2026 වාහන ආනයට එකතු වුන 50% අලුත් බද්ද ගැන හරියට දැනගමු

time
මිනිත්තු 6 කියවීම
feature image

2026 වර්ෂයේදී ලංකාවේ වාහන ආනයන ක්ෂේත්‍රයට අලුතින්ම එකතු වෙලා තියෙන බදු සංශෝධන සහ ඒ හරහා වාහන මිලට සිද්ද වෙලා තියෙන දැවැන්ත වෙනස්කම් ගැන තමයි Motor Guide අපි අද කතා කරන්න යන්නෙ. කලින් තිබුන 30% මූලික බද්දට අමතරව, මැයි 1 වෙනිදා ඉඳන් රේගු බදු වලට නැවතත් 50% ක අධිභාර බද්දක් පනවන්න රජය තීරණය කරලා තියෙනවා. ඉතින් මේ අලුත්ම බදු සංශෝධන දෙකත් එක්ක වාහනයක් ලංකාවට ගෙන්නලා පාරට දාද්දී යන වියදම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන නිසා, වාහනයක් ගන්න හීන දකින ඔයාලා හැමෝම මේ ගැන හරියටම දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා. මේ ගැන නිවැරදි තාක්ෂණික සහ මූල්‍යමය අවබෝධයක් නැතිව වැඩ කරන්න ගියොත් ඔයාලගේ මහන්සියෙන් හම්බ කරපු සල්ලි අපතේ යන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.

50% අධිභාර බද්ද ක්‍රියාත්මක වන ආකාරය

මුලින්ම අපි බලමු මේ මැයි 1 වෙනිදා ඉඳන් එකතු වුන 50% අධිභාර බද්ද ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් වාහනයක් ලංකාවට රේගුව හරහා ඇතුල් කරද්දී ගෙවන්න වෙන මූලික රේගු බද්දක් තියෙනවා. අන්න ඒ රේගු බදු මුදල මත තමයි මේ 50% ක අමතර අධිභාර බද්ද වැදෙන්නේ. ඒ කියන්නේ කලින් තිබුන රේගු බද්ද මත තවත් 50%ක බද්දක් එකතු වෙනවා. ඊට අමතරව වාහනයේ CIF වටිනාකම මත 30%ක සෘජු බද්දකුත් එකතු වෙනකොට, මේ බදු දෙකේම එකතුව නිසා වාහනයක අවසාන වෙළඳපොල මිල අපි හිතනවාට වඩා සෑහෙන විශාල මට්ටමකින් ඉහළ යනවා. උදාහරණයක් විදියට කිව්වොත්, රේගු බද්ද විතරක් ලක්ෂ 20ක් වෙන වාහනයකට මේ අලුත් අධිභාර බද්ද නිසා තවත් ලක්ෂ 10ක් අමතරව ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට අනෙකුත් බදුත් එක්ක ඒ වාහනය ලංකාවේ පාරට එද්දී මිල විශාල ලෙස වැඩි වෙනවා. මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි නිතරම බලන්නේ මේ වගේ විශාල බදු ප්‍රමාණයක් එකතු වුනහම වාහන වෙළඳපොලට සහ වාහන වල ගුණාත්මක භාවයට මොකද වෙන්නේ කියන කාරණාවයි. මැයි 1 වෙනිදා ඉඳන් මේ බද්ද ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පස්සේ, ලංකාවට වාහන ගෙන්නන එක සෑහෙන්න සංකීර්ණ සහ වියදම් අධික වැඩක් වෙලා තියෙනවා. වියදම අඩු කරගන්න කියලා හිතලා සමහර ආනයනකරුවන් සහ පාරිභෝගිකයන් විදේශ රටවලින් අඩු ප්‍රමිතියක් තියෙන, එහෙමත් නැත්නම් වැඩිපුර ධාවනය කරපු පරණ වාහන ලංකාවට ගෙන්නන්න පෙළඹෙන්න ලොකු ඉඩක් තියෙනවා. අපි ඔබට කියන්නේ, බදු මුදල් ඉතිරි කරගන්න කියලා හිතලා වාහනයේ තාක්ෂණික ප්‍රමිතිය සහ සේෆ්ටි ෆීචර්ස් වගේ දේවල් අත්හරින්න එපා කියන එකයි. මොකද එහෙම කලොත් පස්සේ කාලෙක ඒ වාහන නඩත්තු කරන්න යන වියදම මේ බදු වලට වඩා වැඩි වෙන්න පුළුවන්.

