Electric වාහනයක් petrol වලට convert කරන්න පුලුවන්ද?

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔබට තියෙන්නෙ Electric වාහනයක්ද? එහෙනම් ඉතින් බැටරිය full charge කළහම ඔබට ගමනක් ගිහිං එන්න පුළුවන්. හැබැයි මේ තියෙන ආර්ථික තත්වය ගැන හිතලා ඔබේ Electric වාහනේ පෙට්‍රල් වලට මාරු කර ගන්න පුළුවන්ද? එහෙම කළොත් අනික් පැත්තට ඒක වාහනේට මොනවා හරි බලපෑමක් කරයිද? ඔව්, අද අපි MotorGuide තුළින් කතා කරන්නෙ, Electric වාහනයක් petrol වලට convert කරන්න පුළුවන්ද? ඒකෙන් වාහනේට බලපෑමක් වෙයිද කියන දේ ගැන.

Electric වාහන කියන්නෙ මොනවටද?

අද වෙනකොට Electric වාහන වලට, car, සියලු ප්‍රමාණයේ ට්‍රක් රථ සහ අවම වශයෙන් අර්ධ ලෙස විදුලි බලයෙන් ක්‍රියාත්මක වන විශාල ට්‍රැක්ටර් ට්‍රේලර් පවා ඇතුළත් වෙනවා. අනිත් එක තමයි, Electric වාහන charge කරන්න පුළුවන්. ප්‍රධානම ඒකකය තමයි, බැටරිය.

Electric වාහන ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ග වෙනවා:

  1. All-electric vehicle (AEV)
  2. Plug-in hybrid electric vehicle (PHEV)
  3. Gasoline-powered new car

Electric වාහනයක් petrol වලට convert කරන්නෙ කොහොමද?

ඇත්තටම Electric වාහනයක් petrol වලට convert කරන්න පුළුවන්. අපි මුලින්ම බලමු ඒක කරන්නෙ කොහොමද කියලා. Electric වානහයක ප්‍රධානම ඒකකය වෙන්නෙ බැටරිය කියලා අපි ඔබට කිව්වා. මේ EV බැටරියේ විශාල බරක් තියෙනවා. ඉතින් වාහනයේ බරත් manage කරනකොට, බැටරියට ලොකු බරක් හම්බෙනවා. ඒ නිසා තමයි floor board එකේ බැටරිය සවි කරලා තියෙන්නෙ. ඔබේ අවශ්‍යතාවය මත මේ බැටරිය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා, power train එක සම්පූර්ණයෙන්ම ඉවත් කරලා petrol engine එකක කොටසක් තියන්න පුළුවන්.

Petrol වලට convert කිරීමෙන් වාහනයට මොකද වෙන්නෙ?

අපි Electric වාහනයක් පෙට්‍රල් වලට convert කළහම වාහනයේ calculation සේරම වෙනස් වෙනවා. වාහනේ drive කරන්න පුළුවන්, හැබැයි අඩු වේගයකින්. ඊට කළිං නම්, වාහනේ බරත් manage කළෙත් බැටරියනෙ. ඒත් බැටරිය ඉවත් කරපු නිසා බර manage වෙන්නෑ. මේ හේතුව නිසා තවත් බොහෝ අතුරු ප්‍රතිඵල ඇති කරනවා. ඉහළ ධාවන වේගයකදි හෝ යම් ඕනෙම වේගයකදි වාහනය grip වීම, tractioning වලට බලපෑමක් ඇති වීම වගේ දේවල් තමයි මේකෙදි සිද්ධ වෙන අතුරු ප්‍රතිඵල. tractioning වලට බලපෑමක් ඇති වෙනවා කියන්නෙ steady නැතුව යන්න පුළුවන්. යම් වේග තත්ත්ව වලදි ඒක ආරක්ෂාවට ඉතා තදින් බලපාන දෙයක්.

ඉංජිනේරුවන් විසින් අනුමත කරපු ක්‍රමයක්ද?

ඉන්ධන ප්‍රශ්න නිසා, බැටරි වල ප්‍රශ්න නිසා, ඔබ මේ වගේ electric වාහනයක් petrol වලට convert කිරීම වගේ option එකකට ගියාට, ඒක කිසිම විටෙක ඉංජිනේරුවන් විසින් අනුමත කරන ක්‍රමවේදයක් නෙවෙයි. හේතුව තමයි වාහනයක් කිව්වම, වාහනේ ඇතුළෙ ඉන්න අයගෙ වගේම පාරෙ යන එන අයගෙත් ආරක්ෂාව තහවුරු වෙන්න ඕනෙ. Accident එකකදි protection වෙන්න ඕනෙ ක්‍රම තියෙනවා. ඒ විදියට engineering plan එකකට තමයි, science එකකට තමයි වාහනේ හදලා තියෙන්නෙ. ඒක මේ modification එකේදි සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

අපි අද කියපු හැම දේකින්ම කියන්න පුළුවන්, Electric වාහනයක් petrol වලට convert කිරීම, ඉන්ධන භාවිතයට තාවකාලික විසඳුමක් දුන්නත්, ඒක ඉතා සාර්ථක ක්‍රමයක් නෙවෙයි කියලා. ඒ නිසා සදාකාලිකත් නැති තාවකාලික විසඳුමක් ලබා ගන්න, වාහනේ විකෘති නොකරන්න ඔබම වග බලාගන්න ඕනෙ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ RAYS Engineering සමාගම නිෂ්පාදනය කරන TE37 රෝදය

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!