වාහනයේ key එක ගැන ඔබ හරියටම දැනගෙන හිටියද?

time
මිනිත්තු 4 කියවීම
feature image

අපි අලුතින් වාහනයක් ගන්නකොට අපේ අතට මුලින්ම දෙන්නේ වාහනයේ key එක. ඉතින් මේ key එකෙන් තමයි වාහනය start කිරීම සහ වාහනයේ දොර unlock කිරීම වගේ දේවල් ඔක්කොම සිද්ද වෙන්නේ. ඉතින් ඒ නිසා වාහනයේ key එක ගැන ඔයා දැනගන්නම ඕනේ දේවල් කිහිපයක් තියෙනවා. චුට්ටක් හිතලා බලන්න ඔයා වාහනයේ key එක ගැන හරියටම දැනුවත්ද? ඒ නිසාම MotorGuide අපි ඔයාට කියන්නේ වාහනයේ key එක ගැන ඔයා දැනගත යුතු දේවල් මොනවාද කියලා.

වාහනයක smart key

මේ කාලේ එන නවීන වාහන වල තියෙන්නේ smart key. සාමාන්‍ය key එකක් වෙනුවට දුරස්ථ පාලකයක් භාවිතා කරන smart key නව වාහනවල සම්මත අංගයක් බවට පත්ව තියෙනවා. මේ smart key එක සාක්කුවේ තියාගෙන වාහනය unlock කරන්න, වාහනය lock කරන්න සහ start කරන්න රියදුරාට හැකියාව තියෙනවා. මේ smart key නැති වුවහොත් නැවත key එක ලබා ගන්න ගොඩක් මුදල් වියදම් කරන්න සිදු වෙනවා.

Smart key එකේ battery අඩු වෙලාද කියලා දැන ගන්නේ කොහොමද?

Key එකේ battery අඩු වෙලා තිබුණොත් වාහනය lock වෙන්න පුළුවන්. ඒ නිසා smart key එකේ battery එක අවශ්‍ය වෙලාවට මාරු කිරීම සිදු කළයුතුයි. නවීන වාහනවල smart key එකේ battery අඩු වුණාම වාහනයේ dash board එකෙන් පෙන්නුම් කරනවා. මේ විදිහට dash board එකෙන් පෙන්නුව ගමන් ඔයා key එකේ battery එක දැනුවත් පුද්ගලයෙක්ට කියලා මාරු කරගන්න. මේ battery මාරු කිරීම සිදු කල යුත්තේ key එකට කිසිදු හානියක් සිදු නොවෙන විදිහටයි.

Key එක වාහනයේ ඇතුලේ තියෙනකොට වාහනය lock වුණොත් මොකද කරන්නේ?

සාමාන්‍යයෙන් smart key එකක් වාහනයේ ඇතුලේ තියෙනකොට වාහනය lock වෙන්නේ හරිම අඩුවෙන්. නමුත් වාහනය ඇතුලේ key තියෙනකොට වාහනය lock වුණොත් ඔයාට වාහනයේ door එක unlock කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා.

  • smart key නම් spare key ගෙදර තියෙනවානම් call එකක් ගන්න phone එක ලඟට ගෙනල්ලා unlock buttonකිහිප වතාවක් press කරන්න කියන්න. keys emit කරන්න low hertz sound wave නිසා සමහර වේලාවට හරි frequency එක ඔයාගේ phone speaker එකෙන් emit වුනොත් unlock වෙනවා.
  • Shoe එකක lace එකක් අරගෙන lace එකේ තියෙන plastic කූර දොරේ lock එක තුලින් දාලා ඒක දොර අරින තැනින් හොදින් පටලවන්න. ඊට පස්සේ දොර lace එක ආධාරයෙන් වේගයෙන් අදින්න.
  • මේ ක්‍රම වලට අමතරව ස්කුරුප්පු නියනක් භාවිතයෙනුත් දොර අරගාන්න පුළුවන්. හැබැයි මේ දේ ටිකක් සැළකිල්ලෙන් කරන්න ඕනේ දෙයක්. මොකද නියන මඟින් වාහනයේ අභ්‍යන්තරයට වගේම බාහිරයටත් හානි වෙන්න පුළුවන්. මෙහිදී ඔයා කරන්න ඕනේ lock වුණ අගුලට නියන දාලා පොලු කැබැල්ලකින් අගුල තල්ලු කරන එකයි. මෙහිදී ලේසියෙන්ම දොර අරගන්න පුළුවන්.

