ඔබට හරියටම ගැළපෙන වාහනය තෝරාගන්නේ මෙහෙමයි

time
මිනිත්තු 3 කියවීම
feature image

ඔයා වාහනයක් අලුතින්ම මිලදී ගන්න ඉන්න කෙනෙක් නම් කොහොමද හරියටම ගැළපෙන වාහනය තෝරාගන්නේ කියන එක ඔයාට ප්‍රශ්නයක් වෙලා ඇති. ඉතින් ඔයා වාහනයක් මිලදී ගන්නකොට ඒ වාහනය හොඳ තත්ත්වයේ තියෙනවද බලනවා වගේම ඔයාගේ ළඟ තියෙන මුදලට සරිලන විදිහට වාහනයක් බලන්න ඕනේ. ඒ වගේම අලුත් වාහනයක් මිලදී ගන්නවද නැත්නම් second hand වාහනයක් මිලදී ගන්නවද කියන දේ ගැනත් සැළකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අද Motorguide තුළින් කතා කරන්නේ ඔයාට හරියටම ගැලපෙන වාහනය තෝරාගන්නේ කොහොමද කියන එක ගැන.

අවශ්‍යතා ගැන බලන්න

ඔයා වාහනය ගන්නේ එදිනෙදා වැඩ කටයුතු වලටද නැත්නම් දෛනික රාජකාරි වැඩ කටයුතු වලටද කියන එක තීරණය කරන්න ඕනේ. මොකද ඔයාගේ අවශ්‍යතාවය අනුව තමයි වාහනයක් තෝරාගන්න ඕනේ.

Budget එක හදාගන්න

ඔයා වාහනයක් ගන්න කලින් ඔයාගේ ළඟ තියෙන මුදලට ගැළපෙන විදිහට ඔයා කොහොමද වාහනයක් මිලදී ගන්නේ කියන එක බලන්න ඕනේ. ඒ වගේම ඔයාට ගෙවාගෙන යන්න පුළුවන් කොහොමද, ඔයා බැංකු ණයක් ගන්නවා නම් එකේ පොළිය ලීසිං එකක් ගන්නවා නම් එකේ පොළිය ගැනත් බලන්න. ඒ නිසා ඔයා මුලින්ම ඔයාට හරියන්නේ මොන වගේ budget එකක වාහනයක්ද කියලා තේරුම්ගන්න ඕනේ.

කුමන ආකාරයටද මිලදී ගන්නේ කියන දේ ගැන බලන්න

ඔයා වාහනයක් මිලදී ගන්නේ ලීසිං ක්‍රමයටද එහෙමත් නැත්නම් එකපාරම වාහනයක් මිලදී ගන්නවද කියන දේ තීරණය කරන්න. ඉතින් ඔයා ලීසිං ක්‍රමයට ගත්තත් එකපාරම මිලදී ගත්තත් මේ දෙකේම වාසි වගේම අවාසිත් තියෙනවා. ලීසිං සඳහා සුළු මුදලක් හෝ අඩු මුදලක් අවශ්‍ය වන අතර අඩු මාසික ගෙවීම් ලබා දෙනවා. ඒ වගේම වාහනය එකපාර මිලදී ගැනීම මුලින් මිල අධික වන අතර මාසික ගෙවීම් වැඩි වෙනවා.

සෑම වාහනයක් ගැනම අවධානය යොමු කරන්න

ඔයා දැනටමත් ඔයා ගන්න වාහනය මොකක්ද කියලා තීරණය කරලා ඉවරද? ඒත් වර්තමානය වෙනකොට දිනෙන් දින වෙනස් වන වෙළඳපොළ තුළ අලුත් වාහන සෑම විටම ප්‍රදර්ශනාගාර වෙත පැමිණෙනවා. ඉතින් ඒ අතරින් ඔයා කවදාවත් හිතුවේ නැති වාහනයක් ඔයාට match වෙන්න පුළුවන්. ඒ නිසා හැම වාහනයක්‌ ගැනම අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

විකිණීමට ඇති වාහන ගැන හොයන්න

ඔයා වාහනයක් ගන්න කලින් කරන්න ඕනේ තව දෙයක් තමයි විකුණන්න තියෙන වාහන ගැනත් අවධානය දෙන්න. ඉතින් ඒ වාහන අතරිනුත් ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන වාහනයක් තියෙනවද කියන එක බලන්න.

Test drive එකක් හදා ගන්න

ඔයාට ඔයාගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන වාහනයක් හම්බුනොත් ඔයා ඊළඟට කරන්න ඕනේ ඒ වාහනය check කරලා බලන එක. ඒ සඳහා ඔයාට වාහන අලෙවි නියෝජිතයා සමඟ කතා කරලා දිනයක් සහ වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. ඉතින් එහෙම ඔයා drive කරද්දී විවිධ ශබ්ද ඇහෙනවාද, brake හරියට වැඩ කරනවද කියලත් බලන්න. ඒ විදිහට වාහනයේ හැම option එකක්ම හරියට වැඩ කරනවද කියලා බලන්න ඕනේ.

වාහනය තෝරාගන්න

ඔයා වාහන කීපයක්ම check කළාට පස්සේ ඔයාට පුළුවන් සුදුසුම ඔයාගේ අවශ්‍යතාවන්ට ගැළපෙන වාහනය තෝරාගන්න.

මෙන්න මේ දේවල් තමයි ඔයා ඔයාට හරියටම ගැළපෙන වාහනය තෝරාගන්න කරන්න ඕනේ. ඉතින් ඔයා අලුතින්ම වාහනයක් ගන්න ඉන්න කෙනෙක් නම් අද Motorguide අපි කියපු දේවල් ගැන සැළකිලිමත් වෙන්න මතක තියාගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!