හයිබ්‍රිඩ්, EV සහ කුඩා එන්ජින් සහිත වාහන වලට වන බලපෑම

මේ මැයි 1 ඉඳන් පනවපු 50% අධිභාර බද්ද සහ 30% බද්ද පොදුවේ හැම වාහන මාදිලියකටම වගේ තදින්ම බලපානවා. විශේෂයෙන්ම ලංකාවේ ජනප්‍රියම වාහන වෙන හයිබ්‍රිඩ් සහ විදුලි වාහන වල තාක්ෂණය ඉහළ නිසා ඒවයේ මූලික මිල සහ රේගු බදු සෑහෙන්න වැඩියි. එතකොට ඒවට වැදෙන 50% අධිභාර බද්දත් ඒ හා සමානවම විශාල වෙනවා. මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට අපි දකින තවත් ප්‍රවණතාවයක් තමයි, මේ අධික බදු බර නිසා ඉදිරියේදී ලංකාවට එන්ජින් ධාරිතාව ගොඩක් අඩු, ඒ කියන්නේ 660cc හෝ 1000cc වගේ ඉතාම කුඩා එන්ජින් තියෙන වාහන වැඩිපුර ආනයනය වෙන්න ඉඩ තියෙනවා කියන එකයි. මොකද ඒ වගේ වාහන වල රේගු බද්ද අඩු නිසා ගෙවන්න වෙන අධිභාර බදු මුදලත් සාපේක්ෂව අඩු මට්ටමක පවතිනවා.

වංචනික ව්‍යාපාරිකයන් සහ අනතුරුවලට ලක්වූ වාහන පිළිබඳව සැලකිලිමත් වීම

මෙන්න මේ වගේ සංකීර්ණ බදු පරිසරයක් ඇතුලේ වාහනයක් තෝරාගනිද්දී ඔයාලා වෙනදාට වඩා ගොඩක් බුද්ධිමත් වෙන්න ඕනේ. ජපානය හෝ එංගලන්තය වගේ රටවලින් වාහන ගෙන්නද්දී ඒ රටවල තියෙන ඔක්ෂන් ශීට් වගේම වාහනයේ නියම ධාවන දුර නිවැරදිද කියලා හොඳින්ම පරීක්ෂා කරන්න ඕනේ. බදු මුදල වැඩි නිසා සමහර වංචනික ව්‍යාපාරිකයන් අඩු මිලට ගත්ත අනතුරුවලට ලක්වුන වාහන ලංකාවට ගෙනල්ලා, ඒවා හොඳ වාහන විදියට පෙන්වලා විකුණන්න උත්සාහ කරන්න පුළුවන්. අපි ඔබට නිතරම මතක් කරන්නේ, වාහනයක් මිලදී ගන්න කලින් අනිවාර්යයෙන්ම දක්ෂ මෝටර් රථ ඉංජිනේරුවරයෙක් ලවා වාහනයේ පරිගණක පද්ධති පරික්ෂාව සහ එන්ජින්, ගියර්බොක්ස් වගේ ප්‍රධාන කොටස් වල ක්‍රියාකාරිත්වය 100%ක් නිවැරදිද කියලා සහතික කරගන්න කියන එකයි.