වාහනයේ key එකේ තියෙන tag එක මොකද්ද?

වාහනයක key එකේ පොඩි tag එකක් තියෙනවා. සමහර අය මේ tag එක ගැන නිසි අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒ ඔවුන් මේ tag එකේ තියෙන වටිනාකම දන්නා නැහැ. මේ tag එකේ වාහනයේ key එකට අදාළ අංකයක් තියෙනවා. ඔයාගේ වාහනයේ key එක නැති වුණොත් ඔයා ළඟ tag එකේ තියෙන අංකය තියෙනවා නම් ලේසියෙන්ම ඔයාගේ වාහනයට ගැලපෙන key එක ලබා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඔයාට key එක හදා ගන්න ගොඩක් කරදර වෙන්න ඕනේ. ඒ නිසා මේ tag එක පරිස්සම් කරලා තියාගන්න ඔයා වග බලාගන්න ඕනේ.

Key එක නැතිවුණොත් මොකද කරන්නේ?

වාහනයක key එක නැති වුණොත් මුලින්ම කරන්න ඕනේ වාහන සම්බන්ද පුද්ගලයෙක්ට දැනුම් දෙන එකයි මොකද spare key ගෙදර හරි finance තියෙන වාහනයක් නම් finance company එකේ spare key තියෙන්න පුලුවන්. එතකොට ලේසියෙන්ම අරගන්න පුලුවන්. නැතිනම් locksmith කෙනෙක්ට දැනුම්දෙන්න. මෙහිදී ඔවුන් තාක්ෂණික ක්‍රම භාවිතා කරලා වාහනයට කිසිදු හානියක් නොවෙන පරිදි වාහනයේ දොර අරිනවා. හැබැයි ඔයාගේ වාහනයේ key එක නැති වුණොත් වාහන සම්බන්ද දැනුමක් නැති අයට මේ දේ සිදු කරන්න එපා. එහෙම වුණොත් වාහනයට හානි සිදු වෙන්න පුළුවන්. පසුව ඔවුන් අලුත් key එකක් සකස් කරලා දෙනවා. ඒ වගේම ඔයා මතක් කරලා පරණ key එකට වාහනය ක්‍රියාත්මක වෙන්නේ නැතිවෙන්න සකස් කරගන්න.

- Transponder key

Transponder key චිප් යතුරු ලෙසත් හදුන්වනවා. Transponder key කියන්නේ ඇතුළත සකස් කර තියෙන සංඥා විමෝචක පරිපථ සහිත වාහනවල තියෙන key වලටයි. Transponder key ආකාර දෙකකින් වාහන සොරකම් වලින් සාර්ථකව ආරක්ෂා කරනවා. ඒ වගේම මේ transponder key නවීන මෝටර් රථ සඳාහා ජනප්‍රිය වී තියෙනවා.

- Internal cut key

Internal cut key වල තලයේ, මුහුණතෙහි මැද කොටස නියත ගැඹුරකින් කපා තියෙනවා. මේ key සකස් කරන්න ඕනේ ඒවා සඳහා සකස් කරලා තියෙන විශේෂ යතුරු කැපුම් යන්ත්‍ර වලින්.

මේ තමයි වාහනයේ key එක ගැන ඔයා දැනගන්න ඕනේ දේවල්. ඉතින් අපි කියපු දේවල් වලින් ඔයාට දැන් වාහනයේ key එක ගැන හොද දැනුමක් ලැබෙන්න ඇති.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය සොරකම් කරන එකෙන් ගැළවෙන්නේ මෙහෙමයි

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ key එක ගැන ඔබ හරියටම දැනගෙන හිටියද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගැනීමේදී පවතින නීතිමය තත්වය

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයට ටයර් මිලදී ගැනීමේදී ඔබ අතින් සිදුවන වැරදි

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!