Resale Value එක වැඩි කරන Car Modifications

time
මිනිත්තු 4 කියවීම
feature image

කවුරු හරි ඔබෙන් ඇහුවොත්, වාහනයක් modify කරන්න හේතු මොනවද කියලා, ඔබ දෙන උත්තර මොනවද? ඒ වෙලාවට ඔබ දෙන්නේ, වාහනයට හොඳ appearance එකක් ලබා ගන්න, performance වැඩි කර ගන්න, driving experience එක වැඩි කර ගන්න වගේ උත්තර. දැන් හිතන්නකො, ඔබ වාහනය resale කරන්න යන්නේ කියලා. වාහනයක් පාවිච්චි කරනකොට, ඒකෙ value එක ටිකෙන් ටික අඩු වෙනවනේ. එහෙනම් කොහොමද වාහනයේ resale value එක වැඩි කර ගන්නේ. මේකටත් ඔබට පුළුවන්, වාහනය modify කරන්න. ඒ විදිහට වාහනයේ resale value එක වැඩි කරන car modifications ගැන තමයි, MotorGuide අපි අද ඔබට කියන්නේ.

Body kit

Body kit එක මඟින් වාහනයට සම්පූර්ණයෙන්ම new look එකක් ලබා දෙනවා. ඒ වගේම අනිත් වාහන වලට වඩා කැපිලා පේනවා. විවිධ වාහන වලට body kits හොයා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ body kits එන්නේ, install කරන්න අවශ්‍ය කරන සියලුම දේත් එක්ක. ඒවල price එක නම් තරමක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි, හරිම body kit එක තෝරා ගත්තොත්, ඔබේ වාහනයේත් resale value එක වැඩි කර ගන්න පුළුවන් modification එකක් තමයි, body kit කියන්නේ.

Exhaust system

වාහනය අලෙවියෙන් පස්සේ, exhaust system එකකට පුළුවන්, වාහනයේ look එකට හොඳ touch එකක් එකතු කරන්න. ඒ වගේම මේ හරහා performance එකත් වැඩිදියුණු කරනවා. හැබැයි, exhaust system එකේ size එක, sound එක ඕනවට වඩා වැඩි කරන්න ගියොත්, වාහනයේ resale value එක අඩු වෙන්න පුළුවන්.

Wheels හා tyres upgrade කිරීම

වාහනයේ wheels හා tyres upgrade කිරීමෙන්, වාහනයේ appearance එක සහ performance කියන දෙකම වැඩිදියුණු කර ගන්න පුළුවන්. මේක වාහනයේ resale value එක වැඩි කර ගන්න පුළුවන් modification එකක් වුණත්, tyres හොඳ තත්වයේ තියෙන බවට වග බලා ගන්න ඕනේ.

Lights

වාහනය අලෙවියෙන් පස්සේ, lights එකතු කිරීමෙන්, වාහනයට unique look එකක් ලබා ගන්න පුළුවන්. මේ හරහා වාහනයේ resale value එක වැඩි වෙනවා. හැබැයි ඔබ මුලින්ම මේ modification එක සඳහා තියෙන නීතිමය තත්වය ගැන හොයලා බලලා ඉන්න ඕනේ. නැත්නම් වාහනයේ resale value එක අඩු වෙන්න පුළුවන්.

Interior එක modify කිරීම

Interior එක modify කරන එක, වාහනය personalize කරන්න හොඳ ක්‍රමයක්. මෙතනදි seats වලට අලුතෙන් seat covers දැමීම, steering wheel එකට cover එකක් දැමීම වගේ සරල modifications තමයි කරන්න ඕනේ. ඔබට හිතෙන්න පුළුවන්, මේවා සාමාන්‍ය modifications කියලා. ඇත්තටම interior එක පෙනුමට තියෙනකොට, වාහනයේ resale value එක වැඩි කර ගන්න පුළුවන්. මතක ඇතුව අපි කියපු විදිහට සරල modifications මිසක්, permanent changes කරන්න යන්න එපා.

Paint එක වෙනස් කිරීම

Fresh paint coat එකක් මඟින් වාහනයේ appearance එක ගොඩක් ලස්සන විදිහට වෙනස් කර ගන්න පුළුවන්. විශේෂම දේ තමයි ඔබ වාහනය resale කරන්න බලාපොරොත්තු වෙන අය අකමැති colour එකකින් වාහනය paint කරන්න එපා. ඔබට ඒ ගැන එච්චර sure එකක් නැත්නම්, black, white හෝ silver colour එකක් use කරන්න.

Transparent GPS සවි කිරීම

ඔබ වාහනයෙන් ගොඩක් ගමන් බිමන් යනවා නම්, transparent GPS සවි කිරීම වාහනයට පහසු modification එකක් වෙනවා. ඒක වාහනයේ GPS unit එක ආරක්ෂිතව තියාගන්න අතර, මාර්ගයට හොඳ focus එකක් දෙන්න ලේසි කරනවා. ඒ වගේම මේක drive කරනකොට, ඔබේ phone එක charge කරලා තියාගන්න හොඳ ක්‍රමයක්. ඒ නිසා, transparent GPS සවි කිරීම කියන්නෙත්, වාහනයේ resale value එක වැඩි කරන modification එකක්.

Leather seats සවි කිරීම

Luxury වාහනයක් නොවුණත්, leather seats කියන්නේ, ඕනම වාහනයකට luxury look එකක් දෙන modification එකක්. හැබැයි මේ seats වලට damage එකක් වුණොත්, replace කරන එක නම්, ලොකු මුදලක් වියදම් වෙන වැඩක් වෙන්න පුළුවන්. ඒ නිසා, leather seats දානවා වගේම, ඒවා කැපීම්, ඉරීම් වගේ දේවල් වලින් පරිස්සම් කර ගන්නත් ඕනේ.

Suspension system

අලුත් suspension system එකක් install කිරීම කියන්නේ, වාහනයේ handling improve කරන්න පුළුවන් හොඳ modification එකක්. වාහනයේ handling improve වෙනවා කියන්නේ, ඒක හොඳ value එකකට resale කරන්න පුළුවන් කියන එක.

මේ තමයි, වාහනයේ resale value එක වැඩි කර ගන්න පුළුවන් modifications. හැබැයි ඉතින් මේවා හිතපු පලියට කරන්න පුළුවන්, modifications නෙවෙයි. සමහර විට වැඩි වියදමක් වෙන්න පුළුවන්, නීතිමය තත්වයන් සහතික කර ගන්න ඕන වෙන්න පුළුවන් එහෙමත් නැත්නම්, කරපු modification එක පරිස්සම් කර ගන්න ඕන වෙන්න පුළුවන්. ඉතින් අපි අද කියපු විදිහටම try කළොත්, කිසිම ප්‍රශ්නයක් නැතුව, ඔබේ වාහනයේ resale value එකත් වැඩි කර ගන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ RAYS Engineering සමාගම නිෂ්පාදනය කරන TE37 රෝදය

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!