ලීසිං සමාගමක් තෝරා ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු

time
මිනිත්තු 4 කියවීම
feature image

අද වෙද්දි හැමෝම ගෙවන්නේ, busy life එකක්. ඒකට හේතුව සල්ලි. ඉතින් දහසකුත් බලාපොරොත්තු තියාගෙන මහන්සි වෙලා හොයන මේ සල්ලි වලින් වාහනයක් ගන්නවා කියන්නේ, ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහර විට, අතේ තියෙන මුදල හිතේ තියෙන වාහනය මිලදී ගන්න මදි වෙන්න පුළුවන්.

එහෙම වෙලාවට ඉතින් ලීසිං සාමාගමක පිහිට තමයි. හැබැයි තියෙන හදිස්සියට ලීසිං සමාගමක් තෝරගන්න නම් යන්න එපා. මොකද අන්තිමේදි ලීසිං සමාගමට ගෙවන්නෙත් ඔබ මහන්සියෙන් හොයන සල්ලිනෙ. ඉතින් MotorGuide අපි හිතුවා, අමාරුවේ වැටෙන්නේ නැතුව, ලීසිං සමාගමක් තෝරාගන්න හරිම විදිහ ගැන අද ඔබව දැනුවත් කරන්න.

අතීත තොරතුරු හොයලා බලන්න

ඔබ මුලින්ම කරන්න ඕනෙ, ලීස් එක දාන්න හිතන ලීසිං ආයතනය ගැන විස්තර හොයලා බලන එක. අදාළ ආයතනය ගැන අතීත තොරතුරු ඒ කියන්නේ, ඔවුන්ගේ reputation එක, service එක කියන දේවල් ගැන හොයලා බලන්න. ඒ වගේම තියෙන branches ප්‍රමාණය, ගනුදෙනු කාලය, payment methods වගේ දේවල් ගැනත් සැළකිලිමත් වෙන්න ඕනෙ.

සමහර විට, ඔබ තෝරාගන්න ආයතනයේ තියෙන්නේ, branches දෙක තුනක් විතරක් වෙන්න පුළුවන්. එහෙම වුණොත්, ඔබට ලීසිං වාරිකය ගෙවන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා.

ඒ වගේම තවත් ආයතන විසින් සපයන අමතර සේවා ගැනත් හොයලා බලන්න අමතක කරන්න එපා. මොකද සමහර ආයතන free insurance package වගේ අමතර පහසුකම් ලබා දෙන නිසා.

මහ බැංකුව මඟින් නියාමනය කෙරෙන සමාගමක්ද?

ඔබ ගනුදෙනු කරන්නේ, මහ බැංකුවේ ලියාපදිංචි කළ ආයතනයක් සමඟ නම්, ඒ තුළින් ඔබේ ලීස් එකට යම් ආරක්ෂාවක් ලැබෙනවා. මොකද ඒ ආයතනය, මහ බැංකුවේ අධීක්ෂණ ක්‍රියාවලියට යටත් වෙන නිසා. හැබැයි හදිස්සියේ හරි ඔබ තෝරාගන්නේ, මහ බැංකුවේ ලියාපදිංචි නොකළ ආයතනයක් නම්, ඔබට යම් අසාධාරණයක් සිදු වුණොත්, ගොඩක් වෙලාවට ඒ වගකීමත් ඔබටම භාර ගන්න වෙනවා.

පොලී අනුපාතය ගැන සැළකිලිමත්ද?

ඔබ ලබා ගන්න ලීස් එකට අදාළව පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබට මේ පොලී අනුපාතය ගැන අවබෝධයක් තියෙන එක ගොඩක් වැදගත්. කාලෙන් කාලෙට මේ ලීසිං වලට අදාළ පොලිය, මහ බැංකුව විසින් වෙනස් කරනවා. හැබැයි මේ විදිහට පොලී අනුපාතය වෙනස් වෙන එකට ප්‍රතිචාර දක්වන්නේ, මහ බැංකුවේ ලියාපදිංචි ආයතන විතරයි. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම හොයලා බලන්න, market එකේ යන පොලී අනුපාතය සහ ලීසිං ආයතනයේ යන පොලී අනුපාතය සමාන හෝ ඊට ආසන්න අගයක තියෙනවද කියලා. නැත්නම් ඔබට ගිනි පොලියට ලීසිං දාගෙන හැමදාම දුක් විඳින්න සිද්ධ වෙනවා.

අමතර ගාස්තු හා සැඟවුණු ගාස්තු තියෙනවද?

සමහර විට, ඔබ ගන්න ලීස් එකට, තවත් අමතර ගාස්තු හා සැඟවුණු ගාස්තු එකතු වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ඔබට තවත් ලොකු වියදමක්. ඒ නිසා, ඔබ ලීසිං සමාගමක් තෝරාගන්න කලින්, අදාළ ලීසිං නියෝජිතයන්ගෙන් අහලා මේ ගැන හරියටම දැන ගන්න. එතකොට ඔබටත් කිසිම ප්‍රශ්නයක් නැතුව හරියටම ලීස් එක දාගන්න පුළුවන්.

