු 3 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    2026 හඳුන්වාදෙන වාහන ආනයන සඳහා වන නව 'හරිත බදු' සහ සහනදායී තීරුබදු ක්‍රමය

    time
    මිනිත්තු 6 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    මෝටර් රථ ක්ෂේත්‍රයට අදාළවන NVQ සහ IVQ අතර ඇති වෙනස්කම

    time
    මිනිත්තු 5 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    මොකද්ද මේ Sub compact suv කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    2026 වාහන ආනයනයට අදාලවෙන මොකද්ද මේ Anti-Hoarding Surcharge කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    2026 වාහන ආනයට එකතු වුන 50% අලුත් බද්ද ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 6 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    වාහන සඳහා ලබා දෙන ණය සීමාවන් දැඩි කිරීම අද සිට බලාත්මකයි - මහ බැංකුව

    time
    මිනිත්තු 2 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    වාහන ආනයනයේදී 50%ක අධිභාර බද්දක්. වාහන මිල යළි ඉහළට

    time
    මිනිත්තු 2 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Kia EV5 Long Range 2026

    SUV

    රු 34.5M - 42M

  • Mazda CX-60 2.5 AWD 2025

    SUV

    රු 38M - 44.5M

  • Mazda BT-50 2025

    Pickup

    රු 22M - 24.5M

  • Mazda CX-5 Grade R 2.0L 2025

    SUV

    රු 26.5M - 29.5M

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!