විවිධ engine වර්ග හඳුනා ගමු

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයකට අත්‍යාවශ්‍යම දෙයක් තමයි engine එක කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් engine එක තමයි වාහනයේ හදවත. ඉතින් වාහනයේ හදවත වගේ වෙන engine එකකින් කරන්නේ එක් ශක්තියක්, තවත් ශක්තියක් බවට පරිවර්තනය කරන එක. මෙහිදී සිදු වෙන්නේ තාප ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පත් කිරීමයි. ඉතින් මේ engine ගොඩක් වෙලාවට වැඩිපුරම භාවිතා වෙන්නේ මෝටර් රථ කර්මාන්තයේදී. ඉතින් මේ විදිහට විවිධ අවශ්‍යතා සඳහා විවිධ වූ engine වර්ග භාවිතා කරනවා.

ඉතින් අද MotorGuide අපි ඔබට කියන්නේ වාහන සඳහා භාවිතා වෙන විවිධ engine වර්ග කිහිපයක් ගැනයි.

Engine වර්ග කරන ආකාරය

  • ඉන්ධන දහනය වන ස්ථානය අනුව
  • Design එක මත පදනම්ව
  • Strokes ගණන මත පදනම්ව
  • භාවිතා කරන ලද ඉන්ධන මත පදනම්ව
  • ජ්වලන ක්‍රමය මත පදනම්ව
  • සිලින්ඩර ගණන මත පදනම්ව
  • සිලින්ඩර සැකසීම මත පදනම්ව

1. ඉන්ධන දහනය වන ස්ථානය අනුව

  • අභ්‍යන්තර දහන එන්ජිම (Internal Combustion Engine)

අභ්‍යන්තර දහන එන්ජිමකදී සිදුවෙන්නේ engine එක ඇතුළේදී ඉන්ධන දහනය වීමයි. මෙවැනි අභ්‍යන්තර දහන engine වල වඩාත් සුලභ වර්ගය වන්නේ පහර හතරකින් සමන්විත Four strokes engine එකයි. එහි දහන චක්‍රය කොටස් හතරකින් සමන්විත වෙනවා.

  • Engine එක තුළ ඉන්ධන සහ ඔක්සිකාරක මිශ්‍රණයක් සැපයීම
  • එම මිශ්‍රණය සම්පීඩනය කිරීම
  • ගිනි පුපුරක් මඟින් හෝ වාත සම්පීඩනයෙන් ලැබෙන උෂ්ණත්වය මඟින්, ඉන්ධන මිශ්‍රණය දහනය කිරීම
  • දැවුණූ මිශ්‍රණය පිට කිරීම
  • බාහිර දහන එන්ජිම (External Combustion Engine)

බාහිර දහන engine එකක ඉන්ධන දහනය සිදු වන්නේ engine එකෙන් පිටතදියි. මෙහිදී පීඩන වාෂ්ප නිපදවීමට අතිරේක තාපය උපයෝගී කරගන්නවා. පසුව එමගින් භ්‍රමණයට අවශ්‍ය බලය ලබා දීම සිදු කරනවා. මෙහි අනෙක් engine වලට වඩා විශේෂයක් තියෙනවා. බාහිර දහන එන්ජිමක දහනය සිදු වන්නේ engine එකෙන් පිටත නිසා අපිට ඝන ඉන්ධන ද භාවිතා කරන්න පුලුවන්.

2. Design එක මත පදනම්ව

  • Reciprocating Engine

මෙම වර්ගයේ engine එකලස් කරලා තියෙන්නේ පිස්ටන් හා සිලින්ඩර් යොදාගෙනයි. මෙය මෝටර් රථ කර්මාන්තයේ භාවිතා වන වඩාත් සුලභ engine එකක් විදිහට හඳුන්වන්න පුලුවන්.

  • Rotary Engine (Wankel Engine)

මෙම engine වර්ගය මුලින්ම නිෂ්පාදනය කරනු ලැබුවේ 1957 වර්ෂයේදීයි. මෙය ත්‍රිකෝණාකාර හැඩැති රෝටරය සහ ඉලිප්සියාකාර හැඩැති කුටීරය ලෙස කොටස් දෙකකින් සමන්විත වෙනවා.

