වාහනය modify කිරීමෙන්, value එක වැඩි වෙනවාද? අඩු වෙනවාද?

time
මිනිත්තු 3 කියවීම
feature image

"වාහන කියන්නේ අද වෙනකොට ගොඩක් මිල අධික දෙයක්. වාහනයක් modify කරනවා කියන්නේ අපි ඒක අපිට කැමති විදිහට ලස්සනට හදා ගන්නවා කියන එක. Customize කරපු වාහනයක් ගන්න නම් ලොකු ගාණක් යනවා. ඒ වගේම සමහරක් වෙලාවට අපි කැමතියි sporty look එකක් තියෙන වාහනයකට. ඒ වගේ වාහනයක් ගන්නත් ලොකු මුදලක් ඕනේ. ඉතින් අපිට කරන්න තියෙන්නේ සාමාන්‍ය වෙළදපොලේ තියෙන වාහනයක් අරගෙන කැමති විදිහට modification කරගන්න එක. ඉතින් ඒ විදිහට අපි modify කළාට පස්සේ අපේ අවශ්‍යතාවයන් නිසා සමහරක් විට වාහනය විකුණන්න ඉඩ තියෙනවා. අද Motorguide අපි කියන්න හදන්නේ එහෙම වාහනයක් modify කරන එක ගැණුම්කරුට බලපාන්නේ කොහොමද ඒ වගේම වාහනය modify කිරීමෙන් value එක වැඩි වෙනවද අඩු වෙනවද කියලා. ඉතින් මේ දේ වාහනය modify කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වගේම modify කරපු වාහනයක් මිලදී ගන්න ඉන්න අයටත් ගොඩක් වැදගත් වෙයි.

Performance modifications ගැන බලන්න

වාහනයේ performance වැඩි කරන modifications වාහනයේ වටිනාකම වැඩි කරනවා. ඒත් ගැණුම්කරුවන් මෙම modifications නිසි ආකාරයට හරි components දාලාද හදලා තියෙන්නේ කියලා සැලකිලිමත් විය යුතුයි. modifications කරලා hard use කරලා නම් ගොඩක් වෙලාවට එන ලෙඩ හදාගන්න අමාරුයි. මොකද car එකේ stock configuration එකට වඩා වැඩි spec එකකට ඔබ tolerance එක push කරන නිසා, මේක මඟින් hard use කරලා තියෙනවා කියලා නිගමනය කරනවා. සමහර performance modifications තුළින් වාහනයේ service interval එක short වෙනවා ඉතින් ඒ නිසා ඔයාට වාහනය විකුණන එක තරමක් අපහසු කාර්යයක් වෙන්න පුළුවන්.

අලංකාරය වැඩි කරන modifications ගැන බලන්න

මේ මඟින් මෝටර් රථය කැපී පෙනෙනවා වගේම වාහනය ගැණුම්කරුවෙක්ට දෙන්න පුළුවන් හැකියාවත් වැඩියි. ඒත් කෙනාගේ කැමැත්ත එක්ක මේ දේ වෙනස් වෙන්න පුළුවන්. එක්කෙනෙක්ට මේ දේ සිත් ඇඳ ගන්නා සුළු modification එකක් වුණත් තවත් කෙනෙකුට එය සිත් ඇඳ ගන්නා සුළු නොවෙන්න පුළුවන්.

Special needs Modifications ගැන බලන්න

ශාරීරික ආබාධ සහිත රියදුරන්ට පහසු වෙන විදිහට කරන ලද modifications තමයි special needs කියන්නේ , මේ විදිහට ආබාධයකට ලක් වුණු කෙනෙක්ගේ වාහනයක් සාමාන්‍ය ගැණුම්කරුවෙකුට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද වාහනයේ විකුණුම් වටිනාකමට නැවත බොහෝ දේ එකතු කරන්න බැරි නිසා. ඒත් අබාධයකට ලක් වුණු ගැණුම්කරුවෙකුට වාහනයේ වටිනාකම සැලකිය යුතු ලෙස වැඩි කරන්න මේ මඟින් හැකි වෙනවා. ඒ වුනාට අපි recommend කරන්නේ මේ වගේ modifications back to original revert කරන්න පුලුවන් විදහට කරන එක.

ගුණාත්මකභාවය ගැන බලන්න

Modifications වල ගුණාත්මකභාවය සහ Original product එක වාහනයේ වටිනාකමට බලපානවා. Original manufacturer හරි අලෙවියෙන් පස්සේ හොඳ කොටස් භාවිතයෙන් හොඳින් ක්‍රියාත්මක කරන ලද modifications වාහනයේ වටිනාකම වැඩි කරන්න වැඩි ඉඩක් තියෙනවා. ඒ වගේම ගුණාත්මකභාවය අඩු modifications වාහනයක තියෙන වටිනාකම අඩු කරන්නත් හේතුවක් වෙනවා.

Financing ගැන බලන්න

ඔයා අවධානය දෙන්න ඕනේ තවත් වැදගත් දෙයක් වෙන්නේ financing. ඉතින් සමහර මුල්‍ය ආයතන නවීකරණය කරන ලද වාහන සඳහා වාහන ණය ලබා දීමට අකමැති වෙන්න පුළුවන්. ඉතින් ගැණුම්කරුට financing අවශ්‍ය නම් modifications මඟින් වාහනයක් විකිණීම අපහසු කාර්යයක් වෙන්න පුළුවන්.

මේ දේවල් තමයි වාහනයක් modify කරන එකෙන් වාහනයක value එක වැඩි වෙනවාද? අඩු වෙනවාද? කියලා තීර්ණය කරන්නේ. ඉතින් ඔයත් වාහනය modify කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න දැන් ඔයාටත් පුළුවන්."

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Safety එක වැඩි කරන After-Market Car Modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහනයේ ටයර් modify කරන්න කලින් මේ ගැනත් හිතන්න

    time
    මිනිත්තු 4 කියවීම
  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

  • Suzuki XL6 2025

    SUV

    රු 13.5M - 15.6M

  • Audi Q2 2025

    Luxury SUV

    රු 25M - 35M

  • Audi A8 2025

    Luxury Sedan

    රු 142M - 145M

  • Mercedes-Benz G 450 d 2025

    Luxury SUV

    රු 43M - 50M

  • Hyundai Accent 2025

    Sedan

    රු 18M - 21M

  • Peugeot 2008 GT 2025

    Compact SUV

    රු 31M - 36.5M

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!