වාහනයක paint colour එක වෙනස් කරන්න පුලුවන්ද?

මිනිස්සු විදියට එකිනෙකාගේ ආසාවල් එකිනෙකට වෙනස්. ඔයා කන්න කැමති කෑම තව කෙනෙක් කන්න කැමති නැති වෙන්න පුලුවන්. ඔයා කැමති පාටට තව කෙනෙක් කැමති නැති වෙන්න පුලුවන්. වාහනයක් මිලදී ගන්නකොටත් මේ ප්‍රශ්නේ එන්න පුලුවන්.සමහර අය market එකේ නැති uncommon colours වලට කැමති වෙන්න පුලුවන්. ඒ වගේ වෙනස් විදියට හිතන කෙනෙක්ට එන ප්‍රශ්නයක් තමයි අපි කැමති විදියට වාහන වර්ණය වෙනස් කරන්න පුලුවන්ද කියන එක. ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරය MotorGuide අපි අරගෙන ආවා.
මෝටර් ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවසරය
අපි වෙනස් විදියට හිතුවට අපේ හිතුමනාපෙට වාහනයක වර්ණය වෙනස් කරන්න බැහැ. මොකද වාහනයේ වර්ණය වෙනස් කිරීම කියන්නේ වාහනයේ අනන්‍යතාවයට බලපාන දෙයක්. ඒ නිසා මෝටර් රථ ප්‍රවාහන පනතේ 10 වගන්තිය යටතේ මෝටර් ප්‍රවාහන කොමසාරිස්වරයාගේ පූර්ව අවසරය මත තමයි වාහනයේ වර්ණය වෙනස් කරන්න වෙන්නේ. එහිදී CAP 72, CAP 130 කියන ආකෘති පත්‍ර සමඟ ඔබගේ වාහනයේ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කරන්න ඕනේ. මේ සියලු ලේඛන ඉදිරිපත් කළාට පස්සේ නිත්‍යානුකුලව වාහනයේ වර්ණය වෙනස් කරන්න පුලුවන්.
මිලදී ගද්දි පරිස්සමින්
ඔබ වාහනයක් මිලදී ගන්නකොටත් හොඳින් සැලකිලිමත් වෙන්න ඕනේ දෙයක් තමයි වාහනයේ වර්ණය වෙනස් කරලද නැද්ද කියන එක. මොකද ඔබ ව්‍යාජ අනන්‍යතාවයක් තියෙන වාහනයක් මිලදී ගත්තොත් මෝටර්රථ ප්‍රවාහන පනතේ දෙවන වගන්තිය යටතේ ඔබ වරදකරුවෙක් වෙන්න පුලුවන්. ඒ නිසා වාහනයේ වර්ණය වෙනස් කිරීම අනුමැතිය සහිතව කරන්න ඕනේ.
ඉතින් මේ විදියට තමයි ඔයාගේ කැමැත්ත අනුව වාහනයේ වර්ණය වෙනස් කරන්න වෙන්නේ. හැබැයි වාහනයේ වර්ණය විදියට uncommon colour එකක් තෝරාගන්නවා නම් ඔයා ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද නිකන් හරි ඔයාට වාහනය විකුණන්න හිතුණොත් ඒ වගේ අවස්ථාවක ඔයාට ටිකක් බලන් ඉන්න වෙන්න පුලුවන්.






































