වාහන ලියාපදිංචි කිරීම ගැන හරියටම දැනුවත්ද?

time
මිනිත්තු 3 කියවීම
feature image

අපේ රටේ තියෙන එක ගැටළුවක් තමයි වාහන ලියාපදිංචිය කියන දේ. වාහනයක් ලියාපදිංචි කරන්නේ නැතුව නිත්‍යානුකූලව drive කරන්න වගේම ළඟ තියාගන්න බැහැ. ඒ නිසා තමන් ළඟ තියෙන වාහනය ලියාපදිංචි කර ගැනීම අනිවාර්ය දෙයක්. අපි පාරේ යනකොට එක එක විදිහේ numbers තියෙන number plates දකිනවා. ඒ වගේම තමයි එකම වාහනයෙත් වෙනස් number plate තියෙනවා. ඉතින් ඔයාලට ඒ ඇයි කියලා තේරුම් ගන්න බැහැ නේද? ඉතින් අද Motorguide අපි කියන්නේ වාහනයක් කොහොමද හරියටම ලියාපදිංචි කරගන්නේ කියලා.

Number plate මඟින් පෙන්නුම් කරන්නේ කුමක්ද ?

New law passed to not integrate province in number plate. වාහනයක UP කියලා number plate එකක් තියෙනවා නම් ඒ ඌව පළාත, WP කියලා number plate එකක් තියෙනවා නම් ඒ බස්නාහිර පළාත. ඉතින් අන්න ඒ විදිහට පළාත් 9යටම අදාළව english letters දෙකක් යොදා ගැනීම වාහන ලියාපදිංචියෙදී සිදු කරනවා. ඒත් කාලයත් එක්කම දකින්න තියෙන දෙයක් තමයි වාහන පළාත් අතර හුවමාරු වෙනකොට අනවශ්‍ය මුදලක් වැය වෙන එක. ඒ කියන්නේ WP කියලා number plate එකක් තියෙන වාහනයක් ඌව පළාත සඳහා අරගෙන ඇවිල්ලා ඌව පළාතේ UP කියලා ලියාපදිංචි කරලා තියෙනකොට දුම් සහතිකය ලබා ගන්න අපහසු වෙනවා. ඉතින් number plate මඟින් වෙන්නේ වාහනය ලියාපදිංචි කරලා තියෙන පළාත පෙන්නුම් කරන එක.

ලියාපදිංචි අංකය යනු ?

වාහනයක් හඳුනාගැනීමේ වැදගත්ම දෙයක් වෙන්නේ වාහනයේ ලියාපදිංචි අංකය. අපි ඕනේ කෙනෙක් හඳුනාගන්න නමක් භාවිතා කරනවා වගේ තමයි මේ වාහනයේ ලියාපදිංචි අංකය කියන දේත්. ඉතින් වාහනයේ ලියාපදිංචි අංකය තමයි ඒ වාහනයේ තනි අනන්‍ය අංකය වෙන්නේ.

ලියාපදිංචියට අදාළ නීති රීති

මෝටර් රථ ලියාපදිංචියට අදාළ වැදගත් නීති රීති දැක්වෙන්නේ මෝටර් රථ වාහන පනතේ පලවෙනි කොටසේ. එම පනතට අනුව ලියාපදිංචි නොකළ වාහනයක් සන්තකයේ තබා ගැනීම වරදක් වෙනවා. ඒත් විකිණීම සඳහා වාහන තියාගන්න එක වරදක් වෙන්නේ නැහැ. හැබැයි ඒ වාහන ප්‍රවාහන කරනවා නම් යම් අංකයක් ලබා ගන්න වෙනවා. ඒ අංකය තාවකාලිව ලබා දෙන අංකයක්. ඉතින් ඒ වගේ number plates රතු වර්ණයෙන් තමයි දකින්න පුළුවන්.

වාහනයක් ලියාපදිංචි කරන්න කලින් අංකයක් භාවිතා කරන්න ඕනෙද ?

යම් වාහනයක් ලියාපදිංචිය සඳහා මෝටර් රථ කොමසාරිස්ට බාර දීලා තියෙනවා නම්, ඒ බාර දීලා තියෙන කාලය තුළ ලියාපදිංචිය ලැබෙන තෙක් මෝටර් රථ කොමසාරිස්වරයාගෙන් අංකයක් ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවට ගෙන්වන ලද වාහනයක් රේගුවේ ඉඳලා යම් යම් පරික්ෂාවන්ට ගෙනියනකොට අංකයක් භාවිතා කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.

වාහනයක් ලියාපදිංචි කරන්නේ කොහොමද ?

ඔයා මෝටර් රථයක් ලියාපදිංචි කරනකොට ඒකට අදාළ ආකෘති පත්‍රය පුරවලා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට බාර දෙන්න ඕනේ. වාහනයක් ලියාපදිංචි කරන්නේ නැතුව ළඟ තියාගන්න එක දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ නිසා තමන් ළඟ තියෙන වාහනය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙත ඉදිරිපත් කරලා ලියාපදිංචි කරගන්න ඕනේ.

වාහනය ලියාපදිංචි කළා කියලා දැනගන්න ලැබෙන ලියකියවිලි මොනවාද ?

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවෙන් වාහනයක් ලියාපදිංචි කිරීමට අදාළ ලේඛනයක් දෙනවා. ඉස්සර නම් වාහනයක් ලියාපදිංචි කළාට පස්සේ දුන්නේ පොතක්. දැන් වාහනයක් ලියාපදිංචි කළාට පස්සේ ලැබෙන්නේ කොළයක්. වාහනයක් ලියාපදිංචි කළාට පස්සේ ලැබෙන කොළය හඳුන්වන්නේ වාහනයේ CR එක කියලා. ඉතින් මේ CR එකෙන් තමයි ඔයාගේ වාහනය ලියාපදිංචි කළා කියලා දැනගන්නේ. ඒකේ හරියට වාහනේ බාර wheel size එක class එක update වෙනවද කියලා ආනිවාර්යෙන්ම බැලිය යුතුමයි. මොකද සමහර වාහන, වාහන ඛාණ්ඩ එක්ක overlap වෙනවා.

මේ විදිහට තමයි වාහනයක් ලියාපදිංචි කිරීම සිදු වෙන්නේ. ඉතින් වාහනයක් ලියාපදිංචි කරන්නේ නැතුව ළඟ තියාගන්න එක නීතියෙන් දඬුවම් ලබන්න පුළුවන් වරදක්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Kia EV5 Long Range 2026

    SUV

    රු 34.5M - 42M

  • Mazda CX-60 2.5 AWD 2025

    SUV

    රු 38M - 44.5M

  • Mazda BT-50 2025

    Pickup

    රු 22M - 24.5M

  • Mazda CX-5 Grade R 2.0L 2025

    SUV

    රු 26.5M - 29.5M

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!