පාවිච්චි කළ වාහන වෙළඳපොල සහ අමතර කොටස් වලට වන බලපෑම

මේ අලුත් බදු ප්‍රතිපත්ති නිසා ලංකාවේ දැනට පවතින පාවිච්චි කල වාහන වෙළඳපොලටත් ලොකු බලපෑමක් වෙලා තියෙනවා. මැයි 1 වෙනිදා ඉඳන් මේ 50% අමතර බද්ද ආපු නිසා අලුතින් එන වාහන වල මිල තවත් ඉහළ යනකොට, පරණ වාහන වල මිල බලාපොරොත්තු වුන තරම් අඩු වෙන්නේ නැහැ. ඒ වගේම වාහන වල අමතර කොටස් සහ නඩත්තු කටයුතු වලට යන වියදමත් මේ බදු නිසා වක්‍රව ඉහළ යන්න පුළුවන්. මොකද බදු බර නිසා වාහන සහ අමතර කොටස් ලංකාවට එන ප්‍රමාණය සීමා වුනොත් වෙළඳපොලේ හිඟයක් ඇති වෙලා මිල ගණන් ඉහළ යන්න පුළුවන්. ඒ වගේම වාහනයක් ගනිද්දී ඒකේ පෙනුම විතරක් බලලා මදි, ඉදිරියට ඒ වාහනය නඩත්තු කරන්න අවශ්‍ය කරන ප්ලග්, ෆිල්ටර්, සෙන්සර් වගේ දේවල් ලංකාවේ වෙළඳපොලෙන් පහසුවෙන් ගන්න තියෙනවාද කියන එකත් අනිවාර්යයෙන්ම හොයලා බලන්න ඕනේ.

විදුලි වාහන (EVs) සඳහා විශේෂ අවධානය

විශේෂයෙන්ම ඔයාලා විදුලි වාහනයක් මිලදී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, මේ අලුත් 50% අධිභාර බද්ද සහ 30% බද්ද එක්ක තවත් සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් කිහිපයක් තියෙනවා. විදුලි වාහන වල ප්‍රධානම කොටස වෙන බැටරි පැක් එකේ තත්ත්වය උපරිම මට්ටමක තිබුනේ නැත්නම්, කෙටි කාලයකින් ඔබට ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න වෙනවා. ලංකාවේ පවතින අධික උෂ්ණත්වයත් එක්ක බැටරි වල ආයු කාලය ඉක්මනින් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අධික බදු මුදලක් ගෙවලා වාහනයක් ලංකාවට ගෙන්නද්දී බැටරියේ සෞඛ්‍ය තත්ත්වය ගැන 100%ක්ම ස්ථාවර සහතිකයක් ලබාගන්න එක අත්‍යවශ්‍යයි.

වාහන බලපත්‍ර සහ වෙළඳපොලේ ස්ථාවරත්වය

මීට අමතරව රජයේ සේවකයන්ට සහ විවිධ වෘත්තිකයන්ට ලැබෙන වාහන බලපත්‍ර වලටත් මේ අලුත් අධිභාර බද්ද බලපාන ආකාරය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. බලපත්‍රයක් තිබුනත් මේ අලුත් බදු මුදල් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්නේ නැතිනම්, බලපත්‍රලාභීන්ට පවා වාහනයක් ගෙන්නද්දී විශාල අමතර මුදලක් අතින් වියදම් කරන්න සිද්ධ වෙනවා. මේ නිසා වාහන වෙළඳපොලේ මිල ගණන් වල ස්ථාවර භාවයක් ඇති වෙන්න තව ටික කාලයක් යයි කියලා අපිට හිතන්න පුළුවන්. මොකද මේ වගේ අධිභාර බද්දක වලංගු කාලසීමාව වෙන්නෙ මාස 3 ක් නිසා. කොහොම වුනත් වාහනයක් ගන්න ඉන්න කෙනෙක් මේ හැම පැත්තක් ගැනම විමසිලිමත් වීම අත්‍යවශ්‍යයි.