3. Strokes ගණන මත පදනම්ව

  • Four strokes Engine

මෙම engine එකේ දහන චක්‍රය සම්පූර්ණ වීමට නම් චූෂණ පහර, සම්පීඩන පහර, බල පහර සහ පිටාර පහර යනුවෙන් පහර හතරක් ක්‍රියාත්මක වීම අනිවාර්යය වෙනවා.

  • Two Strokes Engines

මෙම engine එකේදී එක් දහන චක්‍රයක් ක්‍රියාත්මක වීමට නම් පිස්ටනය පහර දෙකක් ක්‍රියාත්මක විය යුතුයි.

4. භාවිතා කරන ලද ඉන්ධන මත පදනම්ව

  • Diesel Engine - ඉන්ධන ලෙස ඩීසල් භාවිතා කරයි
  • Petrol Engine - ඉන්ධන ලෙස petrol භාවිතා කරයි
  • Gas Engine - ඉන්ධන ලෙස LPG හෝ CNG වායුව භාවිතා කරයි
  • Electric Engine - විදුලි ශක්තිය භාවිතා කරයි.

5. ජ්වලන ක්‍රමය මත පදනම්ව

  • Compression-Ignition Engine

මෙහිදී ඉන්ධන දහනය කිරීම සඳහා අමතර උපකරණ භාවිතා කිරීම සිදු නොවන අතර ඉන්ධන ජ්වලනය වීමට අවශ්‍ය උෂ්ණත්වය, වාත සම්පීඩනය මගින් ලබා ගැනීම සිදු වෙනවා.

  • Spark-Ignition Engine

මෙහි ඉන්ධන දහනය කිරීම සඳහා spark plug එකක් භාවිතා කිරීම සිදු වෙනවා.

6. සිලින්ඩර ගණන මත පදනම්ව

  • Single-cylinder engine - එක් සිලින්ඩරයක් පමණක් ඇති engine මේ නමින් හඳුන්වනවා.
  • Multi-cylinder engine - සිලින්ඩර දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ඇති engine හැඳින්වීමට මෙය භාවිතා කරයි.

7. සිලින්ඩර සැකසීම මත පදනම්ව

  • In-line Engine - මෙහි සිලින්ඩර 2 සිට 8 දක්වා ප්‍රමාණ වලින් නිර්මාණය කර තිබෙනවා.
  • V-type Engine - මෙහි සිලින්ඩර V හැඩැති කෝණයකට යොදා තිබෙනවා. අඩු ඉඩක වැඩි බලැති engine ප්‍රමාණයක් ස්ථාපනය කළ හැකි වීම මෙහි වාසියක්.
  • Opposed cylinder engine - මෙහිදී පිස්ටන් එකිනෙකට මුහුණලා තිරස් ආකාරයට පොළොවට සමාන්තරව යොදා තිබෙනවා.
  • W-type Engine - මෙම engine වර්ගය මඟින් විශේෂයෙන් වැඩි වේගයක් ලබා ගැනීමට පුලුවන්.
  • Radial Engine - මෙම engine වර්ගය නම් විශේෂයෙන් ගුවන්යානා සඳහා යොදා ගැනීම සිදු කරනවා.

ඉතින් මේ තමයි ලෝකයේ දැනට පවතින විවිධ වූ engine වර්ග. ඔබට මේ article එක නිසා engine වර්ග ගැන යම්කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා කියලා හිතනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • අමතර කොටස් සහ උපාංග

    මොකටද මේ Dash Cam?

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    වාහන වල Fragrance Diffusers පාවිච්චි කරන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Tinted Films ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 6 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    2026 වාහන අමතර කොටස් සඳහා වන නව තත්ත්ව සහතික (SLSI Standard) සහ ව්‍යාජ කොටස් වැටලීමේ නීති

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    එයාර් කූල් (Air-cooled) සහ ලික්විඩ් කූල් (Liquid-cooled) බයික් නඩත්තු කිරීමේ වෙනස.

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    බයික් එකක Spark Plug එකේ පාට අනුව එන්ජිමේ තත්ත්වය (Health) නිවැරදිව හඳුනාගන්නේ කොහොමද

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Ceramic Coating සහ Graphene Coating අතර වෙනස

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Duplicate Parts සහ Genuine Parts වල වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    EGR මගින් සිදුවන සේවය

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    මොනවද මේ BENZ ලගෙ Camtronic.

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!