වාහනයක් නිත්‍යානුකුලව modify කරන්නේ කොහොමද?

time
මිනිත්තු 3 කියවීම
feature image

හැමෝම කියන විදියට ඇත්තටම වාහනයක් කියන්නෙ, අපිට තියෙන හීනයක් විතරමද? නැහැ. වාහනයක් හැමෝගෙම ආරක්ෂාව තහවුරු කරන්න ඕනෙ. හැබැයි modification කරන එකෙන් ඒ කියන ආරක්ෂාව තහවුරු වෙනවද? එක පැත්තකින් modification කියන්නෙ Art එකක්. අනෙක් පැත්තෙන් modifications වලට science එකක් තියෙනවා. ඒ වගේම සමහරු modification ගැන හිතෙන හිතෙන කතා කියනවා. ඇත්තටම වාහනයක් modification කරන එක අනිත් අයට ප්‍රශ්නයක්ද? වාහනයක් modification කරන්න, නීතියෙන් අවසර ඕනෙද? Modification ගැන ඔබට තියෙන ප්‍රශ්න වලට හරිම උත්තරේ අද MotorGuide තුළින් අපි ඔබට කියනවා.

වාහනයක සිදු කළ හැකි modifications මොනවද?

වාහනයක සිදු කළ හැකි modifications ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි, External modifications සහ Internal modifications. මේ modifications දෙක යටතේ තමයි, වාහනයේ උපරිම performance ගැනීමට සහ, වාහනයේ look එක change කිරීමට හැම වෙනසක්ම කරන්නෙ. අපි මුලින්ම බලමු, වාහනයේ උපරිම performance ගැනීමට සහ look එක change කිරීමට වාහනය තුළ සහ පිටත සිදු කරන්න පුළුවන් modifications කිහිපයක්.

  • Engine or mechanical modifications
  • Bodywork modifications
  • Wheels and alloys upgrades
  • Cosmetic changes
  • Number plates
  • Exhaust modifications
  • Sound & entertainment upgrades

වාහනය modification කිරීමෙන් ලැබෙන වාසි

අමතර ආරක්ෂාව

ඔබ වාහනයට එකතු කරන අමතර විශේෂාංග වලින් ඔබේ වාහනයට හානි වීමකදී හෝ බිඳ වැටීමකදී ඇති වන බලපෑම අඩු කරනවා. එමඟින් අමතර ස්ථාවරත්වයක් වාහනයට ලැබෙනවා.

වැඩිදියුණු කළ පෙනුම

මුලින්ම හැමෝගෙම ඇස් යන්නෙ වාහනේ body එකට. ඒ නිසා modification වලින් ඔබේ වාහනයට අලුත් පෙනුමක් ලබාගන්න පුළුවන්.

Modifications වලින් වාහනයට මොනවා හරි වෙයිද?

ඕනෙම වාහනයක් හදලා තියෙන්නෙ, යම් කිසි මූලාකෘතියකට අනුව. ඔබ වාහනයේ උපරිම performance බලාපොරොත්තුවෙන් කරන සමහර modifications වලින් කරන්නෙ ඒ සම්පූර්ණ ආකෘතියම වෙනස් කරන එක. ඉතින් ඒ වෙනස් වීම, ඇත්තටම වාහනයට එක එක විදියට බලපානවා. හැබැයි වාහනයේ look එක change කිරීමට, ඔබ සිදු කරන modifications වලින් එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නෑ.

Performance type modifications වලින් වාහනයට වන බලපෑම්

  • විශාල එන්ජිමකට upgrade කිරීම, වාහනයක් වේගයෙන් ධාවනය කරන අතර අනතුරකට පත් වීමේ ඉඩකඩ වැඩි කරනවා.
  • Fuel efficiency එක අඩු කරනවා.
  • Aerodynamic වලට කෙළින්ම බලපෑම් ඇති කරනවා.

වාහනයක් modify කරන්න නීතියෙන් අවසර ඕනෙමද?

සමහරු කියනවා වාහනයක් modify කරන්න, නීතියෙන් අවසර ඕනෙ කියලා. තවත් සමහරු කියනවා වාහනයක් modify කරන්න නීතියෙන් අවසර අවශ්‍ය නෑ කියලා. කවුරු කිව්වත් මේ දෙකම ඇත්ත. සමහර modification කරන්න නීතියෙන් අවසර ඕන්නෑ, හැබැයි සමහර modification කරන්න නීතියෙන් අවසර ඕනෙ. දැන් අපි බලමු, නීතියෙන් තොරව වගේම නීතියේ අවසර ඇතුව කරන්න පුළුවන් modifications මොනවද කියලා.

නීතියක් නැති modification

වාහනයක look එක change කිරීමට සිදු කරන modification තමයි මේ යටතට වැටෙන්නෙ. වාහන අලංකාර කිරීමට කරන චිත්‍ර ඇඳීම, seat covers දැමීම, floor mats වෙනස් කිරීම වගේ දේවල් කරන්න පූර්ව අවසරයක් ඔබට හිමි වෙනවා. මේ වගේ දේවල් වලින් වාහනේ යන අයටවත්, පාරේ යන එන අයටවත් හානියක් හෝ අනතුරක් නැති නිසා මේ වගේ modifications වලට විශේෂ අවසරයක් තිබීම අනවශ්‍යයි. සමහරු කියන්නෙ, මේ දේවල් කරන්න බැහැ කියලා. නමුත් මේ හැමදේම නීත්‍යානුකූලයි. ඒ නිසා ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වාහනේ look එක වෙනස් කරන්න, ලස්සන කරන්න ඔබට කිසිම තහනමක් නෑ.

ඒ වගේම ධාවනයට හෝ මගීන්ට හානියක් නොවන අංග උපාංග වාහන වලට සවි කළා කියලා කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ වගේ කාටවත් අනතුරක් ඇති නොවෙන modification කරන්න ඔබට ඕනෙ තරම් නිදහස තියෙනවා.

නීතියට කරන්න ඕනෙ modification

මේ යටතට වැටෙන්නෙ, වාහනයක උපරිම performance ගන්න කියලා කරන modification. යම් ප්‍රමාණයකට හෝ ධාවනයට, මගීන්ට හානියක්, අනතුරක් ඇති කොටස් වලට අවසර ලැබෙන්නෑ.

උදාහරණයක් විදියට engine or mechanical modifications වලදි විශාල එන්ජිමකට මාරු කිරීම නිසා වාහනය වේගයෙන් ධාවනය වෙනවා. මේකෙදි අනතුරකට පත් වීමේ ඉඩ ගොඩාක් වැඩියි. ඒ නිසා එහිදී අනිවාර්යයෙන්ම නීතියෙන් අවසර ගන්න ඕනෙ.

ඉතින් ඔබත් ඔබේ වාහනේ modify කළාට කමක් නෑ. හැබැයි ඒකෙන් ඔබට හෝ පාරෙ යන එන අයට හෝ පුංචිම හරි හානියක්, අනතුරක් ඇති වෙනවා නම්, ඒ modification එක කරන්න එපා. ඒක තමයි ඔබේත්, වාහනයේත්, අන් අයගෙත් ආරක්ෂාවට තියෙන හොඳම සහතිකය.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ RAYS Engineering සමාගම නිෂ්පාදනය කරන TE37 රෝදය

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!