වාහනයක් ගැනීමේදී පවතින නීතිමය තත්වය

time
මිනිත්තු 3 කියවීම
feature image

අපි වාහනයක් ගන්නකොට වැඩිපුරම අවධානය යොමු කරන්නේ වාහනයේ මිල ගැන. මේ කාලේ වාහනයක් ගන්නවා කියන එක ගොඩක් අමාරු වැඩක්. ඒත් වාහනය අඩු ගාණකට අරන් පස්සේ වාහනයේ නීතිමය තත්වයේ බලපෑම නිසා ඔයාට ගොඩක් මුදල් වියදම් වෙනවා වගේම මහන්සිත් වෙන්න වෙනවා. ඒ නිසා ඔයා වාහනයක් ගන්නකොට වාහනය ගැනීමේදී පවතින නීතිමය තත්වය ගැන දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අද Motorguide තුළින් අපි කියන්නේ වාහනයක් ගැනීමේදී පවතින නීතිමය තත්වය ගැනයි.

වාහනයක් මිලදී ගැනීමේදී සළකා බැලිය යුතු කරුණු

වාහනයක් මිලදී ගන්නකොට ඒ වාහනය ගමන් කරල තියෙන සැතපුම් ප්‍රමාණය පරික්ෂා කිරීම අත්‍යවශ්‍ය දෙයක්. මොකද එමඟින් වාහනය කොතරම් දුරට ගෙවිලද කියල අදහසක් ඔයාට ලබා ගන්න පුළුවන්. වැඩි සැතපුම් සහිත වාහනයක අඩු සැතපුම් සහිත මෝටර් රථයකට වඩා වාහනයේ එහි engine එක සහ තවත් ප්‍රධාන උපාංග වැඩිපුර ගෙවිලා තියෙනවා. මීට අමතරව වාහනයක් ගන්නකොට ඒ වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාව, වාහනයේ ගමන් කරන අයගේ safety එක සහ price එක ගැන හිතන්න ඕනේ.

වාහනයේ සියලුම කොටස් ගැන සැළකිලිමත්ද?

වාහනයක් මිල දී ගැනීමේදී පවතින ලොකුම ගැටලුව තමයි වාහනයේ condition එක කියන්නේ. ඔයා වාහනයක් මිලදී ගන්නකොට වාහනයේ ඇතුළත තත්වය නොදැන සිටීම ලොකු ප්‍රශ්නයක්. වාහනයේ පිටත පෙනුම ලස්සන හා ආකර්ෂණීය පෙනුමක් තිබුණත් engine එකේ සහ වාහනයේ අනෙකුත් ප්‍රධාන කොටස්වල තත්ත්වය හොදින් තියෙනවද කියලා ඔයා දන්නේ නැහැ. මේ වගේ වාහනයක් මිලදී ගත්තොත් ඔයාට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා.

වාහනයක් ගැනීමේදී පවතින නීතිමය තත්වය

වාහනයක වැදගත් කරුණු සියල්ල ඇතුළත් වෙලා තියෙන්නේ වාහනයේ ලියාපදිංචි සහතිකයේ. ලියාපදිංචි සහතිකයේ තියෙන වැදගත්ම කාරණා දෙක තමයි වාහනයේ චැසි අංකය සහ engine අංකය කියන්නේ. අපි වාහනයක් ගද්දි මුලින්ම කරන්න ඕනේ ලියාපදිංචි සහතිකයේ තියෙන චැසි අංකය සහ engine අංකය වාහනයේ තියෙන චැසි අංකය සහ engine අංකය ගැළපෙනවද කියල බලන එක. මොකද ඔයාට සමහර වෙලාවට ලියාපදිංචි සහතිකයට අදාළ නොවන වෙනත් වාහනයක් ලබා දෙන්න පුළුවන්. චැසි අංකය කියන්නේ වාහනයක් නිෂ්පාදනය කිරීමේදී එයට පවරා ඇති වාහනය හඳුනාගැනීමේ අංකයයි. චැසි අංකය මෝටර් රථ රාමුවේ දක්වලා තියෙනවා.

වාහනයක් පැවරීම

mta 6 සහ mta 8 කියන ආකෘති පත්‍ර 2 මගින් තමයි වාහනයක් පැවරීම සිදු කරන්නේ. මේ පත්‍රයේ ගැණුම්කරුගේ විස්තර, ගැනුම්කරුගේ අත්සන, වාහනයේ අයිතිකරුගේ විස්තර සහ ඔහුගේ අත්සන වගේ තවත් කාරණා කීපයක් පුරවන්න තියෙනවා. වාහනයක් විකුණූ පසු දින 14ක් ඇතුළත වාහනය විකුණූ පුද්ගලයා වාහනය විකුණු බව දන්වා ආකෘති පත්‍රයක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට යොමු කරන්න ඕනේ. ඒ වගේම වාහනය මිලදී ගත් පුද්ගලයා වාහනය මිලදී ගත් දිනේ සිට දින 14ක් ඇතුළත් ඔහුගේ නමට වාහනය ලියාපදිංචි කරන්න ඕනේ.

රක්ෂණ හිමිකම් ලැබෙන හැටි

තමන්ගේ නමට වාහනය ලියාපදිංචි කරලා නැත්නම් වාහනය මිල දී ගත් පුද්ගලයා වාහනයේදී අනතුරකට පත් වුණොත් ඔහුට රක්ෂණ හිමිකම් ලබා ගන්නට හැකි වෙන්නේ නැහැ. එතකොට ඔහුට සිදු වෙනවා වාහනයේ පෙර අයිතිකරුව සොයා ගන්න. පසුව මිලදී ගත් පුද්ගලයා තමන්ගේ නමට වාහනය පවරා ගන්න කොට පෙර අයිතිකරු නැති වුණොත් ඔහුට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා වාහනය මිලදී ගෙන දින 14ක් ඇතුලත් වාහනය තමන්ගේ නමට ලියාපදිංචි කරගැනීම අනිවාර්ය කාරණාවක්.

ඉතින් මේ තමයි වාහනයක් ගැනීමේදී පවතින නීතිමය තත්වය. වාහනයක් මිල දී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට මේ දේවල් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔයා වාහනයක් ගන්න කලින් අපි කියපු දේවල් ගැන හොදින් සැළකිලිමත් වෙන්න ඕනේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!