කල්බදු මූල්‍යකරණ පනත

මේ කල්බදු මූල්‍යකරණ පනතට අනුව තමයි, ලීසිං සම්බන්ධ අදාළ නීතිමය තත්වයන් දක්වලා තියෙන්නේ. ලීස් එක ගන්න කෙනාට වගේම, ලීස් එක ලබා දෙන ලීසිං සමාගමටත් අදාළ නීතිමය තත්වයන්, ඒ ඒ අයට අදාළ යුතුකම්, වගකීම්, අයිතිවාසිකම් මොනවද කියන දේවල් මේ පනතට පැහැදිලිව ඇතුළත් කරලා තියෙනවා.

ඕනම කෙනෙක්ට හිතෙන හිතෙන විදිහට ලීසිං සමාගම් දාන්න බැහැ. මේ පනතෙ තියෙන සුදුසුකම් සපුරලා, නියමිත පරිදි අවසර ලබාගෙන පවත්වාගෙන යන ආයතනයක් වෙන්න ඕනෙ. ඒ නිසා, ඔබත් ලීස් එකක් දානකොට, එහෙන් මෙහෙන් කියන කතා අහලා, තොරතුරු හොයන්නේ නැතුව ලීසිං company එකක් තෝරාගන්න යන්න එපා. අනිවාර්යයෙන්ම මේ කල්බදු පනත යටතේ ලියාපදිංචි වුණු නැත්නම්, කල්බදු මූල්‍ය සේවාවන් සපයන්න පුළුවන් අයිතියක් තියෙන ආයතනයක් එක්ක ගනුදෙනු කරන්න. මොකද ඒ වගේ ආයතනයක් අනිවාර්යයෙන්ම මේ කියන නීතිරීති වලට අනුව කටයුතු කරන නිසා, ඔබට ඉදිරියේදි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

කල්බදු ගිවිසුම කියන්නේ මොකක්ද?

කල්බදු පනතෙ කියන විදිහට සරලව ගත්තොත්, ආර්ථික වටිනාකමක් තියෙන භාණ්ඩයක සන්තකය ලබා ගැනීම සඳහා ඇති කරන ගිවිසුමක් තමයි කල්බදු ගිවිසුම කියන්නේ.

ලීස් එකක් ගන්න කෙනෙක්ට නැත්නම්, කල්බදු මූල්‍ය පහසුකමක් ගන්න කෙනෙක්ට තියෙන අයිතිවාසිකම් මේ කල්බදු මූල්‍යකරණ පනතේ දක්වලා තියෙනවා. උදාහරණයක් විදිහට, 'ලීස් එක ගන්නේ මොන කම්පැනියෙන්ද, ගන්න වාහනේ මොකක්ද?' මේ කියන දේවල් තීරණය කරන්න අයිතිය ලීසිං පහසුකම ලබා ගන්න කෙනාට තියෙනවා. ඒක මේ පනත යටතේ ලීසිං පහසුකම ලබා ගන්න පුද්ගලයාට තියෙන අයිතියක්. ඊළඟට මේ ගිවිසුමේ තියෙන කොන්දේසි අදාළ ලීසිං සමාගම හිතෙන හිතෙන විදිහට වෙනස් කරනවා නම්, ඒකට විරුද්ධ වෙන්නත් ලීසිං පහසුකම ලබන කෙනාට පුළුවන්.

ඒ වගේම ලීසිං company එකට තියෙන අයිතිවාසිකම් ගැනත් මේ පනතේ දක්වලා තියෙනවා. අදාළ වාහනයේ නඩත්තුව නිසි පරිදි කරගෙන යනවද කියලා බලන්න සමාගමට පුළුවන්. ඒ වගේම ලීසිං පහසුකම ලබා ගන්න කෙනා, ගිවිසුමේ තියෙන විදිහට වාරික ගෙවීම පැහැර හැරියොත්, ලීසිං සමාගමට පුළුවන්, ඒ ගිවිසුම අහෝසි කරලා වාහනයේ සන්තකය තමන්ට ලබා ගන්න.

සමහර විට, මීට කලින් ඔබ මේ කරුණු ගැන දැනගෙන හිටියේ නැතුව ඇති. හැබැයි ඉතින් දැන් නම් ඔබට හිතේ බයක් නැතුව, හරිම ලීසිං සමාගම තෝරාගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි අද කියපු දේවල් මතක තියාගන්න. එතකොට ඔබට පුළුවන්, මහන්සි වෙලා හම්බ කරන සල්ලි, ගඟට කපපු ඉනි වගේ නාස්ති කර ගන්නේ නැතුව, ලීස් කරලා වාහනයක් ගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!