Motor Guide අපේ උපදෙස

ඉතින් මේ මේ අලුත් බදු සම්බන්ධයෙන් Motor Guide අපේ උපදෙස තමයි, මැයි 1 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක වෙන මේ 50% අධිභාර බද්ද සහ 30% බද්ද නිසා වාහන වෙළඳපොලේ මිල ගණන් වල විශාල උච්චාවචනයක් සිද්ධ වෙමින් පවතිනවා. ඒ නිසා මේ වෙලාවේ කලබල වෙලා තීරණ ගන්න යන්න එපා. වාහනයක් ලංකාවට ආනයනය කරන්න කලින් තමන් තෝරාගන්නා වාහන මාදිලියට අදාළව රේගුවෙන් අය කරන නියමිත සම්පූර්ණ බදු මුදල කොච්චරද කියලා පළපුරුදු ආයතනයක් ලවා නිවැරදිව ගණනය කරගන්න. ලාභයට තියෙන පලියට ප්‍රමිතියෙන් තොර වාහන වලට රැවටෙන්න එපා. වාහනයක් කියන්නේ අපි ජීවිත කාලය පුරාම මහන්සියෙන් හම්බ කරපු විශාල මුදලක් ආයෝජනය කරන දෙයක් නිසා, එහි තාක්ෂණික තත්ත්වය සහ ඉදිරි නඩත්තු කටයුතු ගැන මෝටර් රථ ශිල්පීන්ගෙන් නිසි උපදෙස් ලබාගෙන හොඳම වාහනයක් විතරක් තෝරාගන්න නිරන්තරයෙන්ම වගබලා ගන්න. ඒ වගේම මේ වගේ වාහන සහ තාක්ෂණය කරුණු ගැන වටිනා තොරතුරු දැනගන්න හැමදාමත් අපේ Motor Guide එක්ක රැඳී ඉන්න කියලත් මතක් කරනව.

Nisaga Sandaru

ලියන ලද්දේ

Nisaga Sandaru

A versatile and highly experienced professional, currently an Automobile undergraduate at the University of Jaffna, with strong technical expertise grounded in hands-on work as a technician with SriLankan Airlines Ground Support Equipment (GSE). Holding an Automobile NVQ Level 3 qualification, along with specialized certifications in Vehicle ECU Programming and Diagnosis, and extensive experience in arc welding and vehicle body painting, and well equipped to handle complex automotive, diagnostic, and fabrication-related tasks with a high level of competence.

සමාන පුවත්

  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    වාහන ආනයන බදු මත පැනවූ අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    2026 අධිවේගී මාර්ග පද්ධතිය නඩත්තු කිරීම සහ කළමනාකරණය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම

    time
    මිනිත්තු 3 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    2026 හඳුන්වාදෙන වාහන ආනයන සඳහා වන නව 'හරිත බදු' සහ සහනදායී තීරුබදු ක්‍රමය

    time
    මිනිත්තු 6 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    මෝටර් රථ ක්ෂේත්‍රයට අදාළවන NVQ සහ IVQ අතර ඇති වෙනස්කම

    time
    මිනිත්තු 5 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    මොකද්ද මේ Sub compact suv කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    2026 වාහන ආනයනයට අදාලවෙන මොකද්ද මේ Anti-Hoarding Surcharge කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    2026 වාහන ආනයට එකතු වුන 50% අලුත් බද්ද ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 6 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    වාහන සඳහා ලබා දෙන ණය සීමාවන් දැඩි කිරීම අද සිට බලාත්මකයි - මහ බැංකුව

    time
    මිනිත්තු 2 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    වාහන ආනයනයේදී 50%ක අධිභාර බද්දක්. වාහන මිල යළි ඉහළට

    time
    මිනිත්තු 2 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    The New "METRO" Bus Service Introduced in 2026

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!