වාහන modification කරන්න පුලුවන්ද?

time
මිනිත්තු 2 කියවීම
feature image

ගොඩක් දෙනෙක්ගේ හීනයක් තමයි වාහනයක් ගන්නවා කියන එක. හැබැයි අද ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක brand new වාහනයක් ගන්න එක නම් pocket එකට ටිකක් දරාගන්න අමාරුයි. ඒ නිසා ගොඩක් දෙනා පෙළඹිලා ඉන්නවා second hand වාහන ගන්න. ඉතින් මේ විදියට වාහනයක් ගත්තම ගොඩක් දෙනා වාහනයට අලුතෙන් parts, stickers වගේ දේවල් එකතු කරලා වාහනය modification කරනවා. හැබැයි මේ විදියට වාහන modification කරන එක නීතියට අනුකූලද කියන එක නම් ප්‍රශ්නයක්. ඒ නිසා MotorGuide තුළින් අපි කතා කරන්නේ වාහන modification ගැන.

මුලින්ම නීතිමය අවසර

අපි වාහනයක් modification කරන්න කලින් නීතිමය අවසරයක් ගැනීම අතවශ්‍ය වෙනවා. මෝටර් රථ පනතේ 19 වන වගන්තියේ දක්වලා තියෙනවා මොන විදියටද වාහනයක් modify කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් එම කරුණු වලට අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ.මොන විදියකට හරි වාහනයක් modification කරනවා නම් මුලින්ම මෝටර් රථ කොමසාරිස්වරයාගේ පූර්ව අවසරය ලබා ගන්න ඕනේ.මොකද මේ නීති හදලා තියෙන්නේ වාහනයේ ගමන් කරන පුද්ගලයින්ගේ වගේම පාරේ ගමන් කරන අනෙකුත් පුද්ගලයන්ගේත් ආරක්ෂාව සහතික වෙන විදියට.

මොන වගේ Modification එකක්ද?

Modification අපිට කොටස් දෙකකට බෙදන්න පුලුවන්.

පළවෙනි විදිය තමයි performance type modification. මෙතනදී වෙන්නේ වාහනයේ performance වැඩිදියුණු කරන එක. ඒ වගේම වාහනයේ performance upgrade කිරීමත් ඇතුළත් වෙන්නේ performance type modification කියන කාණ්ඩයට.හැබැයි මේ modification එක කරන්න ඕනේ හරියටම subject එක දන්නවා නම් විතරයි.

Modification වල දෙවනි කාණ්ඩය තමයි outlook modification කියන්නේ. මෙතැනදී වෙන්නේ වාහනයේ බාහිර පෙනුම වෙනස් කරන එක. අමතර parts, stickers වගේ දේවල් add කරලා outlook modification එක කරන්න පුලුවන්. හැබැයි ඉතින් හිතුමතේට කෂනිකව මේ දේවල් කරන්නේ නැතුව හොයලා බලලා කරන එක තමයි හොඳ.

තියෙන ලස්සනත් නැති වෙයිද?

අපි වාහනයක් modification කරන්නේ තමන්ගේ වාහනය අනිත් අය අතරේ කැපිලා පෙන්න වගේම ආකර්ෂණය ලබා ගන්න. එහෙමත් නැත්නම් ආත්ම තෘප්තියට. හැබැයි modify කරන්න ගිහින් තියෙන ලස්සනත් නැති කරගන්න අය ඕනේ තරම ඉන්නවා.ගොඩක් අය hatchback, sedan , වාහන වලට 4 wheel පෙනුමක් ගේන්න අමතර කොටස් එකතු කරනවා. ඒකෙන් වෙන්නේ වාහනයේ පෙනුම විකෘති වෙන එක විතරයි.ඒ නිසා ඔයාට පුලුවන් පාවිච්චි කිරීමට අදාළව වාහනය modification කරන්න. විශේෂයෙන් off-road වාහන වල අපිට මේ වගේ modification බලාගන්න පුලුවන්.

දැන් තේරෙනවනේ හිතුමනාපෙට අපිට වාහනයක් modification කරන්න නම් බැහැ. ඒකට නීතිමය අවසරය වගේම හොඳ දැක්මකුත් තියෙන්න ඕනේ. අනිත් දේ තමයි modification කරපු වාහනයක් විකුණද්දී වුණත් ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. මොකද ඔයා වගේ හිතන කෙනෙක් හොයාගන්නත් ඕනෙනේ. ඒ නිසා වාහනයක් modification කරන්න කලින් දෙපාරක් හිතන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ RAYS Engineering සමාගම නිෂ්පාදනය කරන TE37 රෝදය

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!